බස්නාහිර සුපර් මාර්කට් අලුත් වෙයි | Page 2 | සිළුමිණ

බස්නාහිර සුපර් මාර්කට් අලුත් වෙයි

බස්නාහිර පළාතේ ප්‍රධාන නගර මධ්‍යයේ පිහිටි සියලු පොදු වෙළෙඳ සංකීර්ණ නවීකරණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සූදානම් වෙයි.

ඒ අනුව කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, නුගේගොඩ, මහරගම, දෙහිවල, ගල්කිස්ස, මොරටුව හා කටුබැද්ද යන නගරවල දැනට ගරා වැටෙමින් පවතින පොදු වෙළෙඳ සංකීර්ණ සියල්ලම නවීන අංග උපාංග සහිතව සියලු පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් අදාළ පළාත් පාලන ආයතන එක්වී ඇරැඹීමට කටයුතු යොදා ඇතැයි බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මේ අනුව ඉහත ගොඩනැඟිලි සියල්ලම වර්තමාන අවශ්‍යතාවට ගැළපෙන පරිදි වාණිජ ඉඩකඩ සපුරාලීම සඳහා වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා තිබේ. 

Comments