සිහිනය සැබෑකර ගත් තිසර | Page 2 | සිළුමිණ

සිහිනය සැබෑකර ගත් තිසර

පාකිස්තානය සමඟ පැවැත්වෙන 20 - 20 ජාත්‍යන්තර තරගමාලාවේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන තිසර පෙරේරාට හිමි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද ලාහෝර්හිදී ශ්‍රී ලංකා පාකිස්තාන් තෙවැනි විස්සයි 20 තරගයට පිවිසෙයි. ප්‍රථම සහ දෙවැනි තරග අබුඩාබි නුවර පැවැත්විණි.

ඕනෑම ක්‍රීඩකයකුට සිහිනයක් තියෙනවා. ජාතික කණ්ඩායමේ නායකත්වය ගැන. මටත් ඒ වගේ ලොකු සිහිනයක් තිබුණා. මේ මගේ සිහිනය සැබෑවීමක්. තිසර පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පාකිස්තානයේ පැවැත්වෙන තෙවැනි විස්සයි 20 තරගයට ක්‍රීඩා කිරීමට අකැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ තරගාවලිය සඳහා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිලක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

28 හැවිරිදි තිසර ඒ අනුව 20 - 20 ජාත්‍යන්තර තරගවල නවවැනි ශ්‍රී ලංකා නායකයාත් වනු ඇත. වමත් පිතිකරුවකු සහ දකුණතින් මද වේග පන්දු යවන්නකු ලෙසට තිසර ජාත්‍යන්තර 20 - 20 තරගවලට සහභාගි වන්නේ 2010 වසරේ සිටය. එහිදී ඔහුගේ දස්කම් තරග 60, ලකුණු 761, කඩුලු 42, උඩපන්දු 19 කි.

Comments