මාස් හෝල්ඩිංස් කිරුළ දරයි | සිළුමිණ

මාස් හෝල්ඩිංස් කිරුළ දරයි

තිස්හතරවැනි වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේ ජය හිමිකර ගැනීමට මාස් හොල්ඩිංස් සමත් විය. තරගාවලිය දියගමදී පැවැත්විණි.

දිවයිනේ ප්‍රකට වෙළෙඳ ආයතන පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙවර තරගාවලියට එක්විය. ලාංකේය ආර්ථිකයට සිය ශ්‍රමය වැය කරන සේවක සේවිකාවන්ගේ මානසික සුවය සහ නිරෝගිභාවය පෙරදැරි කරගෙන මෙම ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙයි.

මාස් හෝල්ඩිංස්, ශ්‍රී ලංකා ටෙලිකොම්, සම්පත් බැංකුව, එයාර් ලයන්ස් මෙවර තරගාවලියේ ඉදිරියෙන් සිටීමට සමත් විය.

Comments