
අපේ රට සියලු ක්ෂේත්‍රවලින් තිරසර ලෙස සංවර්ධනය කිරීම පිණිස හා අපේ රට ලොව දේශගුණ විපර්යාස සඳහා සූදානම් කිරීම පිණිස ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අදහසක් අනුව ක්‍රියාත්මක ‘නීල හරිත යුගයක්’ (SRI LANKA NEXT) වැඩසටහනේ දෙවැනි පියවර හෙට (16 වැනිදා) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාවට නැංවේ.
අද අපේ රෙට් පළාත් හතරක වැසි තිබුණත් අන් පළාත් පහ පුරාම නියඟය තවමත් දරුණු ය. මෙයට හේතුව ලොව දේශගුණ විපර්යාස අපේ රටට බලපෑම බව විද්වත් මතයයි.
මිහිතලයේ ජීවත්වන සියලු ජීවීන්ගේ පැවැත්මට දේශගුණික විපර්යාසවල බලපෑම බෙහෙවින් බලපායි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වර්තමානයේ මුහුණ දෙන අභියෝග අතර ප්‍රමුඛත්වය ගනී. එයට මිනිසාගේ ක්‍රියාකාරකම් ඍජුවම හේතු වී ඇත. ක්‍රි.ව. 2050 වනවිට ලෝක ජනගහනය දැනට වඩාත් තවත් බිලියන 02 කින් වර්ධනය වේ යැයි ඇස්තමේන්තු කර ඇති බැවින්, තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා ඔවුන් විසින් ගනු ලබන උපාය මාර්ග හේතු කොට ගෙන ගෝලීය උෂ්ණත්වය තවදුරටත් ඉහළ යාම පාලනය කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් වී ඇත.
2015 නොවැම්බර් මස 30 වැනි දින සිට 2015 දෙසැම්බර් මස 11 වැනි දින දක්වා පැරිස් නුවර පැවැත්වුණ එක්සත් ජාතීන්ගේ ලෝක දේශගුණික විපර්යාස පිළිබඳව වූ ලෝක නායක සමුළුවේදී දේශගුණික වෙනස්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 21 වැනි සැසියේ දී) – (COP 21) වසර 2100 වනවිට ගෝලීය උණුසුම කාර්මිකකරණයට පෙර තිබූ අගයට වඩා සෙ.ග්‍රේඩ් අංශක 02 ට අඩු ප්‍රමාණයකින් ඉහළ යාම පාලනය කිරීමට කටයුතු කළ යුතු බවටත්, එය සෙ. ග්‍රේඩ් අංශක 15 ට අඩු ප්‍රමාණයකින් ඉහළ යාම පාලනය කිරීමට අවශ්‍ය සියලු ප්‍රයත්නයන් දැරීම වඩාත් උචිත බවත් තීරණය කරන ලදී.
ඒ අනුව ක්‍රියාකරමින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම සඳහා හැකි සෑම පියවරක් ම ගැනීම ඉහත සඳහන් සමුළුවේ සාමාජිකයෙක් වන, එමෙන් ම ස්වාභාවික විපත්වලට ගොදුරු වන දියුණුවන දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේද වගකීම වේ. මෑතකදී සිදු වූ ස්වාභාවික විපත්වලින් දිවයිනේ සාමාජීය, පාරිසරික, ආර්ථික හා සංවර්ධන කටයුතු කෙරෙහි වු බලපෑම හා එමඟින් සිදුවූ ජීවිත හානි හා ආර්ථික සම්පත්වලට සිදුවූ හානිය දිවයිනේ අනාගත පරපුරේ පැවැත්ම පිළිබඳ විවිධ ප්‍රශ්න මතු කරන්නක් බව සඳහන් කිරීම වටී.
මෙම සියලු අර්බුදwවලට ප්‍රධාන සාධකය වන්නේ මිනිසාගේ තිරසර නොවන නිෂ්පාදන හා පරිභෝජන රටාවය. ඒ හේතුවෙන් සිදුවන ප්‍රධාන පාරිසරික ගැටලු වන වායු දූෂණය, ජල දූෂණය සාගර දූෂණය, පාංශු දූෂණය හා පසෙහි සරුබව හීන වීම වැනි සාධක හේතු කොට ගෙන මානවයා ඇතුළු සියලු ජීවීන්ගේ හා ගහ කොළවල පැවැත්ම ද තර්ජනයකට ලක්වී ඇත. එබැවින් රටක සමාජ, ආර්ථික හා භෞතික සංවර්ධන උපාය මාර්ග හා දිශානතික නිවැරදි කර ගැනීම මතු පරපුරේ තිරසාර පැවැත්ම වෙනුවෙන් සිදු කළ යුතු මහඟු මෙහෙවරක් වනු ඇත. එබැවින් අනාගත ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය උදෙසා නීල හරිත සංවර්ධන උපාය මාර්ගික දිශානතියකට අනුගත වීම කාලීන අවශ්‍යතාවයකි. එමඟින් වඩාත් ඵලදායි ප්‍රශස්ත ජීවන තත්ත්වයන් ජනතාවට උරුමකර දෙමින් තිරසාර පැවැත්මක් ද වඩාත් සෞඛ්‍ය සම්පන්න හා සතුටින් පිරි ජනතාවගේ ද ඇති රටක් අනාගතයේ බිහි කළ හැකි ය. මේ සඳහා ශ්‍රී ලංකාව ‘නීල හරිත සංවර්ධන’ උපාය මාර්ගික ආකෘතියකට නැඹුරු විය යුතු වේ.
දේශගුණික විපර්යාසවල බලපෑම වර්තමානයේ මිනිසා ඇතුළු මිහිතලා වාසී සියලු ජීවීන් මුහුණපාන ප්‍රධාන අභියෝගයකි. යම් ස්ථානයක ඇති තත්ත්වයන් එනම් වර්ෂාව, උෂ්ණත්වය, සුළං වැනි සංසිද්ධිවල දිගුකාලීන සාමාන්‍ය දේශගුණය ලෙස හැඳින්වෙන අතර මෙම අංශයන්ගේ වෙනස්වීම දේශගුණික විපර්යාස ලෙස හැඳින්විය හැකි ය. හේතුව මිහිතල උණුසුම ඉහළ යාම හෙවත් හරිතාගාර ආවරණයයි. එනම් Co2 ඇතුළු හරිතාගාර වායු නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි. මිනිස් ක්‍රියාකාරකම් මේ සඳහා ඍජුව බලපා තිබේ. කාර්මිකකරණයට පෙර එනම් 1880 වනවිට වායුගෝලය කොටස් මිලියනයකට තිබූ Co2 කොටස් ප්‍රමාණය 280 ක් වන අතර එය මේ වනවිට 400 ක් දක්වා වැඩි වී තිෙබ්. ඒ අනුව මෙම සියවස අවසන් වීමට පෙර ගෝලීය උෂ්ණත්වය සෙ.අ. 2 කට වඩා වැඩිවීමට නියමිත බවට විද්‍යාඥයෝ අනතුරු හඟවති. උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් කඳු දියවීම, වර්ෂාපතන රටාවන් වෙනස්වීම, දිගුකාලීන නියං තත්ව, නාය යෑම් ජල ගැලීම් ආදී ව්‍යසන රැසකට මෙම තත්වය හේතු වේ.
මේ අනුව 2015 වසරේ පැරිස් නුවරදී එක්සත් ජාතීන්ගේ ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ වූ ලෝක නායක සමුළුවේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙ.අ. 2 කට අඩු ප්‍රමාණයකින් පවත්වාගත යුතු බව තීරණය කෙරිණි.
එබැවින් බලශක්ති නිෂ්පාදනය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය හා අනෙකුත් කර්මාන්තයන් ඇතුළු සියලු ක්ෂේත්‍රවල තිරසාර සංවර්ධනය නීලහරිත සංවර්ධන උපාය මාර්ගික දිශානතියකට අනුගත කිරීමේ උදාර අරමුණෙන් අතිගරු ජනාධිපතිතුමාගේ නිල හරිත සංකල්පයට අනුව මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනවල සංවිධානයෙන් SRI LANKA NEXT – 2017 ජාතික සම්මන්ත්‍රණයේ හා ප්‍රදර්ශනයේ දෙවන පියවර ඔක්තෝබර් 16, 17 දෙදින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
නීල හරිත ආර්ථිකයක් මඟින් තිරසාර සංවර්ධනය ළඟා කරගැනීම මෙහි ප්‍රමුඛ ඉලක්කය වේ.
දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් සම්බන්ධව දේශීය, කලාපීය හා ගෝලීය වශයෙන් පවතින යාවත්කාලීන තොරතුරු රැස්කිරීම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා එම තොරතුරු බෙදාහැරීම නීල හරිත ආර්ථිකයක් සම්බන්ධව ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සහ සාමාන්‍ය ජනතාව අතර දැනුවත්භාවය ඇති කිරීම හා ඔවුන්ගේ සක්‍රීය සහභාගිත්වය ශ්‍රී ලංකාවේ පාරිසරික හා ආර්ථික තිරසාර භාවය සඳහා ලබාගැනීම
තිරසාර සංවර්ධනය උදෙසා නිර්මාණශීලීව පරිසර සංරක්ෂණය මඟින් දායකත්වය දක්වන ප්‍රමුඛයන් ඇගයීම හා දිරිගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ අතර වේ.
ඊට අමතරව පාර්ශ්වකරුවන් අතර ජාලගත කිරීම, එකිනෙක සම්බන්ධව කටයුතු කිරීම සඳහා වේදිකාවක් සපයමින් දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තුදීම සම්බන්ධව ශ්‍රි ලංකාවේ ධාරිතාවය වර්ධනය කිරීම. දේශගුණික විපර්යාසයන් අවම කිරීම සම්බන්ධව ජාතික වශයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම හා හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට උනන්දු කිරීම. බහුපාර්ශ්වීය ගිවිසුම සම්බන්ධව ජාතියක් වශයෙන් අප සතු දායකත්වය විදහා දැක්වීම ද අනෙක් අරමුණු අතර වේ.
ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස පිළිබඳ අත්දැකීම හුවමාරු කර ගැනීමේ සම්මන්ත්‍රණය පරිසරය පිළිබඳ ජනාධිපති සම්මාන උලෙළ, ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය, දේශගුණික විපර්යාස පිළිබඳ තරුණ සමුළුව, පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රදර්ශනය, SAARC – SACEP – ADB දේශගුණික වෙනස්වීම සම්මන්ත්‍රණය, ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් පිළිබඳ විද්වත් කතිකාව, පාසල් සිසුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ද මේ වෙනුවෙන් සංවිධානය කර ඇත.
පොලිතින් තහනමක් සමඟ පරිසර හිතකාමී නිෂ්පාදනවලට විශාල ඉල්ලුමක් හිමි වී ඇති අතර එම නව නිෂ්පාදන සහ නිෂ්පාදකයන් හඳුන්වා දීමක් මෙහිදී සිදුවේ.
මීට අමතරව උමාඔය ව්‍යාපෘතිය හරහා ඇති වී ඇති පාරිසරික ගැටලු පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණයක්ද පැවැත්වේ. මීට සමගාමීව මේ මාසේ ක්‍රියාත්මක වගා සංග්‍රාමය මඟින් ද රටපුරා හරිත ගම්වාසී වගා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නැංවේ.
මේ නීල හරිත යුගයක් වැඩසටහනට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ජනාධිපති පරිසර සම්මාන උලෙළ ද මෙවරත් සංවිධානය කර ඇත. ඒ සම්මාන උලෙළ ඔක්තෝබර් 16 වැනිදා පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයේ පැවැත්වේ.
මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කිරීමේ හා කළමනාකරණය කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධානම ආයතනයකි. ඒ සඳහා පාරිසරික දැනුවත් කිරීම් හා පරිසර නීතිය ක්‍රියාත්මක කිරීම හරහා දැවැන්ත උත්සාහයක නිරත වේ.
ඉහත සඳහන් කරන ලද ක්‍රියාවලින් පමණක් පරිසරය ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නොවීම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පැන නඟින විවිධ ගැටලු හේතු කොටගෙන නව පරිපාලන ක්‍රියාවලියක අවශ්‍යතාවය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය අවධානය යොමු කරන ලදී. ඒ අනුව ජාතික හරිත සම්මාන වැඩසටහන වාර්ෂිකව පැවැත්වෙන වැඩසටහනක් ලෙස 2011 වසරේදී ආරම්භ කරන ලදී.
2016 වසරේ සිට මෙම වැඩසටහන වඩාත් පුළුල් කරමින් ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කෙරේ. 2017 වසර සඳහා අයදුම්පත්‍ර 600 ක් ලැබිණි. ඒ ඉල්ලුම්පත් විද්වත් විනිශ්චය මණ්ඩලයකට යොමු කරන ලද අතර ඔවුන් ජනාධිපති පරිසර සම්මාන සඳහා ආයතන හා පුද්ගලයන් 57 ක් තෝරාගෙන ඇත.
එහිදී තෝරාගත් කාණ්ඩ සඳහා ජනාධිපති පරිසර සම්මාන 11 ක් ද, උපරිම වශයෙන් ජාතික හරිත සම්මාන ලෙස කුසලතා සම්මාන 18 ක්, ලෝකඩ සම්මාන 14 ක්, රිදී සම්මාන 08 ක් සහ රන් සම්මාන 06 ක් ලෙස සම්මාන පිරිනැමීමට අපේක්ෂිතය. එසේ ම පාරිසරික පෝස්ටර් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන් තිදෙනකු සඳහා ජනාධිපතිතුමා අතින් ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමේ.
වසර ගණනාවක් තිස්සේ ඔක්තෝබර් මාසය අපි හඳුන්වන්නේ රුක් රෝපණ මාසය යනුවෙනි. ඒ අනුව මෙවරත් රජය මේ මාසය පුරා රුක් රෝපණය සඳහා ‘වන රෝපා’ වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.
ශ්‍රී ලංකාවේ වන ගහනය ඉහළ නැංවීමේ වැදගත්කම අවබෝධ කරගනිමින් ‘පුනරුදය’ පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ‘වන රෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහන හඳුන්වා දී ඇත. 2018 වසර වනවිට ශ්‍රී ලංකාවේ වන වැස්ම 29.7% සිට 32% දක්වා ඉහළ නැංවීම මෙමඟින් අපේක්ෂා කෙරේ. දිවයිනේ සෑම ප්‍රදේශයකටම පාහේ වර්ෂාව ලැබෙන ඔක්තෝබර් මාසයෙන් ආරම්භවන ‘වන රෝපා’ වැඩසටහන වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ. හඳුනාගත් නිශ්චිත ප්‍රදේශවල රුක් රෝපණය සිදුකර ඒවා රැක බලාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම මෙමඟින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ. මෙහි දැක්ම හරිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම වන අතර තේමාව වන ආවරණ රහිත නිසරු බිම් තීරුවල වන උයන් නිර්මාණය කිරීම ය.
ශ්‍රී ලංකාවේ වන වැස්ම 29.7% සිට 32% දක්වා වැඩි කිරීම සඳහා දායක වීම, වන වියනෙහි ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ස්වභාවික පරිසර පද්ධති නිසි ලෙස පවත්වා ගැනීම, දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීම, තිරසාර භූමි කළමනාකරණය කිරීමට දායකවීම, ශ්‍රී ලංකාවේ මුඩුබිම් රුක් රෝපණයට යොදා ගැනීම, වාණිජ වන වගා ප්‍රවර්ධනය හා කළමනාකරණය මෙහි අභිමතාර්ථ අතර වේ.
මේ යටතේ ක්‍රියාත්මක ‘තුරු අරණට ජන සරණ’ යන තේමාව යටතේ වන රෝපා දෙවැනි සතිය ඔක්තෝබර් 10 සිට 16 දක්වා ක්‍රියාත්මක වෙයි. ඒ අනුව ක්ෂේම භූමි සංරක්ෂණය, හරිත වන තුරු වගා වැඩසටහන, ආරාම රෝපා වැඩසටහන ප්‍රජා වන වගා වැඩසටහන ක්‍රියාවට නංවා ඇත. වන රෝපා ‘වැඩසටහනේ තෙවැනි සතිය 17 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ. ‘සුනිල සයුරට - හරිත වෙරළ’ යන තේමාව යටතේ ක්‍රියාත්මක මේ වැඩසටහනේ දී වෙරළ සංරක්ෂණයට තුරු උයන් හා රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාවට නංවනු ඇත. මේ යටතේ දේශජ තුරු උයන් වැඩසටහන ක්‍රියාවට නැංවේ. මේ මඟින් අපේ රටේ ඇති වඳවීයාමේ තර්ජනයට ලක්වූ ශාක යළි ස්ථාපිත කිරීම සිදුවෙනු ඇත. ‘වන රෝපා’ වැඩසටහනේ හතර වැනි සතියේ තේමාව ‘වන අරණ - රැකවරණ’ යන්නයි. ඒ අනුව ‘රණවිරු හරිත අරණ’, හරිත ගෙවතු වැඩසටහන හා වන අරණට සිසු අරණ වැඩසටහන ක්‍රියාවට නැංවෙති. ඒ අනුව හතර වැනි සතිය ඔක්තෝබර් 24 සිට 31 දක්වා ක්‍රියාත්මක කරන අතර පැළ සිටුවීමට අවශ්‍ය අයට, දැවමය පැළ වර්ග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වර්ග ලබාගත හැකි ය. මෙවර ‘වන රෝපා’ වැඩසටහන මඟින් මේ වසර ඇතුළත ලක්ෂ 70 ක් රෝපණය කිරීමට යෝජිතය. මේ සියලු වැඩසටහන් මඟින් අපේ රටේ පරිසරය තිරසර ලෙස සංරක්ෂණයට හා දේශගුණ විපර්යාසවලට අනුගත වීමට රට හා ජනතාව යොමු කරවනු ලැබේ. මේ සඳහා සියලු ආයතන හා ජනතාව උපකාර කිරීම රට සුරකින කටයුත්තක් බව කිව යුතු ය.
නිහාල් පී. අබේසිංහ