
මෙවර ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගවලට මාරවිල ශාන්ත සේවියර්, රුවන්වැල්ල රාජසිංහ, හුංගම විජයබා ජාතික පාසලෙන් කණ්ඩායම් තුන බැගින් සහ ගලිගමුව මැදි විදුහලෙන් මෙන්ම උහන තිස්සපුර විදුහලෙන් කණ්ඩායම් දෙක බැගින් ද සුදුසුකම් ලබා තිබේ.
අවසන් මහා තරග 23 - 24 දිනයන්හි මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැත්වෙයි. අවුරුදු 13, 15, 17 සහ 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ බාලක - බාලිකා දෙඅංශයෙන්ම තරග පැවැත්විණි. මුලික වටයේ තරග සඳහා කණ්ඩායම් 5000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර, දිස්ත්‍රික්ක ශූර - ශූරියන් සහ අනුශූර - ශූරියන් වූ කණ්ඩායම්ච 400 ක් ජාතික තරගාවලියට එක් විය. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය සහ සමාප්ත උළෙල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අවසන් තරග
1. 13 න් පහළ බාලක මාරවිල ශාන්ත සේවියර් සහ රුවන්වැල්ල රාජසිංහ.
2. 13 න් පහළ බාලිකා උහන තිස්සපුර සහ ත්‍රිකුණාමලය රාජකීය ජා. පාසල.
3. 15 න් පහළ බාලක මාරවිල ශාන්ත සේවියර් සහ රුවන්වැල්ල රාජසිංහ.
4. 15 න් පහළ බාලිකා හුංගම විජබා සහ උහන තිස්සපුර.
5. 17 න් පහළ බාලක මාරවිල ශා.සේවියර් සහ හුංගම විජයබා.
6. 17 න් පහළ බාලිකා ගලිගමුව මැදි ම. වි. සහ උස්වැව ශ්‍රී රතනපාල වි.
7. 19 න් පහළ බාලක නාත්තන්ඩිය ධම්මිස්සර සහ රුවන්වැල්ල රාජසිංහ වි.
8. 19 න් පහළ බාලිකා හුංගම විජයබා සහ ගලිගමුව මැදි ම. වි.











