
ලොව පුරා පවත්නා සාගර දැඩි ලෙස දූෂ්‍ය තත්ත්වයට පත්වන්නේ ගංගා නිසා යැයි කියා පර්යේෂණයකින් තහවුරු වේ. සාගර පවිත්‍රතා ව්‍යාපෘතිය මඟින් මේ පර්යේෂණය සිදු කෙරිණ. ව්‍යාපෘතියෙහි විද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට සාගර මත පාවන ප්ලාස්ටික් රාත්තල් ට්‍රිලියන 5කට අධික ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්ම ඒ සාගරවලට පැමිණෙන්නේ අධික ලෙස දූෂ්‍ය තත්ත්වයට පත් ගංගා 20කිනි. වඩාත්ම දූෂ්‍ය ගංගාව හැටියට විද්වතුන් නම්කර තිබෙන්නේ චීනයේ යැංග්සි ගංගාවයි. යැංග්සි ගඟෙන් ප්ලාස්ටික් රාත්තල් මිලියන 727කට අධික ප්‍රමාණයක් සෑම වසරකම නැඟෙනහිර චීන මුහුදට එකතුවන බව පර්යේෂණ වාර්තාවෙන් කියැවේ. යැංග්සි ගඟ හැරුණු විට ඉන්දියාවේ ගංගා නම් ගඟත් බෙහෙවින්ම දූෂ්‍ය තත්ත්වයට පත් ගංගාවකි.
වෙරළ තීරය දූෂණය වීම හේතුවෙනුත් සාගරවලට ප්ලාස්ටික් එකතු වේ. ඒ අන්දමට සෑම වසරකදීම ප්ලාස්ටික් රාත්තල් ට්‍රිලියන 10 ත් 27ත් අතර ප්‍රමාණයක් සාගරවලට එකතුවන බව අනාවරණය වී ඇත. වෙරළට ඍජුවම හෙලන අපද්‍රව්‍යය මෙහිදී ප්‍රධාන වේ. ඒ හැරුණුවිට වෙරළ ආසන්නයට හෙළන අපද්‍රව්‍ය සුළඟ වැනි කාරකවලින් මුහුදට එකතු වීමත් සැලකිල්ලට ගතයුතුව ඇත.
එකතු වන ප්ලාස්ටික් හේතුවෙන් අමෙරිකා ඩොලර් මිලියන 8ක පමණ අලාභයක් සාගරවලට සිදු වන බව සාගර පවිත්‍රතා ව්‍යාපෘතියේ විද්‍යාඥයෝ පවසති. සාගරවලට එකතු වන ප්ලාස්ටික් හේතුවෙන් සාගර ආශ්‍රිත පක්ෂීහු මිලියනයකට අධික ප්‍රමාණයකුත්, ක්ෂීරපායි ජීවීහු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකුත් සෑම වසරකදීම ජීවිතක්ෂයට පත්වෙති. සාගර දූෂණය නිසා මියයන මත්ස්‍යන් ප්‍රමාණය කෙතෙක්දැයි කියා කිසිවකු අද වන තුරුත් දන්නේ නැත.