
ලොකු ගානක් දීලා නම්බර්පෑඩ් එකක් තිබෙන දුරකථනයක් වෙනුවට ටච් කරන්න පුළුවන් ස්මාර්ට් දුරකථනයක් ගත්තාට ඉන් ඔබ උපරිම ප්‍රයෝජනය ගන්නේ නැත්නම් මේ ලිපි මාලාවෙන් ඒ සඳහා හොඳ අත්වැලක් ඔබට ලැබේවි.
දුරකථනයේ Settings (සෙටිංස්) වල display (ඩිස්ප්ලේ) යන කොටසට ගිය පසු එතැන තිරයට සම්බන්ධ සැකසුම් සියල්ල සකසා ගන්න පුළුවන්. එම පිටුවේ ඉහළ තිබෙන Wallpaper (වෝල්පේපර්) යන මෙනු අයිතමය හරහා දුරකථනයන්වල තිරයේ සහ අගුලු තිරයේ පසුබිම් ඡායාරූපය වෙනස් කරගන්නට පුළුවන්. එතැනට පිවිසීමෙන් ඡායාරූප රැසක් ලයිස්තුවක් වශයෙන් ලැබෙන අතර එයින් ඔබට කැමති එකක් තෝරා Set as wallpaper (සෙට් ඈස් වෝල්පේපර්) යන්න ටැප් කරන්න. Display මෙනුවේ තිබෙන Font size (ෆොන්ට් සයිස්) යන්නෙන් තිරයේ අක්ෂරවල ප්‍රමාණය අඩු හෝ වැඩි කරගන්නට පුළුවන්. ඔබට පෙනීමේ අපහසුතා තිබෙනවා නම් මෙය ඉතා වැදගත් සැකසුමක් වෙනවා. Display මෙනුවේ තිබෙන Brightness (බ්‍රයිට්නස්) යන්නෙන් තිර දීප්තිය අවශ්‍ය පමණට සකසා ගත හැකියි. Auto-rotate screen (ඔටෝ-රොටේට් ස්ක්‍රීන්) යන සැකසුමෙන් ඔබ දුරකථන හරවන-හරවන පැත්තට තිරය ද හැරවිය යුතු ද නැද්ද යන්න පාලනය කරන්නට පුළුවන්.
Settings ප්‍රධාන මෙනුවේ Sound වෙතට යාමෙන් දුරකථනය ඇමතුමක් පැමිණි විට හෝ පණිවිඩයක් ලැබුණු විට නාද කරන ශබ්දය සහ ශබ්ද මට්ටම් වෙනස් කරගන්න පුළුවන්. ශබ්ද මට්ටම ඉතා අවම කළ විට දුරකථනය කම්පනය වෙමින් ඇමතුම සම්බන්ධව දැනුම් දෙන අතර ඔබට එයද නවතාලිය යුතු නම් Vibrate in silent mode (වයිබ්‍රේට් ඉන් සයිලන්ට් මෝඩ්) යන්න අබල කරන්න. දුරකථනයෙහි පාලන බොත්තම් තිරය මත ඇති නූතන දුරකථනවල නම් navigation key නමින් සැකසුමක් ඇති අතර ඒ හරහා දුරකථනය ඉතා පහළින් ඇති පාලක බොත්තම් අවශ්‍ය ආකාරයට වෙනස් කර ගන්නට පුළුවන්. ඔබේ දුරකථනය ඇගිලි සලකුණ ක්‍රමවේදයක් තිබෙනවා නම් fingerprint ID නමින් තවත් සැකසුමක් දකින්නට ලැබේවි එයට පිවිසීමෙන් ඇඟිලි සලකුණු (බොහෝ ඒවායේ පහක් පමණ) ලබා දිය හැකි අතර ඉන් දුරකථනයේ අගුලු තිරය සඳහා ඇගිලි සලකුණු ආරක්ෂාව ලබා ගන්න පුළුවන්.
Settings මෙනුවේ Screen lock & passwords (ස්ක්‍රීන් ලොක් ඇන්ඩ් පාස්වර්ඩ්ස්) යන්නෙන් අගුලු තිරය මත භාවිතය භාවිත වියයුතු ආරක්ෂණ ආකාරය ලබා දෙන්නට පුළුවන්. මෙය ඉතාම වැදගත් සැකසුමක් ගෙදරට අගුලක් දමනවා වගේ දුරකථනයට මතක ඇතුව මෙය හරහා අගුලක් දමා ගත යුතුයි. එවිට බාහිර පුද්ගලයන්ට ඔබේ වටිනා සහ වැදගත් තොරතුරු ලබා ගැනීමට ඇති ඉඩකඩ ඇහිරී යනවා. මෙහි ඇති PIN යන්නෙන් බැංකු කාඩ් එකේ මෙන් අංකයක් ඇතුළු කිරීමත්, Pattern යන්නෙන් රටාවක් ඇඳ දක්වා එය මුරපදය ලෙස භාවිතා කරන්නටත් හැකි වෙනවා. මේ දෙකෙන් එකක් හෝ ඇඟිලි සලකුණු තිබෙනවා නම් Fingerprint යන්න තෝරා දී අනිවාර්යයෙන් ම එවන් ආරක්ෂණ ක්‍රමයක් භාවිතා කරන්න. අපි ලබන සතියේ මෙහි ඉතිරි සැකසුම් සහ Settings මෙනුවේ ඇති සඟවන ලද අපූරු ගේම් එකක් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
තඹරු විජේසේකර