
ජාත්‍යන්තර ක්‍රීඩාවේ ප්‍රබලතම දෙරටක් ලෙසට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සැලකෙයි. මෙම දෙරට අසල්වැසියෝය. ඔවුන් අතර ක්‍රිකට් සහ රග්බි තරගමාලා පැවැත්වේ. දැල්පන්දු ක්‍රීඩාවෙන්ද මෙම දෙරට අතර තරගමාලාවක් පැවැත්වීමට තීරණය වූයේ 2010 වසරේදීය.
මෙම තරගමාලාව කොන්ස්ටෙලේෂන් හෙවත් තාරකා මණ්ඩල කුසලානය වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වේ. මෙවර තරගමාලාවට තරග සතරක් අයත්ය. එහි පළමු තරගය ඉකුත් ඔක්තෝබර් මස 05 වැනිදා පැවැත්වූයේ ඕක්ලන්ඩ් නුවරදීය. එහිදී ඔස්ට්‍රේලියාව ගෝල් 57 - 54 ක තියුණු ජයක් අත්කර ගැනීමට සමත් විය.
ඔක්තෝබර් 08 වැනිදා දෙවැනි තරගය පැවැත්වූයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදීය. එහිදී ඔස්ට්‍රේලියාවට ගෝල් 60 - 52 ක ජයකි. මෙවර තරගමාලාවේ තෙවැනි තරගය ඔක්තේබර් 11 ඇඩිලේඩ් සහ සිවුවන තරග ඔක්තෝබර් 14 සිඩ්නි නුවරදීත් පැවැත්විණි.
මෙම තරගමාලාවට සහභාගිවන නවසීලන්ත පිලට සිල්වර් ෆර්න්ස් සහ ඔස්ට්‍රේලියාවට ඩයමන්ඩ්ස් හෙවත් දියමන්ති යන නාමයන් පටබැඳී තිබේ. එමෙන්ම ශුරියන්ට හිමිවන කුසලානයට දියමන්ති 101 ක්ම ඇතුළත් කරමින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
මේ දක්වා පැවැති තරගමාලාවන්ගෙන් හයක්ම ජය ගැනීමට සමත් වී තිබෙන්නේ ඔස්ට්‍රේලියාවයි. ලෝක ශූරතාවලිය හෝ පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙලහිදී දෙරට අතර පැවැත්වෙන තරග මෙම තරගාවලියේ ප්‍රතිඵලයට බලපාන්නේ නැත.
2010 තරගමාලාව ඔස්ට්‍රේලියාව ජය ගත්තේ තරග 2 - 1 කිනි. 2011 දී තරග 05 ක් පැවැත්වුණි. එහිදී ඔස්ට්‍රේලියාවට තරග 3 - 2 ක ජයකි. 2012 වසරේදී පැවැති තරග 3 න් නවසීලන්තයට 2 - 1 ක ජයක් අත්විය. එය මේ දක්වා ඔවුන් ජය ගත් ප්‍රථම සහ එකම තරගමාලාව විය. 2013 වසරේදී යළිත් ඔස්ට්‍රේලියාවට ජය හිමිවිය. ඒ තරග 4 - 1 ක් වශයෙනි. 2014 වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සම්පූර්ණ තරගමාලාවම ජය ගත්හ. ඒ තරග 4 - 0 කිනි.
2015 වසරේදී දෙරටම තරග 2 බැගින් ජය ගත්තේය. නමුත් ඔස්ට්‍රේලියාවට කුසලානය හිමිවිය. ඒ දෙරට රැස් කළ ගෝල් ප්‍රමාණයේ වෙනස මතය. ගිය වසරේත් කැන්ගරු දේශයට තරග 3 - 1 ක ජයකි.










