
බහුදින ධීවර යාත්‍රා විසින් දැනට භාවිතා කරන මරුවැල් හෙවත් long line නැමැති ධීවර පන්න ක්‍රමයට ඩොල්ෆින් මසුන් හසුවීම වැළැක්වීමට මෙරට ධීවර ප්‍රජාව විසින් පියවර නොගතහොත් ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන මසුන් සඳහා එරට බලධාරින් විසින් තහනමක් පැනවීමේ අවදානමක් මතු වී තිබෙන බව ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් වහාම සියලු දෙනා අවධානය යොමු කර ඩොල්ෆින් මසුන් ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ට ඇමතිවරයා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.