ජාතික මහා ක්‍රීඩා උළෙල අද දකුණෙන් සමුගනියි | සිළුමිණ

ජාතික මහා ක්‍රීඩා උළෙල අද දකුණෙන් සමුගනියි

උතුර - දකුණ - නැගෙනහිර සහ බටහිර වශයෙන් වෙන් නොවී එකාවන්ව මුළුගැන්වුණු 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතර කොටවිලෙන් නිමාවීමට නියමිතය. ක්‍රීඩා අමාත්‍යංශයේ පනස්වැනි සංවත්සරය මෙවර යෙදී තිබීම විශේෂත්වයක් වන අතර, මේ වෙනුවෙන් වැඩසටහන් රාශියක් ද මීට සමගාමීව සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

මේ සටහන තබන විට කණ්ඩායම් තරග රැසක් නිම වී ඇති අතර එහිදී බස්නාහිර පළාත සුපුරුදු පරිදි පෙරමුණ ගැනීමට සමත්ව තිබේ. එහිදී කැරම් කාන්තා සහ පිරිමි ශුරතා බස්නාහිරද, බර ඉසිලීම පිරිමි/කාන්තා උතුරු මැද ද එල්ලේ කාන්තා - පිරිමි ශූරතා වයඹ ද, හොකී සහ ජූඩෝ කාන්තා පිරිමි ශූරතා මධ්‍යම පළාත් විසින් දිනා ගෙන තිබීම විශේෂත්වයකි.

 

ශූරතා දිනාගත් පළාත්

පැසිපන්දු - පිරිමි නැගෙනහිර, කාන්තා බස්නාහිර.

බීච් වොලිබෝල් - පිරිමි බස්නාහිර, කාන්තා වයඹ

කැරම් - පිරිමි/කාන්තා බස්නාහිර

චෙස් - පිරිමි බස්නාහිර, කාන්තා මධ්‍යම

එල්ලේ - පිරිමි/කාන්තා වයඹ

හොකී - පිරිමි/කාන්තා මධ්‍යම

ජූඩෝ - පිරිමි/කාන්තා මධ්‍යම

කරාතේ දෝ - පිරිමි දකුණ, කාන්තා බස්නාහිර

නෙට්බෝල් - බස්නාහිර

රග්බි - පිරිමි මධ්‍යම, කාන්තා සබරගමුව

මේස පන්දු - පිරිමි මධ්‍යම, කාන්තා දකුණ

ටයිකොන්ඩෝ - පිරිමි උතුරු මැද, කන්තා සබරගමුව

බර ඉසිලීම - පිරිමි උතුරු මැද, කාන්තා උතුරු මැද

මල්ලවපොර - පිරිමි බස්නාහිර, කාන්තා වයඹ

Comments