
“ජනතාවකගේ සභ්‍යත්වයත් බුද්ධි විකාශයත් විනිශ්චය කිරීමට ඔවුන් ගේ සාහිත්‍ය කලා උපකාරී වේ. සාහිත්‍යය වූ කලී සභ්‍යත්වයේ වැඩීම බස දන්නවුන්ට පමණක් ඇසෙන සේ කියන්නකි. චිත්‍ර ප්‍රතිමා කලා සභ්‍යත්වයේ උපත හා වැඩීම ලොව සියල්ලන්ට ම ඇසෙන සේ පොදු මසකින් කියයි.”
මාර්ටින් වික්‍රමසිංහයන් මෙයින් නිගමනය කරන්නේ බස නොදන්නවුන්ට පවා චිත්‍ර මූර්ති කැටයම් කලා විඳිය හැකි බවයි. ඒ අනුව උත්පත්තියේ සිට මරණය දක්වා කතා කළ නොහැකි අයකුට වුව එවැනි නිර්මාණ කළ හැකි වන බවයි. එහෙත් සාහිත්‍ය නිර්මාණය හා රස විඳීම කළ හැක්කේ බස දන්නවුන්ට පමණකි.
බස උපදින්නට පෙර පවා මානවයෝ නැටූහ; ගුහා සිත්තම් ඇන්දහ. ඔවුන් තුළ පරිකල්පන ශක්තිය ගොඩ නැගෙමින් තිබුණි. නැටිල්ල තිබුණේ උඩ පැනීමකට හා පෙරළීමකට සීමාව ය. එහෙත් සිත්තම එයට වඩා ප්‍රාණවත් විය. අපේ තන්තිරිමලේ ගුහා චිත්‍ර ඉක්මවන ස්පාඤ්ඤයේ ලැස්කෝ ගුහා සිත්තම් නූතන සිත්තමට ළංවන තරම් ය.
දඩයක්කාරයන් ඉඳහිට කියූ වචන දෙක තුන පරිපූර්ණත්වයට පත්වන්නේ දඩයම් යුගය අහවර වන කාලයේ ය. එය සිද්ධියක් ප්‍රකාශ කිරීමට තරම් ප්‍රමාණවත් විය. ගිනි මැලය වටා තප්පලම් ගසා පිලිස්සූ මස් පැණි සමඟ බුදිමින් සිටි තම සනුහරේට වියපත් වූවෙකු කතාවක් කියන්නට ඇත. එය දුර වනාන්තරයේ දඩයමේ ගිය විට සිදු වූ සිදුවීමකි. එයින් ඇතැමකු කී කතා අහන් ඉන්නට බැරි තරම් නීරස විය. තවකකු ගේ කතා විවිධ රසයෙන් යුතු විය.
රසවත් ව කතා කී කතාකරුවා ඇත්ත සිදුවීමට තව අලුත් මුසාවක් එක් කර තිබුණි. ඔහු ගේ පරිකල්පනය විශිෂ්ට විය. විටෙක ඔහු ඇතැම් තැනක් ගායනා කළේ ය. මිනිසාගේ කථිත සාහිත්‍යය බිහිවූයේ ඒ ආකාරයට ය.
අපේ බසේ අක්ෂරයන්ගේ උපත පිළිබඳ ප්‍රවාද බොහෝ ය. එය ජනප්‍රිය ප්‍රවාදයක් වූ රාවණා රජු දක්වා ගමන් කරයි. ඉතිහාස විෂයයේ නිර්මාතෘ හෙරඩෝටස්ට සමගාමී තියුසීඩියස් ගේ ඉතිහාස නිර්ණයන් නො හඳුනන ඇතැම් විද්වතුන් රාවණා රජු රචනා කළ පොත්පත් පිළිබඳ සඳහන් කර තිබේ.
ක්‍රි.පූ. තුන්වැනි සියවසට අයත් මිහින්තලේ වෙසස්ගිරි ලෙන් ලිපි අපේ ප්‍රථම අක්ෂරයි. එයට පෙර සිටි රජවරු පස් දෙනාගේ කාලයේ අක්ෂර පිළිබඳව ඇත්තේ වංශකථා ප්‍රවාද පමණි. මාගධී ප්‍රාකෘතයෙන් උපන් අශෝක අක්ෂරයන්ට සමාන අපේ ප්‍රථම අකුරු ආදී බ්‍රාහ්මීය ය. එය කිසියම් ප්‍රකාශයක් කිරීමට ප්‍රමාණවත් විය. එක් අතකින් ප්‍රථම සෙල්ලිපි පාඨය සන්නසකි. අගත අනගත චතුදිශ ශගශ දිනෙ - එනම් පැමිණි නොපැමිණි සිව්දිග සඟුන්ට සාංඝික කරන බවයි.
හැම ජාතියක ම සාහිත්‍යයේ පදනම ආගමික විශ්වාසයන් ය. මහා කවි හෝමර්ගේ නිර්මාණයන් සඳහා සියුස් දෙවියන් ප්‍රධාන දේව මණ්ඩලය බලපෑවේය. භාරතයේ ප්‍රථම සාහිත්‍ය කෘතිය වූ ඍග් වේදයට බලපෑවේ සුන්දර ඉන්ද්‍ර දෙවියන් ප්‍රධාන තුන් වැදෑරුම් දේව මණ්ඩලයන් නැමැදීමය. ව්‍යාසගේ මහා භාරතයටත් වාල්මිකී ගේ රාමායණයටත් බලපෑවේ එකී දෙවි වරුන්ගේ වෙනත් ස්වරූපයන් ය. අනුරාධපුර යුගයෙන් අපට ඉතිරි වී ඇති සිංහල පොත් තුනෙන් එකවක් වූ දම්පියා අටුවා ගැටපදය එය අපට බලපා ඇති අයුරු මෙසේ දක්වයි.
“මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි අටුවා
හෙළ ඇජරෝ හෙළ බසින් තැබූහ”
මේ අනුව අපේ සාහිත්‍යයේ ආරම්භය බුදු බණ ය. මාගධියේ බුදු - බණ අප සිංහලයට අනුවර්තනය කර ඇත.
ඉතිහාසය පුරා අපට ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘති ලක්ෂ ගණනාවක් හමුනොවේ. එය හැම ජාතියකට ම පොදු දුක්ඛ සත්‍යයකි. වැව් තිස් දහසක් හැදූ අපට එයට ළං වන තරමටවත් සාහිත්‍ය කෘති නිර්මාණය කළ නොහැකි විය.
සාහිත්‍යය නිර්මාණය කිරීමේ හැකියාව හැම දෙනාටම නොමැත. බසේ රස සොඳුරුව දන්නවුන් දුර්ලභ බව අපේ පූර්ගාමීන් කීවේ එහෙයින් ය.
නිර්මාණාත්මක ශක්‍යතාවය වූ කලී ප්‍රතිභාවය ය. සකු වහරට අනුව එය වාසනා ගුණය යි. එනම් පෙර පින් ඇති හැකියාවත් උරුම වේ. හැම නිර්මාණකරුවෙකු ම රසවතෙක් වුවත් හැම රසවතෙකුට නිර්මාණ කරුවෙකු විය නොහැකි ය.
වික්‍රමසිංහයන්ට අනුව නිර්මාණකරණයට ශක්ති ප්‍රවාහයක් අවශ්‍ය වේ. එය ධී ශක්තිය යි. ප්‍රතිභාව සමඟ අනුභූතිමය ප්‍රත්‍යක්ෂතාවයෙන් එය උපදී. එහෙයින් සාහිත්‍යකරුවාට විවිධ අත්දැකීම් අවශ්‍ය ය. ඔහු නිධන් ෙසායන්නකු වැන්න. ඒ අනුව අත්දැකීම් විරහිත ප්‍රතිභාව ඇති තැනැත්තා පූර්වයේ පව් කළ එක්තරා අවාසනාවන්තයෙකි.
මේ සඳහා අතීත හා වර්තමාන සිද්ධි පදනම් වේ. අප අත්විඳින බොහෝ දේ ඔහු නිවැරැදිව හඳුන්වා දෙයි. අප දකින පරිසරය ම වඩා විචිත්‍රව මවා පෙන්වයි. අප වැරදිකරුවන් යැයි සිතූ අයට ආදරය කරන්න පුරුදු කරවයි.
හැම යහපත් සාහිත්‍ය කලා නිර්මාණයක ම නිමිත්ත අමු ඇත්තකි. වැලිකැටය මුතු ඇටයක් වන්නා සේ එය වැඩෙයි. එයට කාලාන්තර විවේක බුද්ධියක් අවශ්‍ය ය. “පිඹිත් නළා සුරාමතින්” කතාව ලියූ (පරිවර්තනය මහැදුරු සුරවීරයන් ය) කැතරින් මෑන් පෝටර් එම අත්දැකීම් අවුරුදු හතළිහකට කිට්ටු කාලයක් හද කුස දරා සිටියාය. ඇය කුඩා කාලයේ වෙඩි තබා පොරොවන් කොටා මිනී මරනවා දැක තිබුණි. තියුණු පිහියකින් සුරුට්ටු දුම්කොළ කපනවා දැක තිබුණි.
අමු සිද්ධි වටා සාහිත්‍යකරුවා තුළ විචිත්‍ර ෆැන්ටසියක් නිර්මාණය වේ. වික්‍රමසිංහයන්ට විරාගයේ අරවින්ද පාණදුරේ දී හමු වී තිබුණි. ඔහුගේ කාමරයේ මේසයේ මන්ත්‍ර පුස්කොළ මත බුද්ධ රූපයක් තබා තිබුණි. කට්ට කුමංජල් සුවඳ මෙන් ම අම්ල ගඳ ද එහි විය.
එය මේ සමාජයේ ජීවත්වන ප්‍රකෘතියකි. එය වඩාත් රසවත් ප්‍රකෘතියක් කරනු ලබන්නේ කතාකරුවාය. ඔහු එයට බතී සරෝජනී ප්‍රමුඛ තවත් බොහෝ චරිත එක්කර ගනී. මේ අය අතර සිදුවන සිදුවීම් හිතලුවකි. එය අපට අපූර්ව විය යුතුය. අරවින්දගේ ඉරණමට පත් වූයෙකු එයට පෙර අපට කතාවලින් හමු වී නොමැත. එහෙත් එම සිදුවීම් අප අතර ද සිදුවන බව හැඟේ. අප තුළ ද අරවින්දයකු සිටින බව සිතේ.
ප්‍රශස්ත හැම නිර්මාණයක ම පෙර නොවූ විරූ අපූරු බවක් විය. කොළඹ යුගයේ ආරම්භයේ සිට මේ දක්වා බිහිවූ ගද්‍ය පද්‍ය නිර්මාණ අහුරක් අපට මතක ඇත්තේ අර අපූර්ව බව නිසාය. එය ප්‍රකාශ කරන රිද්මයේ ස්වරය මත ඒවායේ උස් පහත්කම් නිර්ණය වේ.
ඇතැම් සිල්ලර කතාකරුවන් තෝරාගන්නේ අප තුළ තිගැස්මක් නූපදවන සිදුවීම් ය. ඒ.වී. සුරවීරයන්ගේ පෑදි දියට බොර දිය සංග්‍රහයේ එන අකුරට යන වෙලාවේ කතාව නිදසුන් කර ගනිමු. එහි ගමේ දැරියක් පාසල් යෑමේ සිහිනයෙන් මැද පන්තියේ නිෙවසකට පැමිණේ.
ඇගේ දිගු හිස කෙස් කැපේ. නම මැණිකා වේ. ඇය මෙහෙකාරියක වී අනතුරුව ආපසු යයි. මොනිකා ගේ පියසේන ඇසූ ප්‍රශ්නයක් කාව්‍ය නිර්මාණයටත් වස්තු වූයේ මේ අත්දැකීමය. එය අප දන්නා සිදුවීමකි. එහෙත් වික්‍රමසිංහයන්ගේ වහල්ලු අප තුළ උපදවන්නේ තියුණු සංවේදීතාවයක් නොවේද?
දිනකට නවකතා හතරක් පහක් ලියන සූර ලියන්නවුන් ජයලත් ගේ ගොළු හදවත වටහා ගත්තවුන්ය. ඔවුන් ගේ කොටස් ගණනින් යුතු පෙම්කතාවල සිටින්නේ දුප්පත් පොහොසත් පෙම්වතුන්ය. දුප්පත් පෙම්වතිය තම සේවා ස්ථානයේ ප්‍රධාන තරුණයාට කෙසෙල් මුව, පරිප්පු සහ කරවල බැදුම් සහිත බත් මුල් පිරිනමයි. අවසානයේ කප්පරක් ගැටුම් මැද අංගවිකල වී හෝ දෙදෙනා එක් වේ. සමාජ ගැටලු බලනොපාන මේ මනස් පුතුන් ගේ අම්මලා වෙස්සන්තර බිසව ඉක්මවන පෙරාපුරත්තරන් ය.
ඇලෙක්සැන්ඩර් කුප්රින් ගේ රත් මිණි වළල්ල ආදරයේ ඇත්ත කියන කතාවකි. ඔහු ඒ කතාව ඇහිඳගත්තේ රුසියානු වංශාධිපති පවුල්වලිනි. එහි හැබෑ ආදරය නිහඬ බවත් රාගය ඇත්තේ දුරින් බවත් අපට කියා දෙයි. හැම ගැහැනියක් ම පතන උතුම් ආදරය සමාප්ත වූ පසු වේරා කුමරිය සමඟ අපි ද වැලපෙමු.
ගෝර්කි තමා ගේ පාදඩ ජීවිතයේ දි කලක් මිනිසුන් විසිහය දෙනකු සමඟ බක්කරේ කෙනකු සේ වාසය කළේ ය. බිම්මහලේ සේවය කළ ඔවුන් දැක බලා විස්කෝතු ගෙන යෑමට එහි සුන්දර මෙහෙකාර යුවතියක ආවා ය. ඔවුහු ඇය නිසා අලුතින් ජීවත්වීම ආරම්භ කළහ. එහෙත් ඇය ජැන්ඩි කාරයකු සමඟ යන්නේ බක්කරේලාට අපහාස කරමින් ය. ඇයව පත්තිනි අම්මා කෙනකු සේ සැලකීම පිළිබඳ ව ඔවුහු දුක් නොවෙති. ඇත්තේ වියෝ දුක පමණි.
සාහිත්‍යකරුවාට පූර්ව කෘති සහ විවිධ සම්ප්‍රදායන් බලපායි. ඩබ්.ඒ. සිල්වා සූරින් විජයබා කොල්ලය ලියුවේ ෆෙරිඩන් ගේ පිසාරෝ නාට්‍යයේ කොටස් ගෙන ය. අපේ ජනප්‍රිය ම යොවුන් කතාව වූ මඩෝල දූවේ චරිත හා ඇතැම් සිද්ධි මාර්ක් ට්වේන් ගේ ටොම් සෝයර් සහ හකල්බරි ෆින් ගේ කතාවල ඇත. චෙකොෆ් ගේ චෙරි උයන බාගදා ගම්පෙරළිය වූවා විය හැකි ය. රොබට් නොක්ස්ගේ එදා හෙළදිව ඩැනියෙල් ඩිපෝට රොබින්සන් කෲසෝ ලිවීමට අනුබලයක් විය. අගතා ක්‍රිස්ටිට සර් ආතර් කොනන් ඩොයිල් බලපෑවේ ය.
එය ලේඛකයාට චෝදනා කළ යුතු කාරියක් නොවේ. ඒ අනුව මඩොල් දූව අපේ ම කතාව ය. මඩොල් දූව බැලීමට යන දහස් ගණනක ගේ සිතේ උපාලි හා ජින්නා තවමත් ජීවත් වන්නේ එහෙයිනි. ඔවුනට සෝයර් හෝ ෆින් හෝ පිළිබඳව හාංකවිසියක්වත් සිහිපත් නොවේ.
මේ අදීන බව පැරණි සාහිත්‍යකරුවාගේ සිට අපට දැකගත හැකිය. ඔවුන් ආගමික සන්දර්භය සහ සම්ප්‍රදාය බිඳින්න වෑයම් කරන්නේ ඉඳහිට ය. අනුරාධපුර යුගයේ පොදු ජන කාව්‍ය වූ සීගිරි කවියකු විටෙක ලලනාවියන් දෙකොටස මෙසේ උපමාවට නඟයි.
“නිල් කට් රොල් මලෙකැ ඇවුණු
වැට් කොල් මල සෙය්.”
මෙම උපමානය පිළිබඳ ව මහැදුරු පරණවිතානයෝ මෙසේ දක්වති. “මේ පද්‍ය රචකයෝ තමන්ගේ ම සොයා ගැනීමට ද හැඟීමට ද අනුව තමන් ගේ සිත් ගත් දේ වර්ණනා කරති. තමන් යොදන උපමාව හෝ උපමේය අලංකාරිකයන් විසින් සම්මත කරන ලදදැයි සොයනු පණිස ඔවුහු වෙහෙස නොවෙති.” ඒ අනුව මේ අදීන කවියා රන්වන් ලඳුන් වැටකොළු මල්වලටත් නිල්වන් ලඳුන් කටරොළු මල්වලටත් උපමා කරයි. එය සකුරීතිය අධ්‍යාපන මාධ්‍යය කරගත් බමුණන්ගේ සිතට නොනැගුණකි.
අනුරාධපුර යුගයෙන් අපට ඉතිරි වී ඇති එකම පද්‍ය ග්‍රන්ථය සියබස්ලකර දහවැනි සියවසේ දී සලමෙවන් සෙන් හෙවත් හතරවැනි සේන රජු දණ්ඩීන් ගේ කාව්‍යාදර්ශය පෙරළීමෙන් රචනා කර තිබේ. එතුමා අදීන වීමට යත්න දැරුවේ මෙසේ ය.
පෙදෙන් මුදු සිරිතැ - ම සින්වන් සිරිත් ඈ
ජාතක කතා පද්‍යයටත් බණ දහම් ගද්‍යයටත් නිමිති කර ගත යුතු යැයි කීම හින්දු සකූරීතික් නොව අපේ රීතියකි.
එම රීතිය හිසින් ගත් දෙවැනි පරාක්‍රමබාහු අලංකාර සිද්ධාන්තයන්ගෙන් කව් සිළුමිණ ලියා රීතියෙන් පිට පැන්නේ මෙසේ ය.
“බෝසත් සර වැනුම් - වියත මුව පත්වේවා!”
සාහිත්‍යකරුවා අදීන වීමට යත්න දැරුවේ ස්තුති ගීතිකාවන් හි සිටය. ක්‍රි.පූ. 1500 ට නුදුරු කලෙක රචනා වූ ගීත 1028 කින් යුතු ඍග් වේදයේ දේව වරුණ බැහැර කර දමා එක් ධූර්තයෙකු තම දුක් ගැනවිල්ල මෙසේ කියයි.
“නැත අමනාපයක් මා හා
මගේ බිරිඳ
එහෙත් ඇය වැඩි සෙනෙහසක් පුදන්නේ
මගේ මිතුරන්ට ය.”
ධූර්තයාගේ පඟරනැටි රුව සිතේ ඇඳෙන ෙස් හාස්‍යයක් උපදවන මෙම ගීතය සම්ප්‍රදාය බැහැර කළ නිදහස් සිතිවිල්ලකි.
විටෙක කවියෙකු කතාවක් කීමේදී එය ආරම්භ කරන්නේ භාවයන්ගෙන් තොරව ය. බටහිර කවි කතාවක් කේයස් අපේ කර ගත්තේ මෙසේ ය.
ගොඩ මඩ දෙක ම සරුසාරය පලබරය
කටුරොද ගම්මානෙ තරමක් පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනරහය
කඩ මණ්ඩිය පිහිටියේ ගම කෙළවරය
මෙය හුදු ප්‍රකාශන හතරකි. එහෙත් ඒ සිව්පදය අපේ මතකයේ රසවත්ව නොපිහිටියේ ද?
ගුත්තිල කවියා තම කතාව ආරම්භ කරන්නේ එයට වෙනස් විදිහටයි.
බරණැස් නුවර සිට
උදේනී නම් නුවරට
පුරා බඩු ගැල් පිට
රැගෙන ගිය වෙළෙඳු වෙළෙඳාමට
එහි දී වෑත්තෑවේ හිමි කේයස් ඉක්මවා වැඩම කර ඇත.
සාර්ථක සාහිත්‍ය කරුවා තම නිර්මාණයේ ගොඩ නගන්නේ විචිත්‍ර මනෝමය චලන සිත්තමකි. ඔහු තෝරා ගන්නා කතාව සහේතුක විය යුතු ය. ඒ තුළ පරිසර සහ පුද්ගල වර්ණනාව තිබිය යුතු ය.
මීහයිල් ෂොලහොව් පෙරළූ නැවුම් පසේ දවිදව් සමූහ ගොවිපළට පැමිණීමට පෙර පිටු ගණන් පරිසරය වනයි. ගෝර්කි චෙල්කාෆ් කතාවේ මුල් පිටුව දෙක තුන වෙන් කරන්නේ ඒ පාදඩයා සිටි වරාය නගරයට අපව කැඳවාගෙන යෑමට ය. එය කෙතරම් සාර්ථක වී ද යත් මුහුදේ ලවණ පුසුඹ අපට ද හැඟේ. වික්‍රමසිංහ ගම් පෙරළියේ දී අපව කොග්ගලට කැටුව යයි. සරච්චන්ද්‍ර මළවුන්ගේ අවුරුදු දා කෘතියේ අසිරිමත් උයනේ නොරිකෝ සං සමීපයේ අප වාඩි කරවයි.
තමන් ඉදිරිපත් කරන පාත්‍ර වර්ගයා හඳුන්වා දීමට සූර සාහිත්‍යකරුවා සමත් ය. ඔහු නිර්මාණය ගොඩනගා ඇත්තේ චරිතවල හැටි ස්වරූපයත් සමඟය. ඒ අනුව ජයතිලක අපට කෝකිලානේ සිටුවරයා හඳුන්වා දෙයි. මෝපසාං ලණු කෑල්ල ඇහිඳගත් ගොවි රාළ අපට මවා පෙන්වයි. ඔවුන්ගේ මුහුණුවල හැඩ රුව දෙනෙත් හිසකෙස් නැහැයෙන් පිටට ආ මවිල්ගස් මුහුණේ පැත්තක ඇති කළු ඉන්නා අපට පෙන්වයි.
චරිත ඇබ්බැහිකම් ද ඔවුන්ගෙන් බැහැර නොයයි. ගොගොල් ගේ හිමකබායේ දුප්පත් ලිපිකරුවා කබාය මැසීමට දෙන සන්නාලියා ගේ දුම්කොළ හෙප්පුවේ රජවරුන් ගේ මුහුණු සූරා දමලා ය. ඔහු කැලැන්ඩර යේ හැමදිනම උදේ කුරුස ලකුණ අඳින්නේ එය ආගමික දිනයක් සේ සලකා ඉස්මුරුත්තාවට වොඩ්කා බීම සඳහා ය. කයිසාරුවත්තේ මුහන්දිරම් කෝපයට පත් වූ විට කරන්නේ යතුරු කැරැල්ල පොළොවේ ගැසීම ය.
අපේ ජාතක කතා කරුවා පුද්ගල ස්වරූප සහ චරිත ඇබ්බැහිකම් දැක්වීමට හපනෙකි. ස්ත්‍රිය අප්‍රිය කළ අසනග කුමාරයා සහ කාමාතුරයෙකු වූ කුස කුමරු ද අප ඉදිරියට කැඳවාගෙන එයි. උදුම්බරා කුමරියට වඩා පබාවතී අපට සුන්දර ය. සංදේශ කවියා ස්ත්‍රී රූපය දැක්කේ අලංකාර රීතියේ ඇහෙන් ය. එය සීගිරි කවියාගෙන් ද බැහැර නොවී ය.
සාහිත්‍ය කලා කරුවන් අවසන් වශයෙන් මුහුණ දෙන දුක්මුසු අභියෝගය නම් තමා ගේ කෘතිය රස විඳීම සඳහා රසිකයන් සොයා ගැනීම ය. අප කුඩා කාලයේ යටිබිම්ගත පාතාල රසිකයන් සිටියේ ප්‍රංශ රස හා මකුණා වැනි කාම කතා කියවීමටය. අමුතුම කුණු රසයක් ඇති ඒ පොත්වලින් අපව මුදා ගත්තේ ශත හැත්තෑපහේ මිලකට පොත් ලියූ ඩීමන් ආනන්ද සිරිමතාණන් ය. අප පැසුණු කියවන්නවන් කළේ මාර්ටින් වික්‍රමසිංහ ප්‍රධාන සාහිත්‍යකරුවන් ය. ජයලත් සුගත් සහ දම්මි සමඟ අපව සොඳුරු ප්‍රේමයට ගෙන ගියේ ය. එයින් ලිවීමත් රසිකයනුත් වැඩි විය.
හැබෑ රසිකයා උතුම් සංවේදී සහෘදයකු වීමට කියවා ඇසූ පිරූ බහුශ්‍රැතයකු විය යුතුය. ඔහු ද පෙර පින් ඇත්තෙකි. ඔහු නිර්මාණයේ සුන්දර අසුන්දර බව දනී. ඒ බව කියා දෙන්නට තවත් සුවිශේෂී පිරිසක් සිටී. ඒ වූ කලී විචාරකයා ය. මෙහිදී අපරදිග විචාර සිද්ධාන්තයන්ට වඩා පෙර දිග අලංකාර රීතිය හොඳ යැයි ට සිතෙන්නේ ඇයි දැයි මම නොදනිමි. ක්‍රිස්තු වර්ෂයට යට බටහිර හිප්‍රොකැටීස් වෙද පියාණන් සිරුරේ ප්‍රධාන ඉන්ද්‍රිය සේ දැක්වූයේ මොළය යි. එහෙත් චරක, අංගීරස සහ ධන්වන්තරී යන පෙරදිග ආයුර්වේද මුනිවරු සිරුරේ ප්‍රධාන ආම්පන්නය සේ විශ්වාස කළේ හදවතයි. සකු විචාර රීතිය ද හෘදයංගම ය.
බටහිර විචාර කලාව හෘදයංගම බවෙන් තොරව හිසින් ගත් නූතන විචාරකයන් විසින් කරනු ලබන්නේ විවිධ මතවාදයන් පාරිභාෂිත වචන සහිතව ප්‍රකට කිරීමය. ඔවුහු නූතන වාදය හා පශ්චාත් නූතන වාදය පිළිබඳව දිගින් දිගට ම තර්ක කරති; ශානරයේ දිග පළල දක්වති. එයින් නිර්මාණය පිළිබඳ විචාරාත්මක රස වින්දනයක් නූපදී.
නූතන විචාර කලාවේ මේ පළිබෝධ ලක්ෂණ, සාහිත්‍ය කලාවේ ප්‍රවර්ධනයට සම්බාධකයක් වී ඇති බව අත්දැකම් සහිතව ප්‍රකාශ කළ හැකිය. තරු පිරිවරාගත් සෞම්‍ය සඳ එළියෙන් යුතු හරිත මිටියාවතක් වඩාත් උචිත වන්නේ පයිතගරස් ගේ ප්‍රමේයක් ඔප්පු කිරීමට නොව ඔමාර් ඛයියාම් සේ කවි පදයක් මුමුනමින් එය සටහන් කිරීමට ය.
* * * * * * * * * * * *
මිනිසුන් ගැන ලියන ලද කතාන්දර කොතරම් සිත් කම්පා කරවන්නේ ද කියතොත්, මගේ හදවතට කොතරම් ළං වූයේ ද කියතොත් මම ඒ පොත් කියවන අතර නිතර ඇඬූවෙමි. කිසිඳු අර්ථයක් නැති බර වැඩවලින් ගැහැට විඳින, කිසිඳු අර්ථයක් නැති නින්දා අපහාසවලින් බැට කන කොල්ලකු වූ මම වැඩුණු පසු මිනිසුන්ට අවංක ව සේවය කරන බවට කොන්දේසි රහිත ව පොරොන්දු වුණෙමි.
සුරංගනා කතාවල සිට පැමිණි ආශ්චර්යවත් පක්ෂීන් මෙන් පොත් මට ඇසෙන ලෙස ඔවුන්ගේ ගී ගායනා කළහ. සිරගත වී සිටින්නකුගේ සිත සනහා කතා කරන්නාක් මෙන් පොත් මා සමඟ කතා කළහ. ඔවුහු ජීවිතයේ විවිධත්වය ගැන, සාරවත්කම ගැන, මිනිසා විසින් යහපත හා සෞන්දර්යය පතා ගන්නා ලද නිර්භීත පරිශ්‍රමය ගැන ගී ගායනා කළහ.
මා වැඩියෙන් පොත් කියැවූ තරමට මගේ හදවත වැඩි වැඩියෙන් නිර්මල විය. කරුණාවෙන් පිරී ඉතිරී ගියේය. මගේ සිත තැන්පත් විය. සන්සුන් විය. මගේ ආත්ම විශ්වාසය වර්ධනය විය. මගේ වැඩකටයුතු දියුණු විය. ජීවිතය විසින් මට කරන ලද සීමාවක් නැති නින්දා අපහාස මම ගණන් නොගත්තෙමි.
මැක්සිම් ගෝර්කි