
2017 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 08 වැනිදා සිකුරාදා සවස 4.30 ට කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙහිදී නවකතා, කෙටිකතා, පද්‍ය, ගීත, නාට්‍ය, යොවුන් සාහිත්‍යය, ළමා සාහිත්‍යය, විද්‍යා සාහිත්‍යය, පරිවර්තිත නවකතා, පරිවර්තිත කෙටිකතා, පරිවර්තිත පද්‍ය, පරිවර්තිත නාට්‍ය යන නිර්මාණ සාහිත්‍ය ක්ෂේත්‍ර මෙන් ම ශාස්ත්‍රිය හා පර්යේෂණ, පරිවර්තිත ශාස්ත්‍රීය හා පර්යේෂණ හා මානව ශාස්ත්‍ර, සමාජ ශාස්ත්‍ර හා පරිවර්තන යන තෙවැදෑරුම් වූ විවිධ විෂයක ග්‍රන්ථ යන ක්ෂේත්‍ර දහනවයකට අයත් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන් ම රචිත 2016 වර්ෂයේදී ප්‍රකාශිත විශිෂ්ටතම ග්‍රන්ථ සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය කරනු ලැබේ.
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනට අදාළ ව සාහිත්‍යකරණයේ නියුක්ත ව මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා කළ දීර්ඝකාලීන මෙහෙවර අගය කරමින් පිරිනැමෙන ‘සාහිත්‍යරත්න’ අභිධාන ප්‍රදානය ද මෙදින සිදු කෙරේ.