ලන්ච් සීට් - සිලි සිලි මලු තහනම ක්‍රියාත්මකයි | Page 2 | සිළුමිණ

ලන්ච් සීට් - සිලි සිලි මලු තහනම ක්‍රියාත්මකයි

 සිලි සිලි මලු, ලන්ච් සීට් තහනම සැප්තැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක බවත් මුලින්ම වෙළෙඳපොළ පිළිබඳව අධ්‍යයනයක් කිරීම දැන් අරඹා ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

කෙසේ වුවත් මීට අදාළ ගැසට් නිවේදනය සැප්තැම්බර් පළමු වැනිදා නිකුත්කෙර ඇත. ඒ අනුව ‘ලන්ච් සීට්’ සිලි සිලි බෑග් හා මයික්‍රෝන 20ට අඩු පොලිතින් නිෂ්පාදනය පිටරටින් ගෙන්වීම හා භාවිතය සැප්තැම්බර් පළමු වැනිදා සිට තහනම් වෙයි.

අපේ රටේ සිලි සිලි බෑග් හා ලන්ච් සීට් නිසා ඩෙංගු වැනි රෝගාබාධ ශබ්ද දූෂණය, වායු දූෂණය, ජල දූෂණය ආදි ගැටලු රැසක් ඇතිවන බවත් ඒ අනුව මෙම තහනම මඟින් මේ ගැටලුවලට පිළියම් ලැබෙන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ (අපද්‍රව්‍ය කළමනාකරණ) අජිත් වීරසුන්දර මහතා පවසයි. 

Comments