නව බදු පනතින් බුද්ධි ගලනයක් සිදුවනවා යැයි කීම අමූලික බොරුවක් බව ජ්‍යෙෂ්ඨ බදු උපදේශකයෝ අවධාරණය කරති.
“තමන් රට හැර යන බවට පවසමින්” ඇතැම් පිරිසක් තම මඩිය තර කර ගත් විශේෂ බදු සහන භුක්ති විඳීමේ ක්‍රමවේදය නම් නව පනතින් අහෝසි වන බව ඔවුහු පෙන්වා දෙති.
පැරණි බදු පනතේ රුපියල් මිලියන 10 සිට මිලියන 24 ක ආදායම් සීමා දක්වා සියයට 12 හා සියයට 16 වැනි විශේෂ බදු අනුපාත යටතේ ඉහළ වෘත්තිකයින්ට ආදායම් බදු නිදහස ලබා දී තිබුණි. නව පනතින් එම විශේෂ සහන අනුපාත ඉවත් කොට ඇත. මෙය ඉතා කාලෝචිත යෝජනාවක් බව කී මුදල් අමාත්‍යාංශයේ හිටපු මුල්‍ය ප්‍රතිපත්ති උපදේශක පී. ගුරුගේ මහතා ඉහළ වෘත්තිකයින් පවා ආදායම් බදු නියමිත පරිදි ගෙවීමට ක්‍රියා කළ යුතු යැයි සඳහන් කෙළේය.
“පිටරට ගොස් ඉහළ වෘත්තීයන් හි යෙදෙන විට ඔවුන්ගෙන් නියමිත පරිදි ම ආදායම් බදු අය කරනවා. නමුත්! අපේ රටේ සිටින විට නියමිත ආදායම් බදු ගෙවන්නේ නැහැ. ඒ විෂම ක්‍රමවේදය කොතනින් හෝ නතර කළ යුතුයි ඔහු කීය.
ඒ අනුව ඉහළ වෘත්තිකයින්ගෙන් බදු අය කර ගැනීමට ඉවහල් වන යෝජනා ඇතුළත් මේ බදු පනත හොඳ එකක්. මේ පනත ක්‍රියාත්මක වුවහොත් 2018/19 සිට රටේ ආදායම වැඩි වන බවද පී. ගුරුගේ මහතා පෙන්වා දුන්නේය.