කතරගමට හෙට ස්ථිර විසඳුමක් | Page 2 | සිළුමිණ

කතරගමට හෙට ස්ථිර විසඳුමක්

කතරගම මහ දේවාලයේ ඇති වූ අර්බුදය සම්බන්ධයෙන් ලද වාර්තාවට අනුව හෙට (28) බස්නායක නිලමේ සහ කපු මහත්වරුන් අවිස්සාවේල්ලට කැඳවා විශේෂ සම්මුතීන් රැසකින් සමන්විත රාජකාරි ව්‍යූහයක් සකසා දීමට කටයුතු කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් නිමල් කොටවලගෙදර මහතා සිළුමිණට කීය.

දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය අනුව මාස 5ක ආදායම කපු මහත්වරුන්ට හා මාස 7ක ආදායම නිලමේවරුන්ට ලැබෙන ආකාරයේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර, කපු රාජකාරි සම්බන්ධ සියලු ක්‍රියාමාර්ග හා බස්නායක නිල‍‍මේවරයාගේ වගකීම සම්බන්ධ සියලු කටයුතු මෙහිදී පැහැදිලිව ලබා දෙන බවත්, කපු මහත්වරුන්ගේ තේවාවන් මාරු වීම් සම්බන්ධ පැහැදිලි ක්‍රමවේදයක් ලබා දෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටී. 

Comments