‘වැවිලි සවිය’ යළි ඇරැඹේ | Page 2 | සිළුමිණ

‘වැවිලි සවිය’ යළි ඇරැඹේ

‘වැවිලි සවිය ගමින් ගමට’ වැඩසටහන නැවතත් කුලියාපිටියෙන් ඇරැඹේ. මේ සඳහා පොල් සංවර්ධන මණ්ඩල ප්‍රමුඛත්වය ගෙන ඇති අතර, කප්රුක ණය යෝජනා ක්‍රමය, සහනාධාර ලබාදීම, පොල් පැළ බෙදා දීම මෙහිදී සිදු වේ.

වැවිලිකරුවන් 500 දෙනකුට රුපියල් මිලියන 7ක මුදලක් මේ සඳහා ලබා දුන් අතර, වැවිලි ක්ෂේත්‍රයේ නියැළී සිටින වගාකරුවන්ට සහන සලසමින් හා උපදේශන සේවා සපයමින් මෙතෙක් පැවැති වැඩසටහන යළිත් ඉදිරියට ගෙන යෑම අරමුණයි.

පොල් වගාව, තේ වගාව, රබර් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් ‘වැවිලි සවිය’ වැඩසටහන අරම්භ කළ අතර වගා ක්ෂේත්‍රයේ පවතින නොයෙක් ප්‍රශ්නවලට මෙහිදී විසඳුම් සෙවීම අරමුණු කරගෙන තිබේ.

පොල් වගාව ආශ්‍රිත කර්මාන්ත අන්තර්ජාතික තලයට ගෙන ඒම සඳහා පොල් වගාකරුවන් උනන්දු කරවීමත්, එමඟින් ‍විදේශ විනිමය අප රටට ගෙන ඒමත් මෙහි දීර්ඝකාලීන අරමුණ වී තිබේ. 

Comments