
රොෂාන් මහානාම කියන නම අවුරුදු ගණනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ පමණක් නොව බොහෝ දෙනා අතර රැව් පිළිරැව් දුන්නා.
ක්‍රීඩා පිටියේ නිහඬ චරිතයක් වූ මහානාම නිහඬවම තවත් බොහෝ දේ කළා. වවුනියාව දකුණ සිංහල කොට්ඨාසයේ විශේෂයෙන්ම සැළලිහිණිගම, නන්දමිත්‍රගම වෙහෙරතැන්න බෝගස්වැව ප්‍රදේශවල ජනතාව විඳින දුක සියැසින් දුටු ඔහු තමන්ට හැකි උපරිම සේවාවක් ඒ ගමේ දරු දැරියන්ට කරන්න කටයුතු කළා. වෙහෙරතැන්න පාසලක් ඔහු විසින් ස්ථාපිත කළේ ඒ අනුවයි.
වෙහෙරතැන්න රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලයේ නව බුදුමැදුර විවෘත කිරිම හා පුස්තකාලයට පොත් ලබාදිම වගේම දෙමාපියන් හා පාසල් සිසුන් හට වියලි සලාක හා පාසල් උපකරණ බෙදාදීම පසුගිය 20 වැනිදා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, සමඟ එක්ව සිදු කරන්න රොෂාන් මහානාම දැන් තරග තීරක මහතා කටයුතු කළා.
මේ සදහා මුල්‍ය දායකත්වය ලබාදෙනු ලැබුයේ බමිබලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වන තිරිකුණාමලයේ ආනන්ද මහනාහිමියන් ඇතුළු එම ශාසනික සේවිකා සමිතියේ සාමාජිකාවන් විසින්.
පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සදහා එම පාසලේ නල ළිදක් ඉදිකර ලබාදි ඇති අතර ඒ සදහා අනුග්‍රාහක දායකත්වය 'කැන්ඩිලා ඒයිඩිස්' ආයතනයේ රාජිත ප්‍රනාන්දු මහතා විසින් දරනු ලැබුවා.
ඊට අමතරව බෝගස්වැව ගම්මානයේ අසරණ අයකුට නිවසක් ඉදිකර භාරදිමද එදිනම සිදු කළා. ඒ සදහා මුල්‍ය දායකත්වය ඩුබායිහී වෙසෙන කැලුමි සුජිත් මහතා විසින් ලබාදුන්නා. මෙම සියලු කටයුතු සම්බන්ධිකරණය කරනු ලැබූයේ සිරිවජිරාරාම විහාරස්ථානයේ දායක සභාවේ ලක්ෂ්මන් මහානාම මහතා විසින්. මේ කටයුතු සඳහා මූලිකත්වය ගත්තේ රොෂාන් මහානාම මහතා විසින්මයි.
- තාරක