ප්‍රථම වරට කාන්තාවක් අධිකරණ අමාත්‍ය ධූරයට‍ | Page 2 | සිළුමිණ

ප්‍රථම වරට කාන්තාවක් අධිකරණ අමාත්‍ය ධූරයට‍

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් ලෙස නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දී අධිකරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ලදී. ඒ අනුව එතුමියට විදේශ රැකියා අමාත්‍ය ධූරයට අමතරව අධිකරණ අමාත්‍ය ධූරය ද හිමි විය.

අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය 1963 මැයි මස 30 වැනි දින උපත ලැබූ අතර එතුමියගේ සහෝදරයා වූයේ හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මහලේකම් එක්සත් ජාතික පක්ෂ උපනායක දිවංගත ගාමිණී අතුකෝරළ මහතායි.

2010 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී දිස්ත්‍රික්කයේ වැඩිම මනාප දිනාගනිමින් පාර්ලිමේන්තුවට පිවිසියේ ය. 2015 ජනවාරි 8 වන දින ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ එතුමිය 2015 ජනවාරි 12 වැනි දින නව රජයේ විදේශ රැකියා අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා ය.

 

Comments