
වැටී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උත්සාහය නැගිටීම නම්, ඇත්තටම එවැන්නක් තිබේ නම් සෑම දෙනාගේම ඇඟිලි ගැසීම්වලින් එය අවුල් වී යන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පෝතාස් ප්‍රකාශ කරයි. පෝතාස් මේ බව ප්‍රකාශ කර ඇත්තේ දඹුල්ලේ පැවැති ඉන්දු - ලංකා පළමු එක්දින තරගයෙන් නින්දාසහගත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට උරුම වූ පසුවය.
වෙලාවකට තරහත් යනවා, පෝතාස් වැඩිදුරටත් කියන්නේ මේ සුප් එකට සූපවේදියෝ වැඩියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් තම රාජකාරිය හරි හැටි කිරීමට ඉඩ නොදී නොයෙක් ආකාරයෙන් ඇඟිලි ගසන බව පවසන පෝතාස් ග්‍රැහැම් ෆෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන විට පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ අතර ෆෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායම හැරයාමෙන් පසු ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, තේරුම් කමිටු සභාපති සහ ක්‍රිකට් කළමනාකරු ගැන කිසිදු සඳහනක් නොකරන පෝතාස් ක්‍රීඩකයන් මහන්සි විය යුතු තරම් මහන්සි වෙනවා. ඔවුන් සුපිරියි. කාර්ය මණ්ඩලයත් අති දක්ෂ යැයි පවසන පෝතාස් ක්‍රිකට් පරිපාලකයන් ගැන අදහස් පළ කිරීමෙන් වැළැකී සිටියි.
පසුගිය දකුණු අප්‍රිකානු තරගාවලියේ පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් දිගින් දිගටම පරාජය වූවා මිසක් එහෙන් මෙහෙන් ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට සමත් විය. ජුනි මස ප්‍රධාන පුහුණුකාර තනතුර බාර ගත් පෝතාස්.
මට වැඩක් පැවැරුණා. එහි පාලනය මා යටතේ තිබුණා. අපට සාර්ථකත්වය ගැන දින වකවානු කීමේ හැකියාව තිබුණා. නමුත් පෝතාස් පවා යම් දෙයක් ගිලගන්නා තැනක් තිබෙන බව පැහැදිලියි.
ක්‍රීඩකයන්ගේ පැත්තෙන් ඒක අමාරුයි. වැඩ කරන අය විදියට අපටත් සැලසුමක් ඇතිව වැඩකරන්න අමාරුයි. මේ දක්ෂතාවලින් හෙබි ක්‍රීඩකයෝ, ඔවුන්ට යම් කාලයක්, ආදරයක් සහ සැලකිල්ලක් අවශ්‍යයි. මේ දේවලින් තමයි ඉක්මන් ප්‍රතිපල ලැබෙන්නේ.
ක්‍රීඩකයන්ගේ පැත්තෙන් මේ හා සමානම අදහසක් ප්‍රකාශ කර තිබුණේ ටෙස්ට් තරගාවලියේ වීරයා සහ පළමු එක්දින තරගයේ වීරයා වූ ශිකර් ධවාන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අත්දැකීම්වලින් පිරිපුන්වනවිට ඔවුන් සාර්ථක වන බවය.
මං ඔවුන්ට අසාධාරණයක් කරන්න කැමැති නෑ. ඔවුන් මං ක්‍රීඩා කරපු වැඩක් නැතිම පන්දු බලඇණිය කියලා කියන්නේ නෑ. විශ්ව ප්‍රනාන්දු හොඳ වේගයකින් පන්දු යවනවා. හොඳ වේග පන්දු බල ඇණියක් ඉන්නවා.
ධවාන්ගේ මෙකී කතාව අවශ්‍ය නම් අපට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ බංකොලොත්භාවය ලොව ඉදිරියේ තැබූ අවස්ථාවක් ලෙසද දැකිය හැකිය. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නිතරම ප්‍රකාශ කරන්නේ ද අප නැඟිටින තැනක සිටින බවය. මේ නැඟිටීම ද සීමාවක් - කාලයක් තිබිය යුතුය. එසේ නොවුණහොත් මෙය නිම නොවන එකක් විය හැකිය. දඹුල්ලෙන් ඇරැඹි හූව වහා නතර කරගන්නා තැනට වැඩ කිරීම කාගේ කාගේත් ශරීර සෞඛ්‍යයට ගුණදායක විය හැකිය.










