ආසියානු රග්බි 7 හොංකොංහිදී | Page 2 | සිළුමිණ

ආසියානු රග්බි 7 හොංකොංහිදී

එළැඹෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනකු එක්කර ගැනීමට ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව තීරණය කර තිබේ. ආසියානු 20 න් පහළ රග්බි තරගාවලියට එක්වූ නවීන් හේනකන්කානම්ගේ ඇතුළු යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනකු කෙරෙහිම තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාව එම තරගාවලියේදී හොංකොං වෙතින් පරාජයට පත්වී අනුශූරතාව දිනා ගැනීමට ද සමත් විය.

අදියර තුනකින් සමන්විත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර සැප්. 23 සහ 24 දකුණු කොරියාවේ පැවැත්වෙන අතර, අවසන් අදියර ඔක්. 13 - 14 දා ශ්‍රී ලංකාවේ පැවැත්වේ.

මේ අතර, සිය පවුලේ උදවිය සමග වැඩිපුර කාලය ගත කිරීමේ අරමුණින් හොංකොහි ඇරැඹෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියෙන් ඉවත්වීමට පළපුරුදු ක්‍රීඩකයකු හිටපු නායකයකු වන ෆාසිල් මරිජා තීරණය කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම සුදර්ශන මුතුතන්ත්‍රීට පැවරී තිබේ.

Comments