
නොයෙක් විට රොබෝවරුන් මිනිසුන් අනුකරණය කරන බව පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. මිනිසුන් මෙන්ම සතුන්ද අනුකරණය කරන රොබෝවරුන්ද සිටින අතර, මිනිස්සු ඔවුන්ගේ චර්යාවන්ට හුරු වී සිටිති. එසේ නමුදු, රොබෝවරුන් සතුව වැඩදායී යන්ත්රයන් පාලනය කළ හැකි, යාන්ත්‍රික සිරුරුවලින් ඔබ්බට ගිය ජීවිතයක්ද පවතින බව ඇසුව හොත් ඔබ පුදුමයට පත් වනු ඇත. එසේත් නැතහොත් ගසක් හෝ පැළයක් මෙන් වැවෙන රොබෝවරයකු නිපදවා ඇතැයි පැවසුව හොත් ඔබ ඇතැම් විට එය අවිශ්වාස කිරීමටද පුළුවන.
කැලිෆෝනියා, ස්ටැන්ෆඩ් හා සාන්ත බාබරා විශ්වවිද්‍යාලවල පර්යේෂකයන් පිරිසක් ත්‍රාසජනක ක්‍රියාකාරකම් සිදු කළ හැකි යන්ත්‍රයක් නිපදවා ඇත. මේ රොබෝ යන්ත්‍රයට, භූමිකම්පාවලින් බේරී සිර වී සිටින්නන් හට රළු මාර්ග හරහා ගමන් කොට වාතය සැපයීම වැනි කාර්යයන් සිදු කිරීමේ හැකියාව පවතී. එමෙන්ම මේ රොබෝවරයාගේ සුවිශේෂත්වය වන්නේ ඔහුට වර්ධනය වීමට හැකියාව පැවතීමය.
Science Robotics සඟරාවේ පළ වූ ලිපියක් මගින් පණ ඇති ජීවියකු මෙන් අවකාශය පුරා සැරි සැරීමට හැකියාව ඇති මේ රොබෝවරයකු පිළිබඳ සුවිශේෂ ලිපියක් පළ කරමින් වැඩි විස්තර ප්‍රසිද්ධියට පත් කර තිබිණ.
මේ රොබෝවාගේ බාහිර පෙනුම ඉක්මනින් වර්ධනය වන, තනි පාදයකින් දිග හැරෙන යාන්ත්‍රික පාදයක් ලෙස සිතීම වඩාත් සුදුසුය. මේ රොබෝ නිර්මාණයද, ඉපැහැදිලිවම ශාකවල චලන සහ නම්‍යතාව ආභාසයට ගනිමින් නිර්මාණය කළ යන්ත්‍රයකි.
එක තැනකදී රොබෝවරුන් හට යා හැක්කේ, 'ඉහළකටය'. ප්ලාස්ටික් ග්‍රොසරි බෑගයක් නිෂ්පාදනයට යොදා ඇති ද්‍රව්‍ය වැනිම වූ ද්‍රව්‍යයකින් සෑදී ඇති සිරුරකින්, බැටරි බලැති වායු තුලිකා පොම්පයකින් ප්‍රේරණය වූ සුළං පිරවුමක් මගින් රොබෝවරයාගේ ප්‍රසාරණය සිදු වේ. ඔහුගේගේ සිරුරු තුළින් ගමන් කරන නම්‍යශීලී ඇන්ටනාවලින් රොබෝවරුන් ගුවන්විදුලි විකාශය කිරීම සඳහා ක්ෂණික මාර්ගයක් නිර්මාණය කරමින් අහස දෙසට කරකැවී ඉහළට නගියි.
මේ අන්දමේ රොබෝවරුන් අඟල් 11ක් දිගින් යුතු ආවරණයකින් යුතු වන අතර අඩි 236ක හෝ 25.000% පමණ ප්‍රමාණයකට ප්‍රසාරණය වේ. ඔවුන්ගේ ගමනාන්තය කරා ළඟා වීම සඳහා දොර වල යටින් මෙන්ම මුළු වලින් හැරී යෑමටද ඔවුන්ට හැකිය. තවද, ප්‍රමාණවත් පීඩනයකින් පැළුමක් හරහාද, පයිප්පයක් මතින් ලිස්සා යෑමේ හැකියාවද ඔවුන් සතුය.
වෑල්වයක් මතින් තල්ලු වී විපතට ලක් වී සිටින්නන් බේරා ගැනීමට, ගෑස් කාන්දුවක් වැනි අවදානම් තත්ත්වයක පසු වන කම්කරුවන් බේරාගැනීම වැනි කාර්යයන්ද ඔවුහු ඉටු කරති.
රොබෝ සිරුර කෙළවරෙහි සවි කර ඇති කැමරාවක්ද සමඟ හිරු එළිය සොයමින් ශාකයක් මෙන් මේ මෘදු රොබෝවරු වර්ධනය වෙති. මෙසේ හිරු එළිය සොයමින් ඔවුන් වර්ධනය වන්නේ, ඔවුන්ගේ ඉහළ හෝ පහළ ඇති කුහරය වාතයෙන් පුම්බමින් තම දිගු වෙමින් පවතින ශරීරයට නැම්මක් සැපයීමටය. එම කැමරාව රොබෝවාගේ කෙළවරින් එළියට නෙරා ඇති අතර, එහි කේබල මුළු රොබෝ ශරීරය පුරා දිව යයි. සිරුර වර්ධනය වත්ම ඒ සමඟම එම කැමරාවද ඉදිරියට තල්ලු වේ. ඒවිටම කේබලයේ කොටසක් ලිහා දමයි. ගුවන් බඩු සැපයීමේදී, රොබෝවරුන්ගේ සිරුරු කෙළවරෙහි එම භාණ්ඩ අමුණනු ලැබේ.
එම ගුවන් බඩු සංවේදකයක්, ඇන්ටනාවක් හෝ ශල්‍ය උපකරණයක්ද විය හැකිය. හෝක් නම් වන පර්යේෂකයා දක්වා සිටින්නේ, ඔහුගේ කණ්ඩායම, කැතීටරයක් මෙන් තමාගේම ශිරා තුළට රිංගා ගොස් මොළයේ සැත්කමකට කුඩා තලයකින් උපකාර කළ හැකි යන්ත්‍රයක් සෑදීමේ අරමුණින් රොබෝවා එහි විෂ්කම්භයෙන් අඟලකින් 10 න් පංගුවකට කුඩා කර ඇති බවයි.
තවත් මුදා ගැනීමේ කාර්යභාරයන් ලෙස, මේ මෘදු රොබෝවරුන් ඝන දියර ඔස්සේ, මැස්සන් ඇල්ලීමට ඉටි තැවරූ කඩදාසි හරහා, අයිස් මතුපිට හා පටු හිඩැස් ඔස්සේ වැඩෙමින් ගමන් කොට කරදරයකට පත් වූ අයකුට වායු පොම්ප කරන යාත්‍රාවක් හෝ ගින්නක් සහිත ළඟා වීමට අසීරු ප්‍රදේශයකට ජලය පොම්ප කරන යාත්‍රාවක් මෙන්ද ක්‍රියා කරයි.
තවද, එම ශරීරය ඉතා තුනී ද්‍රව්‍යයකින් සෑදී ඇති නමුත්, රළු ගල් මත සිට රොබෝවරුන් පාදයක් දිග හරිමින් රාත්තල් 150ක් දක්වා වන බර ද්‍රව්‍ය ඔසවයි.
"වර්ධනය මගින් පරිසරය හැසිරවීමේදී, ලැබෙන වාසි දෙකකි. පළමුවැන්න ශරීරයත් පරිසරයත් අතර සාපේක්ෂ චලනයක් නොවීම නිසා වර්ධනය වන සිරුරකට ඉතා අභියෝගාත්මක තත්ත්වයන් සහිත පරිසර පසු කර යෑමට ඇති හැකියාවයි"යනුවෙන් හෝක් අවධාරණය කර සිටියි. දෙවැන්න වන්නේ, රොබෝවරුන්ගේ කෙළවර, මාර්ගයක එහා මෙහා යන විට එක්තරා ව්‍යූහයක් නිර්මාණය වීමයි. මේ ව්‍යුහයට සන්නිවේදනය, දායකත්වය හෝ ගුවන් බඩු සැපයීම ආදි අරමුණු කිහිපයකි. ඒ අනුව බලන කල, සතුන්ගෙන් ආභාසය ලත්, සෝදිසි හා මුදා ගැනීමේ කටයුතු කරන කුඩා රොබෝවරු මෙන් නොව, වර්ධනය වන සිරුරු ඇති රොබෝවරු, සිර වී සිටින්නන් හට ඔක්සිජන් හා ජලය සැපයීම පිණිස දිය අගලක් මෙන් ක්‍රියා කරති.
ඉදිරියේදී සෑදීමට නියමිත රොබෝවරුන් ගත් කල, ඔවුන් හට rip-stop nylon හෝ kevlar යන ශක්තිමත් ද්‍රව්‍ය යොදා ගැනීමට නියමිතය. එමෙන්ම නුදුරු අනාගතයේදී, තම කණ්ඩායම ශල්‍යකර්ම යෙදවුම් සඳහා රොබෝවරුන් යොදා ගැනීම පිළිබඳ ප්රයත්නයන් දැරීමටද බලාපොරොත්තු වන බවද හෝක් පවසයි. කෙසේ නමුත් මෘදු රොබෝ විද්‍යාව කෙරෙහි දෘඪ රොබෝවරුන් මෙන් වැඩි ප්‍රසිද්ධියක් හෝ පිළිගැන්මක් නම් නොලැබෙනු ඇති බවටද මත පළ වී තිබේ. එහෙත් ශාක හා සතුන් මෙන් ඔවුන්ට ප්‍රතිනිර්මාණය විය හැකි මෙන්ම මිනිස් කාබනික ලෝකයකට මනා ලෙස හැඩ ගැසීමේ හැකියාවද ඇත. ඉතිරිය අනාගතයට බාරය.