කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

සල­ළෙ­කුගේ සැබෑ ප්‍රේමය

හිනා­වෙන්න
මන්ද­ස්මි­යෙ­න්්
­දුක වල­ඳ­මින් ‘ඔබ’
තව­මත් දුක් ග‍ඟේ කිමිදේ...

මිහි­මත සැඟව ගියා ඔහු
අතී­තය සමඟ
මතක සුන්බුන් අත­ර‍
­ක­ටුක යථා­ර්ථ­යක් පමණි...

පෙනෙන අද ද
නොපෙ­නෙන හෙට ද
සම­බර නැහැ කිසි දිනක...

මල් දම් ගොතා නැත
ඔබ නමින් තවම
ඔබට කිය­න්නම් සොඳුර
කිලිටි වූ දිවියේ කොනක
ඔබ නමින් උපන් ආල­යක් ඇත

මේදනී මැණි­ක්කු­ඹුර


මගෙ බොළඳ හීනේ


රෑ අහස අදත් තරු මාලෙ පල­ඳීවි
රිදී සඳ දිය ඉහින දිස්න­යෙන් පේවී
හිනි පොද වරු­සාවෙ යන්ත­මට ගෑවී
අදත් අපි ඇවිද යමු සීත නොදැ­නේවී

ලස්ස­නම තරු­ව­කට අත වනන වේලේ‍
­මු­මු­නන්න මං ආස ගීත­යක තාලේ‍
­ඉ­ල්ල­ගෙන ආක­හෙන් සිනිඳු සඳ සේලේ
ස‍ිත­ලට දව­ට­ගෙන ගනිමු තරු මාලේ

කවු­රු­වත් නැති වුණොත් පෙනෙන තෙක් මානේ
අතින් අත අල්ල­ගෙන නටමු තරු රෑනේ
එළි වෙන්න ඉස්ස­රින් මගෙ බොළඳ හී‍ිනේ
නුඹ පුංචි කවි දෙකක් කිය­න්නත් ‍ඕනේ

කුරවි කූජනා
ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලය


නික්ම ගිය සඳ...


තෙත් බිම ඉපිද ලේ කැටි බිළි­ඳකු ලෙස ට
යොන් විය පිය නැගී වැව් බැඳි රට වෙත ට
උගත් ශිල්පය දී මතු දින පර­පුර ට
ඔබ කළ මෙහෙය අමතක නෑ කිසිවකු ට
වැව් බැඳි රටේ හැම අහු­මු­ල්ලක් නෑර
දුක දැන ඉගෙන හේනක කුඹු­රක සාර
ලේ ඩහ­දියේ දියැවී යන හැටි පෝර
පන්හිඳ අකුරු ඇමිණුවෙ පිටු­වක් නෑර

හොල්මන් කොරිය ගත වර­දක නිමා දැක
පනා­මුරේ ඇත් ගාලෙන් නැඟු සෝක
වන­ගත ඇසුර ගැන පොත පත ලියූ නේක
අම­තක නොවේ සබ­ඳිනි ඔබ කිසි දාක

ගොවි­යකු හෙළන ඩහ බිඳු­වක අගය දැනී
‍ඔබ ලියූ පොත පතින් සම­හරු ඉගෙන ගනී
ජීවන ගමන නිම­කර ඔබ නොගිය වැනී
සිහි­වන විටදි අප නෙත ‍ෙතත බිමට පනී

එක් වුණු ගමන වස් තුදු­සක් නිමා කොට
නික් මී ගියේ ඔබ මෙහෙ­වර නිමා කොට
බොඳ සිතු­ව­මක් නොම වී මගෙ සිහි­න­යට
නැව­තත් සසර මග හමු­වෙමු හෙට දිනට

රත්නා කහ­ඳ­ග­මගේ
 


මෙහෙය අස­මයි ඔබේ


බිහි­සුණු සට­න­කින් පුද­කර ගත සවිය
බිම තැබුවා පමණි උර තිබූ ගිනි අවිය
සම­කොට සිතා හැම මිනි­සෙ­කු­ගෙම දිවිය
ඔබ කැප කළා යළි මුළු ගත සිත සවිය

ගං වතු­රට මැදිව මිනි­සුන් ගි‍ෙලන විට
අහ­සින් ගොඩ බිමින් පැන මහ සටන කට
බේරා ගෙනෙන විට තම ලේ උරුම යට
රණ­විරු පුතුනි ඔබ ආඩ­ම්බ­රය මට‍

­පිට පිට නාය යන කඳු මැද ගොහොරු මඩේ
වට දහ දිය කඳුළු සම­ඟින් එකට මැඩේ
යට වුණු දුබල හැම ඔබ දෑතෙහි ම වැඩේ
මට මහ පුදු­ම­යකි ඔබ මේ කරන වැඩේ

රැස් කොට මළ සිරුරු තබ­මින් රෑ තිස්සේ
දුෂ්කර සටන ගෙන යන­විට මහ වැස්සේ
පස් කඳු තුළින් එන කෙඳි­රිලි හඬ ඔස්සේ
විස්මිත මෙහෙ­යු­මට ඔබ නෑ පසු බැස්සේ

කුණු කඳුවලට යට වී මහ දුගඳ මැද
උණු­සුම සිඳුණු මළ කුණු යළි ගොඩට ඇද
ලණු­වෙන් ගැට ගසා එක පොදි­ය­කට බැඳ
මනු සනු­හරේ යුග මෙහෙ­වර කරන වද

මහ­මෙ­ර­ටත් වඩා කළ මෙහෙ­වර කන්ද
පද­යෙන් දෙකෙන් නිම කර­නට පුළු­වන්ද
රණ­විරු පුතුනි ඔබ වෙනු­වෙන් සිත් බැන්ද
දෙවි­වරු සලති පර­සතු මල් මක­රන්ද


චන්ද්‍රිකා දිසා­නා­යක


ඔබේ ප්‍රේමය නම්

මවයි සිතු­වම්
ගෙනෙයි කවි­කා­ර­කම්
මගෙ හිත දැන්
කරයි දඟ­කා­ර­කම්

පිපෙ­න්නට නම්
පෙති දුග හැරන් හැඟුම් මල්
ඉඹි­න්නට ඇත් නම්
සිතින් කුසුම ඇති තරම්

රැ‍ඳෙන්නට නම්
මේ සොඳුරු බව හිත් බැඳන්
ඔබ ඉන්නවා නම්
මට තනි­යක් නැති තරම්


සඳ­රු­වන් කරු­ණා­ති­ලක


පැතුම් වස්සානේ

හද ඇවි­ළෙද්දී වියෝග ගින්නේ‍‍
­අ­හ­සට දැනි­ලයි වැසි ඇද හැලු­ණේ
­හැ­ඬු­වද නුඹ ගැබ මා සිත නොනි­මෙයි
නුඹේ නෙතග කඳු­ළයි සිහි­වන්නේ

වරුසා දිය යයි දෙගොඩ තළා
සෝක සුසුම් වැල් ඉවුරු තළා
හද­වත අත­රින් සිරුර පුරා යයි‍
ගං වතු­රක් වී කඳුළ ගලා‍
­
ව­ස්සානේ බොර ගංදිය අතරේ
පා කර එව­නෙමි දුක රැල්ලක් ලෙස
නුඹේ සුසුම් පණි­වු­ඩ­යක් ඒ මත‍
­උ­ඩුගං පාවී ඒ දැයි බල­නෙමි

දිය­කර කඳුළට දුක වෙන්වී­මක
බාදක බිඳ­ගෙන යන මේ වැසි දිය
පව­සයි අප­හට සෙනෙහෙ සිතින්
එක්වන පැතු­මන් යළි මතු දින­යක

කඳුළ ද වැස්ස ද තූරල් වී යයි
බලා­පො­රොත්තු හිරු කිරණේ නැහැවී
වියෝග වැට­කොටු බාධක බිඳ­ගෙන
හෙට සුපි­පෙනු ඇත එක් වීමක මල්!


සරත් කුමාර වික්‍රම


තනි ­වුණු ප්‍රේමය

මගෙ හිතට එබෙන - රස සිහින මවන
මඳ නලට කියන ප්‍රේම කතා­වයි
මදු බිඳක මිහිර - දෙතො­ල­ගට නොගෙ­න‍
­හ­ද­ව­තට පුදන පාර­මි­තා­වයි

යන මඟට නිතර - මුදු කිරණ බෙදන
රැය අඳුර නිවන තාර­ප­තින්දූ
මිහි­ම­තට බසින - සුර කුමරු ගයන
දෙස­ව­නට දැනෙන ගී අම බින්දූ

මහ රැයක සිහින - සුනු විසුනු නොකොට
නෙතු අගට කඳුළු බිඳු නොම ගෙන්නා
හිමි­දි­රිය රැගෙන - පිනි පබළු පොටක
සෙනෙ­හ­සක සොඳුරු බව අමු­ණන්නා

තව දුරට මෙලෙස - නිදි නොමැති දෙනෙත
වෙහෙ­ස­වනු කුමට හිඳ තනි යානේ
රස මියුරු තෙපුල - හිත සතුට රැගෙන
අපි ඇවිද යමු ද රෑ හඳ පානේ

සුර ලොවක සිරිය - එක­ව­රට ගෙනෙන
තරු අහස වියන සර­සන යාමේ
සිඳු වෙරළ අසල - වැලි­ත­ලය මතම
මම අකුරු කරමි මගෙ තනි ප්‍රේමේ

ශ්‍රියා හිඳු­රං­ගල


උසින් වැඩි ගස් කියන කතා

සෙසු නෑසි­යන් පරයා
උසින් උස­ටම ගොස්
උසින් වැඩි ගස් විලස
අබි­ම­නින් යුතුව

වැජ­ඹෙ­නවා නොව
උසින් වැඩි­කම නිසාම
කිනම් මොහො­තක හෝ
අකුණු සැර­යක්

හිස් මත පතිත වේ දැයි
නිර­තුරු මෙනෙහි කර­මින්
අහස ගිගු­රුම් දෙන හැම කල
බියෙන් හැකිළී
දිවි ගෙව­න්නෙමු අපි සැම

ගංගා වරු­ෂ­වි­තාන


දෙබිඩි සිත් මිතුරු පොදි

දහ­මට පට­හැ­නිව ගම­රට හිනැස්සූ
අඳු­රට ඇදෙන රුව පසු මැද තිගැස්සූ
හිත­යට පිරුණු කුණු කන්දල් ඇවිස්සූ
තර­ගෙට පොරබදති නොමියෙන මිනිස්සු

උන් තම සිරිත් මව­මින් ළඟ සෙමින් යුතු
හිත් යට දෙබිඩි කෙදි­රිලි ගී වහන් තතු
බත් පත බලා කෙළ ‍හලමින් අනුන් සතූ
ගත් මඟ දනී පෙර ගම­නට තමන් පැතූ

බැඳ හිස මිතුරු පොදි ළෙන්ගතු සතුට මුස‍ූ
නිද­හස තොටිලි පැද අඹ­සිත් එකට විස‍ූ
අද­හස යට­හිතේ කාරිය කෙරුණු පසූ
මද­හස මියුරු බස් දුක - සැප නොමැත ඇසූ

පොදි බැඳ යස ඉසුරු කර ඉහ තබා ගිනී
අදි මදි කළ පිනට රට - තොට පුරා දනී
ඇඳි වත පිරු­ව­ටය විනි­විද රටා තුනී
වැදි බණ දෙසුම් ජන පපු­වට කඩා පනී

නම රඳ­ව­මින් පත්ති­රු­වල තමන් හට
තම නොද­නි­මින් බර පටවා අනුන් පිට
ගම රට හින­ස්සන කොඳු­රන විටින් විට
සම­හරු නොද­ල්වති නොනි­මෙන පහන් වැට

දත නිය­ව­මින් එක දෙය­කට දහස් වර
පොත පෙර­ළ­මින් මිනි­සත් කම උකස් කර
මත­කය ඉකි­බි­ඳන යට­ගිය සවිස් කර
සිත කය දැවේ දැන කිම අය පිටස් තර

කර­දර ගැටලු මැද සග­යන් ඇසුරු කර
හර බර ඇති ව දැන හඳුනා මුහුණු වර
පෙර හර නොයෙ­දෙ­මින් ‍උරෙනුර කරට කර
පෙර මග නිහඬ වත රැක්මට දරමි වැර

නන්ද­සේන පලි­හ­ක්කාර


අතකසය

මත කය අව­දි­කර කවි සිඳු දිය ගැඹරේ
සත නෙත සන­ස­වන තරු එළි දිලි අඹරේ
අත කස අසු දෙව­සක අබි­මන වසරේ
නෙත සිත පහන් කර විස්වය තුළ පැතිරේ

කවි­යෙන් එදා ජාතිය පණ පෙවුවෝ
දිරි­යෙන් සදා පර­ගැති බව නැසුවෝ
රස­යෙන් ලොවක් රස ගඟු­ලක හෙළුවෝ
දිවි­යෙන් වෙන් වුවත් සැමදා දිනුවෝ

බැඳි යුරු රස විරිත නොසිඳූ අද­හ­සය
පැදි නදි­ය­කට රන් දිය­වර සිසි­ල­සය
ගැදි පැදි එකට එක්වුණු තැන රන්ර­සය
විඳි රස කවෙහි බිහි­කෙ­රුවේ අත­ක­සය

සර­තැස නිවූ නිරු­දක කවි බිම් වලද
සිසි­ලස මැවූ සඳැ­සෙහි සක්වළ තුළද
කිතු­ගොස විහිදව‍ූ විස්මය තුළ නොමඳ
අත­කස ළඳුනි! ඔබැ විය­පත් නැහැ නොවෙද

ඩබ්ලිව්.කේ. සරත් විම­ල­සිරි


දෙවි­යොත් අමොද දෙති

වසර අසූ දෙක­කට පෙර දැයෙහි දිනූ
හෙළ කවි රස හැඳිනූ කිවි­ඳුන් රැසක් තැනූ
අත­කස කවි මවට කවි රසි­ක­යන් පිනූ
දෙවි­යොත් අමොද දෙති නව නළු රසය හැනූ

හෙළ කවි සමුළු ඉති­හා­සයෙ ඇර­ඹු­මට
සැල වන කවීන්ගේ එක­මු­තු­වකි අපට
එළ­ඹුණ කොලඹ යුගයේ බිහි­වුණ රටට
කුල­වමි අත­ක­සය සර­සවි පිදු දැයට

අල්විස් පෙරේරා, කේයස්, කුම­ර­ගම
ජී.එච්. පෙරේරා, සේසිරි, කුඩ­ලි­ගම
හෑගොඩ කුර­වි­කැල ඔප කළ කුසුම් දම
හැමදා සුසු­ව­ඳයි අත­කස මිහිරි නම

අත­කස මෑණි ගත කළ වස් අසූ දෙකේ
කළ මෙහෙ­ව­රින් කවි හර තිරව රැකේ
කවි­යෙන් සාහි­තෙන් නොදැ­නුම් අඳර මැකේ
ලක්මව එසඳ ලොව බැබළේ නොමැත සැකේ


විමල් රූබ­සිංහ


අත­කස රැජන

රැක්කේ නිබඳ හෙළ කවි­යයි හෙළ බසය
ඒ මෙහෙ­වර ගතොත් මහ මෙර­ටත් උසය
රට තොට සිව්දි­ගට පැති­රුණ කිතු ගොසය
විය­පත් නොවන අග රැජ­නකි අත­ක­සය

කරු­ණා­රත්න හපු­ආ­රච්චි


පින්ව­න්තිය

කඳු වළ­ල්ලක ඈත දසුන වගේ
චම­ත්කාර සිත්තම තවරා
නුවන් තරු පුබුදු කළ සොඳු­රිය...

රැය ඇවි­ටිලි කළත් නින්දට
අව­නත නොවී මඟ හැර
මගේත් දරු­ව­න්ගේත් හෙට වැඩ
අද නිම කරන පින්ව­න්තිය..

අම්මා වියූ පැදු­රු­වල
සුමට රටා තේරුම් ගෙන
කාලය අගුළු ලෑ නැණ­ව­තිය...

රුදා හංගා­ගෙන පොළොව වගේ
ඉකි ලෑමක් සුසු­මක්
සසල නොක­රන හිත­ව­තිය...

සිසිල උණූ­හුම
මැසි මදුරු උව­දුරු
අප පෙළා දෝ සිත බියෙන්
ලොව නිඳන යාමයේ
අවදි වන මුවැ­ත්තිය

අබ්දුල් කේ. සාදී­කින්


වැරදි පැන­යකි

ඔබ අසයි
“හරි­හම්බ කරල ඇති සෑහෙන්න
ඔය තරම් කාල­යක් පිට­ර­ටක”..
නිරුත්ත වෙමි.. අසනු මැන මගෙන්..
පාර තොට වැර­දිලා ජීවි­තෙන් පැර­දිලා
නීති­යෙන් විස­ඳු­මක් සොයා ආ
මිනි­ස­කුට පිළි­ස­රණ වූ අයුරු..
අසනු මැන මගෙන්..

ළද බොළඳ ළමා වයෙ මිනිස් ගොදු­රක් වෙලා
නීති­යෙන් විස­ඳු­මක් සොයා ආ
ගැහැ­නි­යට පිළි­ස­රණ වූ අයුරු..
දින ගනන් සති ගණන්
නොනැ­වති කතා කළ හැකිය මට
කැප කෙරූ හැටි දිවිය සහ­න­යක් ලැබ දෙන්න
නීති­යෙන් පිළි­ස­රණ පතා ආ...

දුප්ප­තුන්ට හරි­ජ­න­යන්ට ගණි­කා­වන්ට
බේබ­ද්දන්ට සිර­ක­රු­වන්ට සර­ණා­ග­ත­යන්ට
ආදි­වා­සීන්ට අස­ර­ණ­යන්ට..
අමිල වු අනගි වූ ඔවුන්ගේ තුති වදන්
පමණි එක් රැස් ක‍ළේ පුරා සත­ළිස් වසක්


මහා­චාර්ය මෛත්‍රී පනා­ගොඩ


අතකසය තවම තරුණයි!

අග නුවර තරුණ කවි සමා­ජයේ 81වැනි සංව­ත්ස­රය සහ විශේෂ උත්ස­වය මහා­චාර්ය ජේ. බී. දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එස්.ද.එස් ජය­සිංහ සමරු ශාලාවේ දී අද (20) ප.ව 2.30 ට පැවැත්වේ.

එක්ද­හස් නව­සිය තිස්පහ අවු­රුද්දේ දී කොළඹ වික්ටෝ­රියා උද්‍යා­නයේ දී (වර්ත­මා­නයේ විහාර මහා දේවි උද්‍යා­නයේ) කොළඹ කවි සමා­ජය ආරම්භ කෙරුණි. ඉන් පසු එක්ද­හස් නව­සිය හතළිහ මුල් භාගයේ දී දෙම­ට­ගොඩ වාසය කළ ජේ. සී ජය­ති­ලක රස­ව­තා­නන්ගේ ජය නිවසේ පැවැති කොළඹ කවි සමා­ජයේ මහා සභා රැස්වී­ම­කදී එහි නාමය අග­නු­වර තරුණ කවි සමා­ජය ලෙස හැඳි­න්වීම ඒක­ම­ති­කව තිර­ණය තිර­ණය විය. එහි ප්‍රථම සභා­ප­ති­ව­රයා වුයේ පී. බී. අල්විස් පෙරේරා කවි­යාය.

අග­නු­වර තරණ කවි සමා­ජය ආරම්භ කිරි­මට මූලික අර­මුණු කිහි­ප­යක්ම තිබි ඇත්තේය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරී­මට එකල අත­කස කවියෝ පෙර­මුණ ගත්හ. එමෙන්ම ප්‍රථම වරට කවිය වෙනු­වෙන් සම්මාන පිදීම ආරම්භ කරන ලද්දේ ද අග­නු­වර තරුණ කවි සමා­ජය විසිනි. ඒ එක්ද­හස් නව­සිය හැට හත වස­රේ­දීය. මුල්ම වරට වී. ඩී ද ලැන­රෝල් කවියා සම්මා­න­යෙන් පිදුම් ලැබීය. එදා සිට අද දක්වාම කිවි­පති, නර්ත­න­පති, ගීපති සහ අත­කස අභි­මන් යන සම්මාන වලින් නිර්මාණ කරුවෝ පිදුම් ලබ­න්නාහ. ගෙවි ගිය කාලය තුළ කවි­යට ළැදි ආධු­නික කවි කිවි­දි­යන් සඳහා ගායනා තරග මෙන්ම පද්‍ය රචනා තරග පව­ත්වනු ලබ­න්නේය. එමෙන්ම මිය­ගිය කවි­යන් සිහි­කර මුද්දර නිකුත් කිරීම මෙන්ම වැඩි­හි­ටි­යන්, පාසල් ළම­යින් වෙනු­වෙ­න්කාව්‍ය රස­වි­දීමේ වැඩ සට­හන් පැවැ­ත්වීම ද අත­කස මඟින් කර­ගෙන යනු ලබන සමාජ සත්කාර අතර වේ.

කවි සුවඳ අත­කස නිල පුවත් පත වන අතර අග­නු­වර තරුණ කවි සමා­ජය 1985 අංක 35 දරණ පනත යටතේ ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික ජන රජයේ පාර්ලි­මේ­න්තුව විසින් සම්මත එකම කවි කවි සමා­ජය වේ. මෙවර 82 වැනි සංව­ත්ස­රය සම­රණ අග­නු­වර තරුණ කවි සමා­ජයේ ආර­ම්භයේ සිට මේ දක්වා පී.බී .අල්විස් පෙරේරා,විම­ල­රත්න කුමා­ර­ගම,යු ඒ ඇස් පෙරේරා,සුදර්ම සෙනෙ­වි­රත්න, සාගර පල­න්සූ­රිය , එච් එම් කුඩ­ලි­ගම, බිංගි­රියේ විජ­ය­කු­මාර, විම­ලේන්ද්‍ර වතු­රේ­ගම, සූර­සේන ආටි­ගල, උප­නන්ද බටු­ගෙ­දර විම­ල­සිරි පෙරේරා, චිත්‍රා­නන්ද අබේ­සේ­කර,වල්ගම සෝම­ති­ලක, සේසිරි විජේ­සේ­කර, ගාල්ලේ බර්ලින් ආදී කවියෝ සභා­පති ධුර­ත්වය ඉසිලූහ.

ආසිරි විජේ­සේ­කර
සම ලේකම්
අග­නු­වර තරු­ණ­ කවි සමා­ජය

Comments