ඩෙංගු කීටයන් වැඩි ආගමික ස්ථානවල | Page 2 | සිළුමිණ

ඩෙංගු කීටයන් වැඩි ආගමික ස්ථානවල

 2017 වසරේ කළ ඩෙංගු කීටයන් සිටින ස්ථාන පිළිබඳ පරීක්ෂණ අනුව වැඩිම ඩෙංගු කීටයන් බෝ වීමේ අවදානම තිබුණේ ආගමික ස්ථාන පරිශ්‍රවල හා රෝහල් ආශ්‍රිතව බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පවසන්නීය.

ඒ අනුව 2017දී පරීක්ෂා කළ ආගමික ස්ථාන පරිශ්‍රවල 94%ක ඩෙංගු කීටයන් සිටි බවත් රෝහල් පරිශ්‍ර සියයට 78%ක ඩෙංගු කීටයන් සිටි බවත් විශේෂඥ වෛද්‍ය පන්නිලහෙට්ටි මහත්මිය පවසන්නීය.

මීට අමතරව මදුරු කීට පරික්ෂාවට ලක් වුණු පාසල්වලින් 55%ක ඩෙංගු කීටයන් සිටි බවත්, රාජ්‍ය ආයතනවල 41%ක ඩෙංගු කීටයන් සිටි බවත් මේ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

2017 ඩෙංගු කීට පරීක්ෂාවට අනුව ආගමික ස්ථාන 18ක් පරීක්ෂාවට ලක් වී ඇත. ඉන් ස්ථාන 17ක ඩෙංගු කීටයන් වර්ධනය වී සිටිනු දක්නට ලැබී ඇත. ඊට අමතරව පරීක්ෂාවට ලක් කළ රෝහල් 39කින් 29කම ඩෙංගු කීටයන් වර්ධනය වී තිබිණි.

Comments