ලොව සුපිරිතම මලල ක්‍රීඩා තරු | සිළුමිණ

ලොව සුපිරිතම මලල ක්‍රීඩා තරු

ලොව සුපිරිතම මලල ක්‍රීඩා තරු සහභාගි වූ 16 වැනි මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය එංගලන්තයේ ලන්ඩන් නුවරදී නිමාවට පත් වූයේ සමස්ත ශූරතාව අමෙරිකාවට හිමිකර දෙමිනි. ඔවුන්ට රන් 10, රිදී 11 සහ ලෝකඩ 09 ක් සමඟ මුළු පදක්කම් 30 කි. මෙවර දෙවැනි තැන කෙන්යාවටයි.

 

රන් රිදී ලෝකඩ එකතුව

(1) අමෙරිකාව 10 11 09 30

(2) කෙන්යාව 05 02 04 11

(3) දකුණු අප්‍රිකාව 03 01 02 06

(4) ප්‍රංශය 03 - 02 05

(5) චීනය 02 03 02 07

(6) බ්‍රිතාන්‍යය 02 03 01 06

(7) ඉතියෝපියාව 02 03 - 05

(8) පෝලන්තය 02 02 04 08

(9) ඒ. එන්. ඒ. 01 05 - 06

(10) ජර්මනිය 01 02 02 05

 

මෙවර සමස්ත පදක්කම් සටහනේ සුවිශේෂී සිදුවීම් දෙකක් දක්නට ලැබේ. එනම් පසුගිය කාලයේදී කෙටි දුර තරගවලින් ආධිපත්‍යයක් පිහිටුවා තිබූ ජැමෙයිකානුවන්ගෙන් මෙවර එය ගිලිහි යාමයි. ඔවුනට මෙවර හිමිකර ගැනීමට හැකි වූයේ රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් පමණකි. ඔවුනට සමස්ත ප්‍රතිඵලයට අනුව හිමිවූයේ 16 වැනි තැනයි.

මලල ක්‍රීඩා ඉතිහාසයේ බිහිවු විශිෂ්ටතම කෙටි දුර ධාවන ශූරයා වූ ජැමෙයිකාවේ යුසේන් බෝල්ට් මෙවර ශූරතාවලියෙන් පසුව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේය. එසේ වුවත් ඔහුට මෙවර හිමිකර ගැනීමට හැකි වූයේ මීටර් 100 තරගයේ ලෝකඩ පදක්කම පමණි. හෙතෙම මීටර් 200 තරගයට ඉදිරිපත් වූයේ නැත. කෙසේ හෝ තම අවසන් තරගය වූ මීටර් 4ය100 සහාය තරගය අතරතුරදී පාදයේ ආබාධයකට ලක්වීම නිසා බෝල්ට් ප්‍රමුඛ ජැමෙයිකාවට තරගය නිමා කිරීමට හැකි වූයේ නැත.

බෝල්ට්ට පරාජිතයෙක් ලෙසින් ක්‍රීඩාවෙන් සමු ගැනීමට සිදුවුවත් ඔහුගේ දස්කම් අභිභවා යාම සෙසු ක්‍රීඩකයන්ට නම් පහසු කාර්යයක් නොවනු ඇත.

මේ වන විට රුසියාවට ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටිය තහනම් කලාපයකි. ඒ තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙනි. කෙසේ වෙතත් මෙවර ලෝක ශූරතාවලියට රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායමක් සහභාගි වූයේය. ඔවුන්ට සහභාගි වීමට අවසර හිමිවූයේ තහනම් උත්තේජක භාවිතා කිරීමට ඔවුන්ගේ සම්බන්ධතාවක් නැති බවට සනාථ කිරීමෙන් පසුවයි.

මෙම විශේෂ කණ්ඩායමට අයත් වු පිරිස 19 කි. ඒ ක්‍රීඩිකාවන් 07 ක් සහ ක්‍රීඩකයන් 12 ක් වශයෙනි. ඔවුන් ඉසව් 14 කට ඉදිරිපත් වූහ. මෙම කණ්ඩායම හැඳින්වූයේ ඒ. එන්. ඒ. හෙවත් ඒඋඊඩ්ර්‍ණඅධ්ඉඡ්ච් ව්ඡ්උඊඅඒඹ් ඒඊඩ්ඹ්ඡ්ඊඡ්ඉ) කණ්ඩායම නමිනි. ඔවුන්ගේ හැකියාව කෙතරම් ද යත් සමස්ත ප්‍රතිඵලයට අනුව 09 වැනි තැන හිමිකර ගැනීමට සමත් වූහ.

මලල ක්‍රීඩා ලෝක ශූරතාවලි ඉතිහාසයේ වැඩිම පදක්කම් හිමි කර ගත් සුපිරිතම තරුව බවට මෙවර පත් වීමට අමෙරිකාවේ ඇලිසන් ෆීලික්ස් සමත් වුවාය. ඒ මෙවර රන් දෙකක් සහ ලෝකඩ පදක්කමක් සමඟ මුළු පදක්කම් තුනක් හිමිකර ගනිමිනි. මේ අනුව 31 හැවිරිදි ඇයට හිමි මුළු පදක්කම් ගණන 16 කි. මෙහි සම දෙවැනි තැන ජැමෙයිකාවේ බෝල්ට් සහ මර්ලින් ඔටේට හිමිය. ඔවුනට මුළු පදක්කම් 14 බැගිනි.

Comments