
ඇගේ මුදු සුවඳ ඇසුෙර්
මා මේ ගමන ආවේ
ගැස්සෙන පැද්දෙන වාහනයේ
නොසෙල්වී
දළ රළු මාවතේ
දැහැනකට සම වැදුණා සේ
අවට ලොව කලබල
අවට ලොව කර්කශ
මට නොදැනේද කිසිවක්?
මෝහනයෙන් බැඳී සිටි
මොහොත ආවේ සමුගැනීමට
ඇය බැස ගියා නිසලව
ගියත් සමුගෙන
“යළිත් අපි හමුවෙමු” පවසමින
“යම් දිනක
යම් තැනක
යම් මොහොතක”
මම අනෙක් පස බැලුවෙමි
ඇය නැත පේන මානෙක
අවට කලබල
අවට කර්කශ
වීද තර්ජන?
වීද ගර්ජන?
නිහඬව පැවැති ලොව
සසල වූයේ මන්ද?