ඉතිහාසයේ මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු යාන්ඔය නිම්නයෙන් | Page 2 | සිළුමිණ

ඉතිහාසයේ මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු යාන්ඔය නිම්නයෙන්

 අප ඉතිහාසය ලෙස සලකන්නේ ලේඛන ගත සාක්ෂි සහිත අතීතයයි. ලේඛන ගත සාක්ෂි රහිත අතිත යටගියාවක තොරතුරු යාන් ඔය නිම්නයෙන් හමු වෙමින් තිබේ. එවා විමර්ශනය කොට අතහැර දැමීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සිදුවනු ඇත. ලංකා ඉතිහාසයේ මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු රැසක් යාන්ඔය නිම්නයෙන් හමු වී තිබේ. ඒවාද වාර්තාකොට අතහැර දැමීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදුව ඇත. ඒ අත්‍යාවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩ කඩ ලබා දීමට ය.

යාන් ඔය නිම්නය ප්‍රාග් ඵෙතිහාසික, පූර්ව ඵෙතිහාසික හා ඵෙතිහාසික යුගයේ මානව සාධක සහිත ඉතා සුවිශේෂී භූමියකි.

සියවස් ගණනක් ඈත යුගයක සිට ලංකාවේ ජනාවාසව පැවැති භූමි ප්‍රදේශයක් ලෙස යාන්ඔය නිම්නය පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ. එසේ හැඳින්විම සත්‍ය බව සනාතවන සාධක යාන්ඔය නිම්නයේ පුරාවිද්‍යා සමික්ෂණවලදී හමු වී ඇත. ගම් වැව් සිය ගණනක් මෙම ව්‍යාපෘතියට යටවේ.

එම වැව් වලින් බොහොමයක් මේ වන විට දැක ගැනිමටනොමැති වූවද ඒවා අඟලේ සිතියමේ සටහන් ව තිබේ. යාන් ඔය ව්‍යාපෘතියට යට වන මුලු ස්ථාන හා ස්මාරක සංඛ්‍යාව සංඛ්‍යාව 49ක් බව පැවැසූනද ඒ පිළිබඳ නිවවැරදි ගණනය කිරීමක් මෙතෙක් සිදුවී නැත.

දිගින් කි.මී. 2.35ක දිගින් යුතු යාන් ඔය වැව් බැම්ම නිර්මාණය වීමත් සමඟ යාන් ඔය හරස්වි රැස්වන ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 36ක් දක්වා ඉහළ යයි. යාන්ඔය ජලය පිරීයද්දී අතර එම ජල දහරට (ධාරිතාව වර්ග කිලෝමිටර් 1520ක් වූ ) යට වන මෙම භූමියේ ඇති මානව සාධක සදාකාලිකව මිනිස් පහසින් ඈත්ව සැඟව යනු ඇත. යළි කවදා ඒවා පියවි ඇසින් දැකගැනීමට හැකීවේ දෝ යන්න සිහිනයකි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද ක්ෂෙත්‍ර ගවේශනයෙන් අනතුරුව මේවන විට ස්ථාන ගවේශන හා වාර්තා කිරීම් සිදු වෙමින් පවතී. එම ගවේශනයේ දී මෙතෙක් නොකිය වු සෙල් ලිපි හතරක් මේ වන විට සොයාගැනීමට හැකි වු බව පූරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බෞද්ධ විහාරාරාම සංකීර්ණ පද්ධතියක නටබුන් යාන් ඔය නිම්නයේ සැඟව ඇති බව හඳුනාගෙන ඇත. ඒ අතර තිබූ එක් ටැම්පිට විහාරයක නටබුන් හඳුනා ගැනීමට හැකි වූ බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (නානක හා අභිලේඛන) නාමල් කොඩිතුවක්කු මහතා පවසයි. මේ වන විට හඳුනාගත් නොකියවූ සෙල් ලිපි අතර සුවිශේෂි සෙල් ලිපි හතරක් හඳුනාගෙන ඇත.

යාන් ඔය බැම්මේ ඉදිකෙරෙමින් පවත්නා සොරොව්ව අසල විශාල ගල් පර්වතයක (සිරි බෝධි විහාර වසති භික සග) “ශ්‍රී බෝධි වාසී භික්ෂූන්ගේ කටයුතු වෙනුවෙන් කරන ලද ප්‍රදානයක් දැක්වේ. මෙහි විශේෂත්වය වන්නේ විහාරයෙහි නම නිශ්චිතව සඳහන් වීමයි. මෙම ස්ථානය සිරිබෝධි විහාරය ලෙස හැඳින්වීමට හේතුවී ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට ජය ශ්‍රි මහා බොධින්වහන්සේ අනුරාධ පුරයට වැඩමවද්දී මෙම ස්ථානයේ නවාතැන්ගත් නිසා වන්නට ඇතැයි මතයක් පවතී.

එහෙත් එය මෙතෙක් තහවුරු කොට නැත. කෙසේ වූවද මෙම ස්ථනය යාන්ඔයේ ජලදහරන් වැසීයන්නේ නැත.

විහාරයකට කරන ලද ප්‍රදානයක් පිළිබඳ කියැවෙන කි. ව. 2-4 සියවස් වලට අයත් අපර බ්‍රාහ්මීය සෙල්ලිපියක් යකිනිකන්ද ප්‍රදේශයෙන් හමුවී තිබේ. පේලී පහක සෙල් ලිපියක් යාන් ඔය නිම්නයෙන් හමු වී තිබේ එහි අක්ෂර පේළි දෙකක් පමණක් ඉතිරිවී තිබේ. මෙහි “වහර“ හා “අමති“ යන්න ද සටහන්ය ඉතිරිවඇති කොටසින් කියැවෙන්නේ විහාරයට යම් බදු කොටසක් ප්‍රදානය කළ බවය. නිදන් සොරුන් විසින් විනාශකර දමන ලද සෙල්ලිපියකි.

කි.ව. 9-10 සියවස් වලට අයත් මධ්‍යකාලීන දෙමළ සෙල්ලිපියක් හමුවී තිබේ. මෙම සෙල් ලිපිය අනුරාධපුර රාජධානී සමයේ අගභාගයට අයත් වේ. අක්ෂර පේලි 30-40 දැක ගතහැකිය. ස්වභාවික වභසනයන්ට මුහුණදී ගල සම්පූර්ණයෙන්ම පපිරි ඇත. මේ සෙල් ලිපිය අසල ඉතාමත් කලාත්මක බහිරව රූපයක් ද තිබේ. මේ සෙල්ලිපිය මෙතෙක් කියවා නැත.

මේ ප්‍රදේශයේ සියලුම චෛත්‍ය ලෙස හඳුනාගත් ස්ථාන නිදන් සොරුන් විසින් හාරා හානියට පමුණුවා තිබීම විශේෂයෙන් දැක ගත හැකිය. යාන් ඔය නිම්නයේ පුරාවිද්‍යාත්මක අගය කියන්නේ එම ප්‍රදේශයෙන් හමු වී ඇති සොහොන් භූමියයි. අක්කර දහයකට වැඩි භූමියක පැතිර ඇතැයි පැවැසෙන මෙසොහොන් ලිඛිතව සටහන්ව නැති අතීත ශ්‍රී ලංකාවේ තාක්ෂණ භාවිතය පිළිබඳ තොරතුරු ගෙනහැර පායි. ලිඛිත සාක්ෂි නැතැයි ලංකාවේ මානව ක්‍රියාකාරකම් හා සැඟවිය නොහැක. එවා සඟවා දමන්නට හො සැඟවී යන්නට පෙර හෙලිදරව් වේ. එසේ හෙළිදරව් වූ තොරතුරු බොහොමයක් ලේඛන ගතකෙරෙමින් පවතී.

එම භූමියෙහි වූ පුරාවිද්‍යාත්මක අගයකින් යුතු ඉවත් කරගත හැකි වස්තු බොහොමයක් තැන්පත්කර තැබීමට යාන් ඔය වැව් බැම්ම අසල පුරා විද්‍යා කෞතුකාගාරයක් ඉදිවෙමින් තිබේ. ඒ මතු පරපුරට අපගේ අතීත උරුමය දැක ගැනීම උදෙසාය.

ටෙක්ලා පද්මිණී කාරියවසම්

Comments