ලලනාවන්ගේ ක්‍රිකට් කිරුළඑංගලන්තයට | සිළුමිණ

ලලනාවන්ගේ ක්‍රිකට් කිරුළඑංගලන්තයට

සිවුවන වරටත් කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය (එක්දින ජාත්‍යන්තර) හිමිකර ගැනීමට එංගලන්තය සමත් විය. ඒ ජූලි මස 23 වැනිදා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති 2017 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලකුණු 09 කින් ඉන්දියාව පරාජය කරමිනි. අවසන් තරගයේ කාසියේ වාසියත් එංගලන්තයටමයි.

එංගලන්තය මීට පෙර ලෝක ශූරියන් වූයේ 1973, 1993 සහ 2009 වසරේදීය. ඉන්දියාව 2005 වසරේදීත් අනුශූරියන් වූහ.

මෙවර ලෝක ශූරියන් වීමට ඉන්දියාවට මහඟු අවස්ථාවක් උදා වී තිබුණි. එහෙත් ලකුණු 28 ක් තුළදී අවසන් කඩුලු 07 ම බිඳ වැටීමෙන් ඔවුන්ට ජයග්‍රහණය අමතක කර දැමීමට සිදුවූහ.

දකුණතින් මද වේග පන්දු යවමින් කඩුලු 06 ක්ම දවා ගත් 25 හැවිරිදි අන්යා ෂ්රුබ්සෝල් අවසන් තරගයේ වීරවරිය වූවාය. තරගාවලියේ වීරවරිය වූයේ ලකුණු 410 ක් රැස් කළ එංගලන්ත ආරම්භක පිතිකාරිණියක් වූ 26 හැවිරිදි ටැමී බියුමොන්ට්ය.

එංගලන්තය 228 - 7 (ඕවර 50)

නටාලි ෂිවර් 51 (පන්දු 68, 4 පහර 5), සේරා ටේලර් 45 (පන්දු 62), කැතරින් බ්‍රන්ට් 34 (පන්දු 42, 4 පහර 2), ජෙනී ගන් නොදැවී 25 (පන්දු 38, 4 පහර 1), ජුහ්ලන් ගොස්වාමි 23 - 3, පුනම් යාදෙව් 36 - 2.

ඉන්දියාව 219 (ඕවර 48.4)

පුනම් රවුට් 86 (පන්දු 115, 4 පහර 4, 6 පහර 1), හර්මන්ප්‍රීට් කවුර් 51 (පන්දු 80, 4 පහර 3. 6 පහර 2), වේදා ක්‍රිෂ්ණමූර්ති 35 (පන්දු 34, 4 පහර 5), ෂ්රුබ්සෝල් 46 - 6, ඇලෙක්ස් හාර්ට්ලි 58 - 2.

Comments