
දේශීය සිනමාවේ රූපණ පාර්ශ්වයට සිනමාවේදීන් බට අවස්ථා තරමක් දුලබ වුවද, ප්‍රතිභාවන්ත සිනමාවේදීන් රූපණවේදීන් ලෙස ශක්‍යතා ප්‍රකට කළ අවස්ථා අතිශයින් ම දුලබ බව පෙනේ. එහෙත් එබඳු අවස්ථා දෙකක් සැෙණකින් මගේ මතකයට නැඟේ. ඒ 1978 වසරේ තිරගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ වීර පුරන්අප්පු සිනමාකෘතියේ ආ කුඩාපොළ හිමිගේ භූමිකාව රැඟූ තිස්ස අබේසේකරගේ සහ 1980 වසරේ තිරගත වූ ධර්මසිරි බණ්ඩාරනායකගේ හංසවිලක් සිනමාකෘතිෙය් ධර්මසිරි රඟපෑ නිශ්ශංකගේ චරිතයයි. මේ භූමිකා ද්විත්වය මේ සිනමාවේදීන්ගේ කුලුදුල් රූපණයන් වූ අතර ඔවුන් පසුකලෙක කළ රඟපෑම්වලට පූර්වයෙන් කී භූමිකාවල සාරය අතික්‍රමණය කළ නොහැකි විය. තිරරචනය නිසා තිස්ස ලේඛකයකු ලෙස සහ විචාරකයකු ලෙස පෑ ප්‍රතිභාව වැසී ගිය පරිද්දෙන් ම රූපණවේදියකු ලෙස ද තිස්සට උපරිමයෙන් ඵල දැරීමට නොහැකි වූ බව මගේ අදහසයි. තවද රූපණයට තිස්ස ඒ හැටි උනන්දුවක් ද නොදැක්වීය. නමුත් වීර පුරන්අප්පු සිනමාකෘතියේ රවීන්ද්‍ර රන්දෙණිය සහ ජෝ අබේවික්‍රම යන රූපණවේදීන්ට මැදිව පරිවාර චරිතයකින් තිස්ස පෑ ප්‍රතිභාව රූපණවේදයට සමත් කලාකරුවකු සතුව සැඟව තිබූ අපූර්ව ප්‍රතිභාවක් එක පැහැර පොලා පැනීමක් වැන්න.
මේ චරිතයට තිස්ස දුන් අර්ථකථනය ප්‍රතාපවත්ව ඉදිරිපත් කිරීම නිසා පුරන්අප්පු ලෙස රවීන්ද්‍ර රන්දෙණියන් ගොංගාලේගොඩ බණ්ඩා ලෙස ජෝ අබේවික්‍රමත් කළ රූපණවල උදාසීනත්වය සහ දුබල බව මැනවින් ඉස්මතු වූ අතර රූපණවේදියකුට කෙටි චරිතයකින් වුව ද ප්‍රතිභාව තිබේ නම් ඉස්මතු විය හැකි බව මැනවින් පෙන්වා දෙයි. තිස්ස ප්‍රේක්ෂක ඇගැයුමෙන් නොනැවතී සිනමා ජූරි සභිකයන්ගේ ඇස ගැසීමෙන් 1979 වසරේ පැවැති ප්‍රථම ජනාධිපති සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා ලෙසත්, කතෝලික සිනමා උත්තමාචාර උලෙළේ සිනමාත්මක කුසලතා සහභාගිත්වය (පුරුෂ) ට සහතිකයක් දිනා ගැනීමත් ඔහුගේ රූපණ කාර්යයට ලද ඉහළම සාධාරණයක් වෙයි. තිස්ස රැඟූ කුඩාපොළ හිමිගේ භූමිකාව පසුකලෙක සිනමාවේ මෙන් ම ටෙලිසිත්තමේ ද දිග හැරුණු යතිවර භූමිකාවලට කිසියම් පරමාදර්ශී හැඩයක් දීමට සවිමත් උදාහරණයක් ලෙස මෙරට බොහෝ නිර්මාණකරුවන් සිතූ අතර, කාට කාටත් බුද්ධ චීවරය සිරුරේ දවටා ගැනීමේදී තිස්ස අබේසේකර සිහිපත් වීම නොවැළැක්විය හැකි කරුණක් වන්නට ඇතැයි සිතිය හැකි ය. ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජ සහ මහාචාර්ය සමන්ත හේරත් තිස්සගේ මේ භූමිකාව අරබයා පළ කළ අදහසක් පහත එයි.
“තිස්ස අබේසේකර අතිදක්ෂ නළුවෙක් වෙයි. එහිදී සුවිශේෂ වන්නේ රූපණවේදයෙහි අසාමාන්‍ය පරිචයක් සහ ශාස්ත්‍රීය උගත්කමක් ඇති නළුවකු වීම නිසා ය. ඔහුගේ කට හඬත්, කථනයත් වශ්‍යමවෝතාවයෙන් ඔහු විසින් ම හදා වඩා ගන්නා ලද සුජාත පුත්‍රයන් වැන්න. ඔහුගේ ගම්භීර භාවපූර්ණ කටහඬ සහ කථනය බොහෝ නිර්මාණ සඳහා අනල්ප ආලෝකයක් විය. ඔහුගේ හඬ එහි වෛචිත්‍රයය. කිසිවකුටත් අනුකරණය කළ නොහැකි ය.”
(ශ්‍රී ලංකාදීප - 2007.06.19)
1048 දී පැවැති නිදහස් කැරැල්ලේ විරුවන් සමඟ කරට කර සටන් කරමින් අභීතව ජාතිය වෙනුවෙන් දිවි පිදූ කුඩාපොළ හිමි අප ජීවමානව දැක නැත. උන්වහන්සේ මෙබඳු ප්‍රතාපවත් සහ වීරෝධාර ජාති හිතෛෂියකු වන්නට ඇතැයි ප්‍රේක්ෂකයාට සිතෙන පරිද්දෙන් තිස්ස රැඟුවේය. මේ රූපණය සාරවත්වීමට ඔහු විසින් ගොඩ නගන ලද තිරරචනය, දෙබස්, ඔහුගේ කටහඬ, පරිකල්පන හැකියාව, දේශමාමක සිතුවිලි සහ පොතපතින් ලද දැනුම තිස්සට උපකාරවන්නට ඇත. පුරන්අප්පු සිනමාකෘතියේ සමස්ත ජවනිකා ප්‍රමාණය 84කි. ඉන් කුඩාපොළ හිමි පෙනී සිටියේ 8ක පමණි. රූපණය අරබයා මැනවින් සාධාරණය ඉටු කළ දුලබ ප්‍රතිභාවක් මේ ජවනිකා අතෙළාස්ස හරහා අපට දුට හැකි ය. ඒ දුලබ ප්‍රතිභාව දුටු පිරිස අතර සිටී. එක් අයෙකි, ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල. ඔහුගේ අදහස මෙපරිදි ය.
“වීර පුරන්අප්පු චිත්‍රපටයේ දක්ෂ නළු නිළියන් රැසක් රඟපෑම ද ඒ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ මීට ඉහත කිසිදාක චිත්‍රපටයක රඟපා නොතිබුණු තිස්ස අබේසේකරය. ඔහු කුඩාපොළ හිමිගේ චරිතය උත්කෘෂ්ට අයුරින් රඟදක්වයි” (සරසවිය 1995.04.18) පුරන්අප්පුවලින් පසු තිස්සගේ මීළඟ සිනමා රූපණය දක්නට ලැබෙන්නේ 1982 වසරේ තිරගත වූ ‘මහගෙදර’ සිනමාකෘතියේ ය. මහගෙදර අධ්‍යක්ෂණය කළේ ද තිස්ස ය. මෙහි එන ප්‍රධාන භූමිකාව වූ නන්දන මල්වින්නගේ වැඩිමල් සොහොයුරා වූ පාලිත නමින් තිස්ස අප හමුවට ආ අතර, සමස්ත සිනමාකෘතිය පුරාම විහිද ගිය චරිතයක් රඟපෑවේය. බිඳ වැටෙන හුදකලා පාළු වලව්වක ඛේදවාචකයකට ගොදුරු වන අවාසනාවන්ත චරිත කිහිපයක් සමඟ දිවි ගෙවමින් මේ වලව්වාසීන්ගේ අදහස් සහ සිතුම් පැතුම්වලට පටහැනි මතවාදවල රැදෙමින් සමස්ත ඛේදවාචකයේ ම ගොදුරක් බවට පත්වන සුවිශේෂ චරිතයක් තිස්ස මෙහි රඟයි. හෙතෙම අවසානයේ මත්පැන් බෝතලයේ පිහිට පතමින් තමාගේ මනෝරාජ්‍යයක තනිවේ. මේ චරිතයේ රැඳුණු ගුඩ සහ අත්භූත ගති ලක්ෂණ මැනවින් පිහිටුවීමට තිස්සගේ රූපකාය සහ කටහඬ මැනවින් උපකාර විය. තිස්සගේ මුහුණ මත පාලිතගේ ගති ලක්ෂණ තැවරීමට ඔහුට ලොකු ආයාසයක් දැරීමට අනවශ්‍ය වන්නට ඇත. තිස්සගේ රූපණ කාර්යාවලියේ වැදගත් සටහනක් තැබූ මේ චරිතය 1983 වසරේ පැවැති ජනාධිපති සම්මාන උලෙළේදී ඇගැයුමට ලක්ව කුසලතා සහතිකයකින් පිදුම් ලැබීය.
1984 වසරේ එස්.ඒ. ප්‍රේමරත්න නිර්මාණය කළ පරසතුරෝ සිනමාකෘතියට තිස්ස රූපණයෙන් දායක වුවත් මේ ලියුම් කරු පරසතුරෝ නරඹා නොමැති හෙයින් ඒ පිළිබඟඳව අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකියි. වීර පුරන්අප්පු සිනමාකෘතියෙන් පසු ඓතිහාසික කතා පුවතක දිග හැරෙන චරිතයකට තිස්ස යළි පෙවීම පරසතුරෝ තුළින් සිදුවිය.
තිස්සගේ රූපණ අතර ඉතාම සුවිශේෂ චරිතයක් ලෙස පැහැදිලිවම ධනුක සේනාරත්න ගත හැකි ය. 1985 වසරේ තිරගත වූ සරත් ගුණරත්නගේ ‘වත්සලා අක්කා’ සිනමාකෘතියේ දී තිස්ස යථෝක්ත චරිතයට පණ පොවයි. මෙය තිස්ස සිනමාකෘතියක රැඟූ එකම ප්‍රධාන චරිතය පමණක් නොව අතිශයින් ම තිස්සට මැනවින් ගැළපෙන චරිතයක් වීමෙන් ද මේ රඟපෑම තිස්සට ඉතාම වටිනා අවස්ථාවක් වෙයි. මේ චරිතය තිස්ස කරා පැමිණියේ ළෙන්ගතු වීමත්, නිෂ්පාදනයට සහ තිරරචනයට තිස්සගේ ප්‍රිය බිරිය අසංකා මොණරවිල දායක වීමත් උඩ වන්නට පිළිවන. එහෙත් තිස්ස මේ චරිතය රැඟීමට කැමැත්තක් දක්වා නොමැති බැව් කියැවේ. වත්සලා අක්කා හි එන ධනුක සේනාරත්න සරසවි ඇදුරු තුමෙකි. හෙතෙම සිය බිරියගේ අකල් මරණයෙන් පසුව කුඩා දියණිය සමඟ දිවි ගෙවයි. ඉක්බිති ධනුක තිලකා කැමැති කාන්තාවක් යළි කැඳවාගෙන එන්නේ දියණියගේ හෙට දවස ගැන ද සිතමිනි. එහෙත් නිෙවසේ සාමදානය බිඳී යයි. තිලකා ද හදිසි අනතුරකින් මිය යයි. ඉක්බිති ධනුක බලාපොරොත්තු නොවූ පරිදි වත්සලා නැමැති ළාබාල තරුණියක් කෙරෙහි ආදර හැඟීමක් ලියලද්දී යොවුන් වියට පිවිසෙන දියණිය ඊට එරෙහි වෙයි.
බොහෝ විට සරසවි ඇදුරුතුමෙකුගෙන් පළවන සන්සුන් ජීවිත විලාසය, මැදිවියේ සිටීම, ඉංග්‍රීසි දැනුමෙන් පෝෂිතවීම සහ තිරසාර පෙනුම එවක තිස්සගේ සිරුර සහ ජීවිතය සමඟ බෙහෙවින් ආබද්ධව පැවැති හෙයින් තිරරචනයේ එන චරිතය නිසිලෙස හඳුනා ගැනීමෙන් පසු මේ චරිතය පිහිටුවීමට තිස්සට දැඩි ආයාසයක් දැරීමට අවශ්‍ය නොවන්නට ඇත.
සිනමාවේදී සරත් ගුණරත්න ධනුකගේ චරිතයට තිස්ස ඉටු කළ සාධාරණය අරබයා මට මෙසේ අදහස් දැක්වීය.
“චරිතයට අවශ්‍ය බාහිර පෙනුමක් ඔහු සතු ඉංග්‍රීසි දැනුමත් නිසා මේ චරිතයට පිවිසෙන්න ඔහුට ඒ හැටි අපහසු නොවන්න ඇති. මා හිතුවාටත් වඩා ඉහළින් ඔහු ධනුකව ග්‍රහණය කරගත්තා. තිස්සත් මාත් අතර දිගු කලෙක සිට පවතින මිත්‍රත්වයත් අපට මේ චරිතය නිසි පරිදි පිහිටුවා ගන්න අනියම් ලෙස බලපාන්නට ඇත.”
2006 වසරේ තිරගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අම්මාවරුනේ සිනමාකෘතියේ තිස්ස යළි භික්ෂු චරිතයකින් ප්‍රේක්ෂකාගාරයට පිවිසිණි. සොයුරු සොයුරියන් තිදෙනෙකුගේ යුත් ග්‍රාමීය දිළිඳු පවුලක වැඩිමල් පුතා සසුන්ගත වෙයි. එක සොහොයුරකු යුද්ධයේදී මිය යෑමත් සොහොයුරියට මවට සැලකීමේ අවස්ථාව අහිමි වීමත් උඩ කුටුම්භයේ ගැටලුව සහ සසුන්ගත දිවිය අතර අතරමංව ජීවිතය පඹගාලක පැටලෙන මෙම තරුණ යතිවරයන් වහන්සේගේ මානසික ඒකාග්‍රතාවය රැකීමට සහ දයානුකම්පා සහගතව නොමද පිළිසරණක් සැපයීමට ඉදිරිපත් වන කාරුණික, වියපත්, ශික්ෂාකාමී උතුම් නායක යතිවරයන් වහන්සේ නමකගේ චරිතයකින් තිස්ස මෙම සිනමාකෘතියේදී අපට හමුවේ. මේ ආදිය වන විට මෙරට කලා කෙතේ තිස්ස හිමිකරගෙන සිටි දැවැන්ත ප්‍රතිරූපය, පෞඪත්වයෙන් යුතු බාහිර රූපකය, පාණ්ඩිත්වය සහ වියපත් බව මෙරට ප්‍රේක්ෂකාගාරයට තදින් දැනීම උඩ මේ චරිතයට තිස්ස අතිශයින් ම ගැළැපෙන තත්ත්වයක් බිහි වී තිබුණි. අම්මාවරුනේ සිනමා කෘතියේ අපට හමුවූ චරිත පෙළ අතර තිස්ස රැඟූ භික්ෂූ චරිතය බෙහෙවින් ඉස්මතුව පෙනිණ. මේ භික්ෂු චරිතය ද වීර පුරන්අප්පු සිනමා කෘතියේ තිස්ස රැඟූ කුඩාපොළ හිමිගේ චරිතයමෙන් පරිවාර චරිතයකි.
බූඩි විශ්වනාත් කීර්තිසේන 2008 වසරේ දී නිෂ්පාදන කටයුතු අරඹා 2017 වසරේදී තිරගත කළ නිම්නයක හුදකලාව සිනමාකෘතියේ තිස්ස ගේ අවසන් රූපණය ගැබ්ව තිබේ. එහි තිස්ස කිසියම් අත්භූත ශෛලියේ සුවිශේෂ භූමිකාවක් නිරූපණය කළ අතර එය දර්ශන වාර කිහිපයක විහිද ගිය කෙටි චරිතයකි. නිම්නයක හුදකලාව රූගත කර කෙටි කලකින් එතුමන් මා හමුවේ මේ රූපණය අරබයා මෙවැන්නක් පැවැසීය.
“මේ චරිතය එක්තරා විදිහක අභියෝගයක්. මොකද මේක තාත්වික චරිතයක් නොවෙයි. මේක ශෛලීගත චරිතයක්. මේ චරිතයේ ඉන්නෙ සැබෑ මනුෂ්‍යයෙක් නොවෙයි. ඔහු අනපේක්ෂිත අවස්ථාවක මතුවෙලා එකවරම නොපෙනී යන පිල්ලියක් වගෙයි. කවුද කියල නිශ්චිතව ම කියන්න බැරි රූපකයක් වගෙයි. බූඩි නම් කියන්නෙ මේ චරිතය තුළත් මරණය හඟවන බවක්. මෙහි මට ලොකු රඟපෑමක් කරන්න තිබුණෙ නැහැ.”
තිස්ස මට මේ අදහස පළ කළේ 2008 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා ය. නිම්නයක හුදකලාව සිතුවමේ තැබී සිය අවසන් රූපණය නොදැකම 2009 වසරේ බක් මහේ දැයෙන් සමුෙගන ගියේ මේ සමුගැනීමෙන් උපදින රික්තයට කිසිවෙකුටත් පැමිණ පුරවාලිය නොහැකි පරිද්දෙනි.
ටෙලි සිත්තමේ තිස්සගේ රූපණයන් දීර්ඝ ලෙස විමසීම මගේ අරමුණ නොවුන ද ඒවා ද රූපණ බැවින් කෙටි අදහසක් පමණක් ඉදිරිපත් කරමි. තිස්ස ටෙලිසිත්තම් කිහිපයකම රඟපෑ අතර ඉන් ඉහළම ප්‍රතිචාරය ලද්දේ සුදත් රෝහණයන්ගේ උතුවන්කන්දේ සූර සරදියෙල් ටෙලි සිත්තමේ ආ යතිවරයන්වහන්සේගේ චරිතයට විය යුතු ය.
ඇතැම් යතිවරයාණන්වහන්සේ කෙනෙකු සතු ශික්ෂණය, විනයවත් බව, දූරදර්ශිනුවණ සහ පාණ්ඩිත්වය මතු කොට නායකත්වය මේ චරිතය පාන්ඩිත්වය මතු කොට නායකත්වය මේ චරිතය පුරා ප්‍රතාපවත්ව රැඳවීමට තිස්ස දරා තිබූ තැත ප්‍රේක්ෂකයා දුටහ. මේ භික්ෂු චරිතයට තවත් වීර පුරන්අප්පු ගණයේ චරිතයකි. හෝ අම්මාවරුනේ වර්ගයේ චරිතයක් නොව ඉන් පිටස්තර අනනතාවක් ලබාදීමට තිස්ස ප්‍රයත්න දරා තිබුණි.
තිස්ස මෙයට පරිබාහිරව සුදත් රෝහණයන්ගේ ම යුග විලක්කුව ටෙලි සිත්‍තමේ යුද හමුදා නිලධාරියකු ලෙස අප හමුවට පැමිණියේ ය. තවද රොඩ්නි විදානපතිරණගේ හතේ වසම, සුමිත් රෝහණගේ බෙරහඬ ඇසෙන මානය ඇතුළු තවත් ටෙලිසිත්තම් කිහිපයක තිස්සගේ රූපණයත් ඇතුළත්ව තිබුණි.