කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

මවු­වරු ද කල­කට පෙර දිය­ණි­වරු ය

දිය­ණි­යක සිටිය යුතුය
සෑම නිවෙ­ස­කම
ඒ දිය­ණිය,
අමිල තිළි­ණ­යක් නිසා
තම අද­හස ඉටු කර­ග­න්නට
ඇය ලොවම තමා වෙත ඇද­ගනී..
මොහො­ත­කදී සිනා­සෙන ඇය
විටෙ­කදි හඬා­වැ­ටෙයි
ඈ මෘදු ය,කෝමල ය, සුර­තල් ය
නමුදු ඈ
බුද්ධි­මත් ය, ප්‍රයෝ­ග­කාරී ය
දිය­ණිය අරුම පුදුම සංයෝ­ග­යකි
බුද්ධිය, හද­වත, දැනුම එක්තැන් කළ..
ඇයට අවැසි දෙය
ඇය කෙසේ හෝ ලබා­ගන්නී ය
දැඩි හද­වත්
මෘදු බවට පත් කරන්නී ය
ඇයගේ සොඳුරු සිනා­වෙන්..
ඈ රෝස කැකු­ළක් බඳු ය
සෙමෙන් පෙති දිග­හැ­රෙන
ඉක්ම­නින් ම ඈ සොඳුරු
යුව­ති­යක බවට පත් වේ..
ඉන් පසු ඈ මනා­ලි­යකි
ඉනි­ක්බි­තිව පෙම්බර බිරි­ඳකි
දිනෙක ඇය අම්මා කෙනෙකි
හද­වත සෙනෙ­හ­සින් පිරුණ...
මෙලොව ජීවි­ත­යෙන් ඇති පලය කිම
ආද­ර­ණිය දිය­ණි­යක් නොමැති කල
කවදා හෝ මවක බවට පත්වන...


(Fallon Berenger විසින් ලියන ලද 'Mother were once Daughters' කවියේ පරි­ව­ර්ත­න­යකි)
සෝම­ලතා වෛද්‍ය­රත්න


තෙත

වැහි කළුව
නුබ ගැබේ
දසු­නක් ය
නෙත පිනන..
ඒත් අම්මේ
නංගිගේ
නොවේ­ළුණ
එකම එක
සුදු ගවුම...?


දඹේ­ගොඩ ජින­දාස


දිසා­පා­මොක් ඔබයි


හිමි­දිරි උදෑ­සන
සුදු­ව­තින් සැර­සී­ගෙන
බෑගය අතින් ගෙන
සිප්හ­ලට පිය­න­ඟන
ඇදු­රු­තුම
ඔබ පින්බර ය...

හද­වතේ අරක් ගත්
සොම්න­සින් පොබ­ය­මින්
සිසු කැල ශිල්ප ගඟු­ලෙන්
පර­තෙ­රට යව­මින්
ඔබ මැවූ ළමා ලොව
මිනිස් පර­පුර බැබ­ළ­වූ­වකි...

බාධක මැඬ­ල­මින්
සේවය මුදුන් කළ
සද­හම් රාමු­වෙන්
සිසු­කැල යහ­මඟ යොද­මින්
ඔබ ගෙවන ගුරු දිවිය
සදා නොමැ­කෙන මත­ක­යකි..


කාන්ති විදා­න­ප­ති­රණ


නිසල විල සස­ලව

වැසි පොද ඇද­වැ­ටෙයි
විලෙහි ජල­කඳ
දැන් මඳක් සස­ලයි
මහ වැස්සක්
කොයි­මො­හොතේ ඒ දැ යි
නිසල විල බිය­පත්ව


ගංගා වරු­ෂ­වි­තාන


ජල හිඟය

ගමේ සියලු ළිං උල්පත්
බැකෝ ළිඳට හර­වා­ගත්
මුද­ලා­ලිගෙ ලාච්චුවේ
මොනරු ළඟිති
ඉකි බිඳ බිඳ...
ජල බිඳු­වක් නැතිව ගමම
පිපා­ස­යෙන් කේඬෑරි වී


ජෝ. නව­රත්න


තේ කන්ද

උදු­රලා
මෝරපු තේ
හිටු­වන්න කාල­යයි
නැවුම් පැළ..
ඒත්
වල් පැළ ද
හංග­ගෙන
තේජ­සින්
පිම්බී
තේ ගස්
පැලැඳ


එන්.ඩබ්.පී. ලාල්


(නො)ලියූ කවිය...


ඔබ ම දුන් සුදු කොළය
පරි­ස්සම් කළෙමි බොහෝ කල්
ලිය­න්නට කවි­යක් එහි
සිතු­වෙමි බොහෝ වර
හද ගැහෙන හැම විටම
නුඹ ගැන ද
මා ගැන ද
දිනෙක හැන්දෑ­වක
පද එකින් එක හැඩ කර
ලිය­න්නට බැලූ විට
මගෙ කවිය

ඔබ දුන් කොළය මා සතු වුව ද
වෙනෙ­කකු ලියා ඇත
මා ලිය­න්නට තැතනූ කවිය
ඉතින් සිනා­වක් නැත
කඳු­ළක කැළ­ලක් පම­ණක්
ඉතිරි ව ඇත
ඔබ මට දුන් ඒ සුදු කොළයේ

තුෂාරි නේරං­ජා වික්‍ර­ම­සිංහ


විභා­ග­යට සූදා­නම්

කිරි­පිඬු දාන­යත් උයා­ගෙන හනි­හ­නික
අපේ අම්ම ඉන්නෙම බෝ මළුවෙ
හව­ස­ටත් දුව­නවා බෝධි­පූජා තිය­න්නට
දින හතක් විසි එකක් වාර
ඉව­ර­යක් නැති­වම

පිරිත් නූල් තුන් පොටක් මගෙ අතේ
බල­හීන වන විට ම අලුත් ඒවත් එතේ
අපල දුරු කර­න්නට මට හොඳයි කිය-කියා
යන්ත­රත් දිලෙ­නවා ගල් මුදුත් දානවා

අපේ අම්ම‍ට ඉන්න එකම දරුවා මම නෙ
වෙද නළා කර දරන මහ­තෙක්
කර­න්නට ඕනෙ
අම්මගෙ ආසාව, තාත්තත් ඉව­ස­නව නේ
පොත් බැලුවේ නෑ මමත් ඒ හැම
බලා තියෙ­න­වනෙ

ප්‍රභා මාධවී අභ­ය­ගු­ණ­සේ­කර


එරෙහි වූ දා

සොබා­ද­හ­මට
පිපා­ස­යට දිය බිඳු­වක්
කෙහෙන් කියලා සොයා­ග­න්නද
වියළි කර්කශ පොළෝ­ත­ලයේ
නෑ දකි­න්නට තෙත­ම­නත්..

උඩින් වැටෙන අවු රශ්මි කඳ
කෙලෙස වළ­කා­ග­නිමු නොහැඟේ
කෝ දකි­න්නට වන­ස්ප­ති­යන්
සෙවණ දෙවනා කඳු වළ­ල්ලක්..

බිම හෙව දා අපි ම තුරු­ලිය
විකු­ණ­ගත් දා අපි ම පස් කඳ
ගොඩ කරපු දා වගුරු බිම් ටික
කෙලෙස ලබමු ද කිසිඳු සර­ණක්
සොබා­දම් දෙව­ඟන වෙතින්


තිස්ස කුමාර කෝරාළ


අපේ දවස

අව­පස මල් පූදිනා දා
පර­මිතා මියැ­දෙ­නවා
හිරු­කෙඳි පොළො­වට වට තැන
බිම් කළු­වර ඉහි­රෙ­නවා...

ලේ උණු වී වට ඩහ­දිය
කිරිස් කිරිස් හඬ නංවා
මහ­ව­නයේ තුරු හැඬුවා
සුසුම් මාරුතේ හැපිලා...

යකඩ දතට මිරි‍කෙන කොට
ඉව­ස­න්නට බැරි රිදු­මක්
කීරි ගැහෙන හද­වත ළඟ
කඳුළු දියේ පීන­නවා...

හේනේ පල දරනු කෙලෙස
හොට­බ­රි­යන් රංචු පිටින්
දඬු වැට ළඟ පොර­බ­ද­නව
කුස පොත්තට නියැ­ලෙ­නවා...

දහ­වල බංඩි­ඟුරු කරල
ගින්නෙන් පිස්සූ සුව­ඳට
කුස ගින්දර ඇවි­ළෙ­නවා
හිතේ ගින්න දළු ලනවා...

කිනිති පොඩිති කටු අල මල්
පිපුණ ලතා අල උදුරා
පැල් මැහි අග සැත­පෙව්වේ
ගෙයි ඇති කට-බඩ සිහි වී...

නෝක්කා­ඩු­වෙන් වාගේ
බස්සො හඬන රෑ යාමේ
කළු­වර යකු ගොඩ­වෙද්දී
අව­පස මල් පූදි­නවා...


රත්නා කහ­ඳ­ග­මගේ


පිච්ච මල් සුවඳ

සතර වරම් දෙවි වැඩියේ
සතර දෙසින් උඩ මළු­වට
සම­න්පිච්ච මල් අතුරා
සිරි මහ බෝ හිමි සඳු­නට
සුදු මල් විය­නක් බඳින්න
සැදැ­හැ­ති­යන් සිත් පිරෙන්න...

සතර දිගින් පිනැති දනන්
දෝතින් පිදු­මට ගෙන ආ
සම­න්පිච්ච මල් අතුරා
උඩ මළු­වම මල­සුන කොට
දෙව් බඹ මිහි­තල හැම සත
මහ බෝ හිමි සඳු පුදනා...

සව­නක් බුදු රැස් විහිදී
මහ­මෙව්නා උයන පුරා
සාදු නාද නිනද නැඟෙන
සහ­සක් පැතු­මන් ඉටු වී
සම­න්පිච්ච මල් සුව­ඳින්
නිකෙ­ලෙස් හද­වත් පිබිදේ


රත්න­පාල වික්‍ර­ම­සිංහ


මල්වානේ කඳුළු

රතට රතේ පැණි රඹු­ටන් පල දරනා වාරේ
මා වවු­ලනි එන්න එපා නුඹලා ගම්මානේ
ලෝබ නැතිව පැණි රඹු­ටන් යාය ම වන­සන්නේ
අපේ සිත්වල ඇවි­ළෙන ගිනි උන් කොහො­මද දන්නේ...

රෑ තුන්යම නින්ද නැතිව දුක් ගිනි උහු­ලන්නේ
ඔච්චම් කර-කර උඹලා අපට කඳුළු දෙන්නේ
අපෙ ජීවන සට­නට අපි කෝමද උර දෙන්නේ
කඳු­ළිනි, සුසු­මිනි අපෙ ජීවි­ත­යට ගත වන්නේ...

හදේ පිපුණ අපේ නොනිමි පැතු­මන් පල දරනා
තුරු අතු මත රතට රතේ රඹු­ටන් පැණි පිරෙනා
අනේ අපේ අස­රණ අඹු දරු­වන් ගැන සිතලා
එන්න එපා මා වවු­ලනි මල්වා­නෙට නුඹලා...


ස්වර්ණාද සිල්වා


සිහි­න­යක ගීතය

සිහි­න­යක මා හුදෙ­කලා වී
අරුම පුදුම වන අර­ණක් තුළ
මෝදු වන්නට විය මා සිත
නා නා විධ හැඟු­මන්...
ඒ වන අරණ තුළ
විහ­ඟුන් ගැයූවේ සත්‍යයේ ගීතය යි
තරු දිදු­ලුවේ ආද‍රයේ ජීවය යි
දිය ඇලි හා ගලා ගියේ
සාමයේ ජීවය යි...
ඒ සිය­ල්ලම
නිදි­ගත් ලොවක, අර­ණක
අසි­රි­යක් ම විය
ආද­රයේ ජීව­යෙන්
දිදු­ලන තරු රශ්මි­යෙන්
කෝමල සියුම් මා තාරු­ණ්‍යය
මුස­පත් කළේ ය...
විහඟ නදින් ආ සත්‍යයේ ජීවය
සාමයේ ගී හඬ ගලා ගිය දිය ඇලි තුළින්
ආ මිහි­රි­යාව
පොහො­සත් වී ය
තනි වූ මා සන­ස­ව­න්නට

සරෝ­ජීනි නායි­දුගේ (SAROJINI NAIDV) පැදි පෙළක් ඇසු­රෙනි
සමන් හේරත්


මගේ සිනා

මතක තියන් මා ඉන්නේ
ඔබ එන තුරු කියන්න
ඒ ගැන දන්නව ලිව්වත්
කවු­රුත් නෑ එවන්න..

සුවඳ ඇවිත් මුමු­න­නවා
මට පිටු­පස බලන්න
ඔබ ඇවි­දින් නෑ තාමත්
සිනා අරන් දකින්න...

මේ වග හිත දන්නව නම්
මට නොදේවි හඬන්න
සිනා එපා මගෙ කඳු­ළැලි
ආයෙත් මට එවන්න...


මදු­ශානි ගුණ­ති­ලක


උය­නක් කියන්නේ මේකට ද සර්?


මෙහෙම උය­නක පිපිලා
සිනා සීගෙන ඉන්න
මල් කොල්ලො-කෙල්ලො ටික
ඉන්නෙ හිතේ ඉප­දුණු ඇත්තම
සතු­ට­කින් නම් නෙමෙයි සර්..

දියර පොහොර ද හෝමෝන් වර්ග ද
කෘමි නාශ­ක­ව­ලට ද කලට වෙලා­වට
නොසෑ­හෙන්න විය­දම් කර
නියම වෙලා­වට සිනා සීලා පිපෙන්න
අණ කර සිටින්නේ ඔබ
කාසි වීසි කරලා පිපිච්ච මල්
දකින්න එන පර වෙච්චි උන්ට
හිත සන­ස­ගන්න පෙනී හිටින්න නේද සර්..?

එත් ඒ මල්ව­ලට කතා කර­ගන්න
පුළු­වන් වුණා නම්
කියයි උන්ගේ හැබෑ ම දුක
ඉකි­ග­ගහ අඩ-අඬ
සර්ලට උහු­ලන්ඩ බැරි තරම් හරි සැරට...

එත් ඔබ­තු­මාලා පුරුදු කරලා තියෙන්නේ
පොඩි කාලෙ ඉඳ­ලාම උන්ට
සිනා සීගෙන හුළඟ එන අතට
වැනෙන්න විත­රයි ලස්ස­නට
උය­නට එන උන්ට පේන්න...

ගයාන් ඉන්දුල කොඩි­ව­ත්වක්කු


ජීවි­තය

තිඹිරි ගෙයි සිට
සුසා­නය තෙක්
නිමා නොවන
කටුක බව අත­රින්
මුහුණ දෙන
සුසුම් රජ­යන
ප්‍රශ්න උල්ප­තකි


කරු­ණා­රත්න අත්ත­නා­යක


නැඟි­ටමු අපි


එකතු වෙලා
කියමු කියමු ඔයාගෙ නම
එනදු පෙයර්? තත්ස­රණි...
පෙයර් එන්න - පෙයර් එන්න
මාගේ නම සර­ස්වතී...

පායන හිරු අපි සැමට යි
පායන සඳු අපි සැමට යි
වසින වැස්ස අප සැමට යි
උපන් බිමත් අප සැමට යි...

බිඟු නද සේ මුනු­මු­නු­වයි
පිරුණු සිනා රැඳි දෙතො­ලයි
නිද­හස් බිම පා තබනා
දුදරු පැට­වුන් කැල­තයි..

වහ­ලට පොල්අතු බැඳලා
තල්කොළ වැට­කුත් හදලා
හෙට දව­සක් ගැන හිතලා
නැඟි­ටමු අපි එකතු වෙලා

ගාමිණි චන්ද්‍ර­ලාල් ගුණ­ති­ලක


ගමට ගිය කල


පාසල් වත්ත මැද තිබු ලොකු පිට්ට­නිය
දෙම­හල් ගොඩ­නැ­ඟි­ල්ලක් බිලි­ගෙන හමා­රය
ඉඩ­කඩ මදි නිසා ගෙන ඇති තීර­ණය
අපි දුව පැන්න මත­කය ඉන් බොඳ වීය

දෙගො­ඩ­තලා යන විට ගඟ වැහි දාට
එගො­ඩට පිහි­නු­වෙමු අපි එක රංචු­වට
කවු­රුත් යන්නේ නැහැ අද ගඟ තොටු­ප­ලට
කිඹු­ලන් අරක් ගෙන ඇත ගඟ එක දිගට

කිරි අල බතල මඤ්ඤොක්කා ඉන්නල
ඔවිට පුරා වැව්වා ගම්මුන් එකල
අහ­රට වඩා මුද­ලට අද ඇතිය ලොල
යට කර­ගෙන සිටී ගම අද තේ දල්ල

යල මහ දෙකම සරු වුණ වී කුඹු­රු­ව­ලින්
වැඩි කොට­ස­කට මහ කන්නය නැතුව ගිහින්
ජල හිඟ කමින් හා වී මිල පහළ ගිහින්
ගොවියෝ සුසු­ම්ලති දුක් ගිනි හිතේ දරන්

මල්ලි සිටී නව නිව­සක ළඟදි සැදූ
මහගේ දීල වාගෙයි වව්ලන්ට බදු
ආශා රැයක් ඉන්නට එහි හිත රැන්දු
බොඳ වී මගේ නෙත රැඳුනා කඳුළු බිඳු


ජය­සේන කොඩි­තු­වක්කු 

Comments