විම්බල්ඩන් තරගාවලිය මේ දිනවල... | සිළුමිණ

විම්බල්ඩන් තරගාවලිය මේ දිනවල...

සුප්‍රකට විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලිය මේ දිනවලදී එංගලන්තයේ දී පැවැත්වේ. ඒ ජූලි මස 03 සිට ජූලි 16 දක්වාය. මෙවර පැවැත්වෙන්නේ 131 වැනි විම්බල්ඩන් ශූරතාවලියයි. මෙවර පිරිනමනු ලබන මුළු ත්‍යාග මුදල ස්ටර්ලිං පවුම් 31,600,000 කි. එහිදී කේවල කාන්තා සහ පිරිමි කේවල ශූරතාවට ප්‍රසාද ලකුණු 2000 බැගින් හිමි වේ. ඔවුනට හිමිවන ත්‍යාග මුදල ස්ටර්ලිං පවුම් 2,200,000 බැගිනි. අනුශූරතාවට ත්‍යාග මුදල ස්ටර්ලිං පවුම් 1,100,000 බැගිනි. අනුශූරියට ප්‍රසාද ලකුණු 1300 කි. ශූරයාට ලකුණු 1200 කි.

ලොව පැවැත්වෙන පැරැණිතම සහ වැදගත්ම ටෙනිස් තරගාවලිය ලෙසට විම්බල්ඩන් සැලකෙයි. එහිදී තරග පැවැත්වෙන්නේ තණකොළ සහිත පිටිවලදී වීම විශේෂත්වයකි. ගියවර මෙහි කේවල (තනි) ශූරයා වූයේ බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මෙර්ය. ශූරිය වූයේ අමෙරිකාවේ සෙරිනා විලියම්ස්ය.

මෙවර ශ්‍රේණිගත කිරීමේදී මුල් ස්ථාන හිමිකර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය.

පිරිමි

(1) ඇන්ඩි මරේ (බ්‍රිතාන්‍යය). (2) නොවැක් ජොකොවිච් (සර්බියාව), 3. රොජර් ෆෙඩරර් (ස්විස්ටර්ලන්තය), (4) රෆායල් නඩාල් (ස්පාඤ්ඤය), (5) ස්ටැන් වවුරින්කා (ස්විස්ටර්ලන්තය)

කාන්තා

(1) ඇන්ජෙලික් කාර්බර් (ජර්මනිය), (2) සිමෝනා හාලෙප් (රුමේනියාව), (3) කැරොලිනා ප්ලිස්කොවා (චෙක් ජනරජය), (4) එලිනා ස්විටොලිනා (යුක්රේනය), (5) කැරොලයින් වොස්නියැකි (ඩෙන්මාර්කය)

 

විම්බල්ඩන් වාර්තා

වැඩිම පිරිමි කේවල ශූරතා (07 බැගින්) - විලියම් රෙන්ෂෝ (බ්‍රිතාන්‍යය), පීට් සම්ප්‍රාස් (අමෙරිකාව), ෆෙඩරර්.

වැඩිම කාන්තා කේවල ශූරතා (09) - මාටිනා නව්රතිලෝවා (චෙකොස්ලොවේකියාව / අමෙරිකාව).

 

 

 

Comments