20 පහළ රග්බි ලෝක ශූරයෝ නවසීලන්තය | සිළුමිණ

20 පහළ රග්බි ලෝක ශූරයෝ නවසීලන්තය

ජෝර්ජියාවේ පැවැති දහවැනි වයස අවුරුදු 20 පහළ ලෝක රග්බි ශූරතාවලිය හයවැනි වරටත් දිනා ගැනීමට නවසීලන්තය සමත් විය.

රටවල් 12 ක් එක්වූ තරගාවලියේ අවසන් තරගයේදී ලකුණු 64 - 17 ක් පසුගිය වසරේ ශූරයන් වූ එංගලන්තය පරාජය කරමින් නවසීලන්තය ජය ගත්තේය. ප්‍රංශය ලකුණු 37 - 15 ක් ලෙස පරාජය කළ දකුණු අප්‍රිකාවට තෙවැනි ස්ථානය හිමිවිය. මෙතෙක් පැවැති තරගාවලි දහයේදී නවසීලන්තය හයවතාවක් (2008 - 09 - 10 - 11 - 15 - 17), එංගලන්තය තෙවතාවක් (2013 - 14 - 16) සහ දකුණු අප්‍රිකාව එක්වතාවක් (2012) ලෝක ශූරයන් වීමට සමත්ව තිබේ.

නවසීලන්තය 2016 දී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් පස්වැනි ස්ථානය දිනා ගනිමින් මෙකී තරගාවලියේ යම් පසුබෑමකට ලක් වූ අතර, ඉතිරි අවස්ථා නවයේදීම පළමු සිවුදෙනා අතර ස්ථානයක් හිමිකර ගැනීමට සමත් විය.

Comments