
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්ම තරගාවලිය ඊයේ (24) ආරම්භ විය. ඒ එක්දින ජාත්‍යන්තර (පන්දු ඕවර 50) ලෝක කුසලාන තරගාවලියයි. මෙවර තරගාවලිය ලබන ජූලි මස 23 දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර සත්කාරක රටවල් ලෙස ක්‍රියා කරන්නේ එංගලන්තය සහ වේල්සයයි. එංගලන්තයේදී මෙම තරගාවලිය පැවැත්වෙන්නේ තෙවැනි වතාවටයි.
ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් අටක් මෙවර තරගාවලියට සුදුසුකම් ලබා සිටියි. මෙවර පැවැත්වෙන්නේ 11 වැනි කාන්තා ලෝක කුසලාන තරගාවලියයි. එහි මංගල තරගාවලිය 1973 වසරේදී පැවැත්විය. ඒ පිරිමි තරගාවලිය පැවැත්වීමට දෙවසරකට පමණ පෙර වීමත් විශේෂත්වයකි.
ඉදිරියේදී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා ජනප්‍රිය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි. සී. සී.) විසින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ. එහි ආරම්භය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සිදු කෙරෙයි. ඒ තරගාවලිය සඳහා පිරිනැමෙන මුළු ත්‍යාග මුදලයි. එය ගියවර තරගාවලියට වඩා දස ගුණයකින් වැඩි කිරීමෙනි. ගියවර පිරිනැමූ මුළු ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් දෙලක්ෂයකි. මෙවර එය අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලකි.
එමෙන්ම ප්‍රථම වරට කාන්තා තරග සඳහා රූපවාහිනිය මඟින් ප්‍රධාන විනිසුරු තීරණ අභියෝගයකට ලක්කරන ඩී. ආර්. එස්. ක්‍රමවේදයත් මෙම තරගාවලයේ සිට ක්‍රියාත්මක කරනු ලබයි. මීට අමතරව කාන්තා ලෝක කුසලාන තරගාවලියක සෑම තරගයක්ම ප්‍රථම වරට සජීවිව විකාශය කිරීමටත් අයි. සී. සී. තීරණය කර ඇත. ඒ රූපවාහිනිය සහ අන්තර්ජාලය තුළිනි.
මුල් වටයේදී සෑම කණ්ඩායක්ම අනෙක් කණ්ඩායම් සමඟ ලීග් ක්‍රමයට එකිනෙකා සමඟ තරග කරයි. ඒ අනුව සෑම කණ්ඩායමක්ම තරග හතක් බැගින් තරග කරයි. මුල් වටය නිමාවන විට මුල් ස්ථාන සතර හිමිකර ගත් කණ්ඩායම් අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබයි. මෙවර අවසන් මහා තරගය සුප්‍රකට ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියට අයත් මුළු තරග ගණන 31 කි.
2017 කාන්තා ලෝක කුසලානයට සහභාගි වන රටවල්.
ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය,
ශ්‍රී ලංකාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත්.
ලෝක කුසලාන වාර්තා
කණ්ඩායම් වැඩිම ලකුණු (තරගයක)
ඔස්ට්‍රේලියාව 412/3 ඩෙන්මාර්කයට 1997
කණ්ඩායම් අඩුම ලකුණු
පාකිස්තානය 27 ඔස්ට්‍රේලියාවට 1997
තරගයක වැඩිම ලකුණු (පිතිහරඹ)
බෙලින්ඩා ක්ලාර්ක් (ඔස්ට්‍රේලියාව) නොදැවී 229 ඩෙන්මාර්කයට 1997
තරගයක හොඳ පන්දු යැවීම්
ජැකී ලෝර්ඩ් (නවසීලන්තය) 8 - 2 - 10 - 6 ඉන්දියාවට 1982
සමස්ත දස්කම්
රට කාලය තරග ජය පරාජ සම තීරණයක් නැති
ඔස්ට්‍රේලියාව 1973 - 2013 76 64 09 01 02
එංගලන්තය 1973 - 2013 74 49 22 02 01
නවසීලන්තය 1973 - 2013 74 48 23 02 01
ඉන්දියාව 1978 - 2013 54 28 24 01 01
බටහිර ඉ. කො. 1993 - 2013 31 11 19 - 01
දකුණු අප්‍රිකාව 1997 - 2013 31 11 19 - 01
ශ්‍රී ලංකාව 1997 - 2013 28 07 20 - 01
පාකිස්තානය 1997 - 2013 16 02 14 - -
තරගාවලි ඉතිහාසය
වසර පැවැති රට ශූරතාව අනුශූරතාව
1973 එංගලන්තය එංගලන්තය ඔස්ට්‍රේලියාව
1978 ඉන්දියාව ඔස්ට්‍රේලියාව එංගලන්තය
1982 නවසීලන්තය ඔස්ට්‍රේලියාව එංගලන්තය
1988 ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාව එංගලන්තය
1993 එංගලන්තය එංගලන්තය නවසීලන්තය
1997 ඉන්දියාව ඔස්ට්‍රේලියාව නවසීලන්තය
2000 නවසීලන්තය නවසීලන්තය ඔස්ට්‍රේලියාව
2005 දකුණු අප්‍රිකාව ඔස්ට්‍රේලියාව ඉන්දියාව
2009 ඔස්ට්‍රේලියාව එංගලන්තය නවසීලන්තය
2013 ඉන්දියාව ඔස්ට්‍රේලියාව බටහිර ඉ. කො.
ලෝක කුසලාන ශ්‍රී ලංකා දස්කම්
තරගයක වැඩිම ලකුණු
282/5 ඉන්දියාව 2013
අඩුම ලකුණු
57 ඔස්ට්‍රේලියාව 2005
වැඩිම මුළු ලකුණු (පිතිහරඹ)
ශෂිකලා සිරිවර්ධන (2005 - 13) තරග 16 ලකුණු 327
තරගයක වැඩිම ලකුණු
දීපිකා රසංගිකා 84 ඉන්දියාව 2013
වැඩිම මුළු කඩුලු (පන්දු යැවීම)
චමනි සෙනෙවිරත්න (1997 - 2013) තරග 17 කඩුලු 24
තරගයක හොඳම පන්දු යැවීම්
තාලිකා ගුණරත්න 5.4 - 2 - 06 - 4 බටහිර ඉ. කො. 1997
වැඩිම මුළු දවාලීම් (කඩුලු රැකීම්)
තනුජා ඒකනායක (1997 - 2005) තරග 17 දවාලීම් 12
වැඩිම මුළු තරග
හිරුකා ප්‍රනාන්දු (1997 - 09) තරග 20
වැඩිම මුළු තරග (නායකත්වය)
ශෂිකලා සිරිවර්ධන (2009 - 13) තරග 10.
ශ්‍රී ලංකා කණ්ඩායම
ඉනෝකා රණවීර (නායිකාව), ශෂිකලා සිරිවර්ධන, චන්දිමා ගුණරත්න, නිපුණි හංසිකා, චමරි අතපත්තු, අමා කාංචනා, එෂාණි ලොකුසූරියගේ, චමරි පොල්ගම්පොල, හර්ෂිතා මාධවි, හසිනි පෙරේරා, උදේශිකා ප්‍රබෝධනි, ඕෂධී රණසිංහ, ඩිලානි මනෝදර, ප්‍රසාදනි වීරක්කොඩි, ශ්‍රීපාලි වීරක්කොඩි, හේමන්ත දේවප්‍රිය (ප්‍රධාන පුහුණුකරු)
ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සටහන (මුල් වටය)
ජුනි 24 ශ්‍රී ලංකාව - නවසීලන්තය බ්‍රිස්ටල්
ජුනි 29 ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියාව බ්‍රිස්ටල්
ජූලි 02 ශ්‍රී ලංකාව - එංගලන්තය ටෝන්ටන්
ජූලි 05 ශ්‍රී ලංකාව - ඉන්දියාව ඩාර්බි
ජූලි 09 ශ්‍රී ලංකාව - බටහිර ඉන්දීය කොදෙව් ඩාර්බි
ජූලි 12 ශ්‍රී ලංකාව - දකුණු අප්‍රිකාව ටෝන්ටන්
ජූලි 15 ශ්‍රී ලංකාව - පාකිස්තානය ලෙස්ටර්










