
ස්පාඤ්ඤයේ බාර්සිලෝනාහි පැවැති මොටෝ ජීපී තරගාවලියේ හත්වැනි අදියර ජය ගැනීමට ද ඩුකාටි කණ්ඩායම නියෝජනය කරන 31 වියැති ඉතාලි ජාතික ඇන්ඩ්‍රෙයා ඩොවිෂියොසෝ සමත් විය.
ගෙවී ගිය වසරේ සමස්ත තරගාවලියේ පස්වැනි ස්ථානය හිමිකර ගත් ඇන්ඩ්‍රෙයාට ප්‍රසාද ලකුණු 171 ක් හිමි විය. එකී වසරේ ඇන්ඩ්‍රෙයා ජය ගත්තේ මලයාසියාවේ පැවැති 17 වැනි අදියර පමණි. මෙවර තරගාවලියේ අදියර හතක් අවසානයේ අඛණ්ඩව ඇන්ඩ්‍රෙයා හිමිකර ගත් දෙවැනි ජය මෙය වෙයි. මෙකී තරගාවලියේ අටවැනි අදියර 25 දා නෙදර්ලන්තයේ පැවැත්වෙයි.
මෙවර තරගාවලියේ තවමත් පෙරමුණේ පසුවන්නේ මැව්රික් විනාලේස්ය. මාර්ක් මාර්කේස්, ඩැනි පෙඩ්රෝසා සහ වැලෙන්ටිනො රොසි පිළිවෙළින් සෙසු ස්ථාන හිමිකරගෙන තිබේ.










