
ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා සිය සත්කාරක ක්‍රීඩාංගණය මඩ වගුරක් බවට පත්වුවද, කිසිවිටෙකත් පසුබට නොවූ රාජකීයෝ 13 - 08 ක් ලෙස දෙවැනි අදියර ද ජය ගනිමින් 73 වැනි බ්‍රැඩ්බි චාරිකාවේ තම 32 වැනි ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.
අන්තර් පාසල් ලීග් රග්බි කිරුළේ තීරණාත්මක තරගයේදී මහනුවරදී ත්‍රිත්ව කණ්ඩායම පහසුවෙන් පරාජය කරමින් එකී කිරුළ මෙන්ම බ්‍රැඩ්බි පළමු අදියර ද ජය ගත් රාජකීයන් සිය සත්කාරක පිටියට පිවිසියේ හොඳ පෙර සූදානමකින්ය. එකී පූර්ව සූදානම ජයග්‍රහණයකින් කෙළවර කරගැනීමට මෙවර සමත් වීමත් සමඟම අඛන්ඩව තෙවැනි වරටත් බ්‍රැඩ්බි පළිහ තම සන්තකයේ තබා ගැනීමට රාජකීයයෝ සමත් වූහ.
මෙතෙක් පැවැති තරග 73 දී ත්‍රිත්ව කණ්ඩායම බ්‍රැඩ්බි පළිහ 39 වතාවක් ජය ගෙන ඇති අතර රාජකීය කණ්ඩායම 32 වතාවක් ජය ගෙන තිබේ. ජය පරාජයෙන් තොරව අවසන්ව ඇති තරග සංඛ්‍යාව දෙකකි.











