
වෙදැදුරනි, කමා කොට
සවන් දෙනු මැනවි මට
සවන් දෙමි මම තොපට
තවත් ටික කාලයක්
දෙන්න මට ජීවිතය රැක ගන්න
ඉන් පසුව ගන්න ම වෙතින්
මගේ පණ නල
නිමා කෙරුමට කීයේ
පටන් ගත් අැතැම් වැඩ
ඇත්ද තව ඉල්ලීම් ?
නැත!
සයනයෙන් නැඟී සිට
දෙපා වාරුව ඇතිව
ඇවිදින්න හැකි වේද?
හැකිවේය වෙදැදුරනි
එසේ නම් නැඟී සිට පෙන්වන්න
මගේ ඇස් පනාපිට දැක ගන්න...
ගිලන් ගත,
ගිලන් සිත,
තුරන් වී ඔහු නැඟී සිටියේය
සයනයෙන්,
මුවේ මඳහස රැඳී...