සතුරන්ගේ සටන අද | Page 2 | සිළුමිණ

සතුරන්ගේ සටන අද

න්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි. සී. සී.) චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙවර වැඩිම අවධානය යොමු වන තරගය අද (04) පැවැත්වේ. ඒ ඉන්දියාව සහ පාකිස්තානය අතරයි. මෙම දෙරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී හමුවන්නේ 2016 වසරෙන් පසුවයි. ඒ ඊ 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුවය.

සම්ප්‍රදායික සතුරන් ලෙස ප්‍රකට මෙම දෙරට කුමන ක්‍රීඩාවකින් හෝ තරග කළත් ඊට වැඩි අවධානයක් යොමු වේ. එය ක්‍රිකට් නම් මුළු ලොවම එදෙස බලා සිටියි. 2011 වසරේ එක්දින ජාත්‍යන්තර ලෝක කුසලාන තරගාවලියේ එක් අවසන් පූර්ව තරගයකදී මෙම දෙරටම තරග කරන ලදි. එය රූපවාහිනිය ඔස්සේ නරඹන ලද පිරිස මිලියන 988 ක්ම ඉක්මවීය.

අද තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදීය. මෙම බර්මින්හැම් ප්‍රදේශයේ ඉන්දීය, පාකිස්තාන් සහ බංග්ලාදේශ ජනතාව බහුලව ජීවත්වෙති.

ඉන්දියාව සහ පාකිස්තානය ප්‍රථම වරට එක්දින ජාත්‍යන්තර තරගයකදී හමු වුයේ 1978 වසරේදීය. අවසන් වරට එය සිදුවූයේ 2015 ලෝක කුසලාන තරගාවලියේදීය. මේ වන විට දෙරට තරග කර තිබෙන මුළු එක්දින ජාත්‍යන්තර තරග ගණන 127 කි. එහිදී පාකිස්තානයට ජයග්‍රහණ 72 කි. ඉන්දියාවට ජයග්‍රහණ 51 කි. ප්‍රතිඵලයක් නැති තරග 04 කි.

එක්දින ජාත්‍යන්තර ලෝක කුසලාන තරග 06 ක්ම ඉන්දියාව ජය ගෙන තිබේ. එහෙත් දෙරට අතර තරගවලදී පාකිස්තානයට තවම ජයක් නොමැති වීම විශේෂත්වයකි. චැම්පියන්ස් කුසලාන තරගවලදී අද පැවැත්වෙන්නේ දෙරට අතර සිවුවන තරගයයි. මේ වන විට පාකිස්තානයට ජයග්‍රහණ දෙකකි. ඉන්දියාවට ජයකි.

 

 

 

දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරග දස්කම්.

තරගයක වැඩිම ලකුණු

ඉන්දියාව 356 - 9 (2005)

පාකිස්තානය 344 - 8 (2004)

තරගයක අඩුම ලකුණු

ඉන්දියාව 79 (1978)

පාකිස්තානය 87 (1985)

වැඩිම මුළු ලකුණු රැස් කළ පිතිකරුවන්

සචින් තෙන්දුල්කාර් (ඉන්දියාව)

ඉනිම් 67 ලකුණු 2526

ඉන්සමාම් උල් හක් (පාකිස්තානය)

ඉනිම් 64 ලකුණු 2403

තරගයක වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන්

සයීඩ් අන්වර් (පාකිස්තානය) 194 (1997)

විරාත් කෝලි (ඉන්දියාව) 183 (2012)

වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නෝ

වසීම් අක්රම් (පාකිස්තානය) කඩුලු 60

අනිල් කුම්බ්ලේ (ඉන්දියාව)කඩුලු 54

තරගයක හොඳම පන්දු යැවීම්

අකිබ් ජාවෙඩ් (පාකිස්තානය) 37 - 7 (1991)

සොරොව් ගංගුලි (ඉන්දියාව) 16 - 5 (1997)

 

Comments