ශ්‍රී ලංකා - පාකිස්තාන් තරගය හෙට | සිළුමිණ

ශ්‍රී ලංකා - පාකිස්තාන් තරගය හෙට

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුල් වටයේ සහභාගි වන තෙවන සහ අවසන් තරගය හෙට (12) පාකිස්තානය සමඟ පැවැත්වේ. එය පැවැත්වෙන්නේ වේල්සයේ කාර්ඩිෆ් නුවර සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදීය.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය ජුනි 03 වැනිදා පැවැත්වූයේ දකුණු අප්‍රිකාව සමඟිනි. එම තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 96 ක ජයකි. ශ්‍රී ලංකාව සිය දෙවන තරගයට ජුනි 08 වැනිදා සහභාගි වූයේ ඉන්දියාව සමඟයි.

පාකිස්තානය මෙවර ප්‍රථම තරගයට ජුනි 04 වැනිදා ඉන්දියාවට එරෙහිව තරග කරන ලදි. එහි ප්‍රතිඵලය වූයේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ඉන්දියාවට ලකණු 124 ක ජයකි. මේ අතර පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ජුනි 07 වැනිදා පවත්වන ලදී.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ප්‍රථම වරට එක්දින ජාත්‍යන්තර තරගයක් පැවැත්වූයේ 1975 වසරේදීය. අවසන් වරට 2015 වසරේදී ශ්‍රී ලංකාවේදීය. එහිදී තරග පහකින් සමන්විත තරගමාලාවේ ජය 3 - 2 ක් වශයෙන් හිමිකර ගත්තේ පාකිස්තානයයි.

මේ වන විට දෙරට අතර පවත්වා තිබෙන මුළු එක්දින ජාත්‍යන්තර තරග ගණන 147 කි. එහිදී පාකිස්තානයට ජයග්‍රහණ 84 කි. ශ්‍රී ලංකාවට ජය 58 කි. ලකුණු සම වූ තරගයකි. ප්‍රතිඵලයක් නැති තරග සතරකි.

එක්දින ජාත්‍යන්තර ලෝක කුසලාන තරගාවලියන්හිදී ශ්‍රී ලංකාවට තවමත් පාකිස්තානය පරාජය කිරීමට හැකි වී නැත. එය ඉන්දියාවට එරෙහිව පාකිස්තාන වාර්තාවට සමානය. චැම්පියන්ස් කුසලාන තරගවලදී පාකිස්තානයට ජය දෙකකි. ශ්‍රී ලංකාවට ජයග්‍රහණයකි.

මේ අතර ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (11) ලන්ඩන් නුවර ද ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 1991 - 2015 අතර දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරග 76 කි. දකුණු අප්‍රිකාවට ජය 45 කි. ඉන්දියාවට ජය 28 කි. ප්‍රතිඵලයක් නැති තරග 03 කි.

තරගයක වැඩිම උඩපන්දු

මිස්බා උල් හක් (පාකිස්තානය) උඩපන්දු 04 (2009)

රොෂාන් මහානාම (ශ්‍රී ලංකාව) උඩපන්දු 03 (1988)

වැඩිම ලකුණු සබඳතා

නවීඩ් ලතිෆ් - ඉන්සමාම් උල් හක් (පාකිස්තානය) ලකුණු 219 තෙවන කඩුල්ලට (2001)

සනත් ජයසූරිය - අරවින්ද ද සිල්වා (ශ්‍රී ලංකාව) නොදැවී ලකුණු 213 තෙවන කඩුල්ලට (1997)

දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරග දස්කම්.

තරගයක වැඩිම ලකුණු

පාකිස්තානය - 371/9 (1996)

ශ්‍රී ලංකාව 368/4 (2015)

තරගයක අඩුම ලකුණු

පාකිස්තානය 75 (2009)

ශ්‍රී ලංකාව 78 (2002)

වැඩිම මුළු ලකුණු රැස් කළ පිතිකරුවන්

සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව)

ඉනිම් 79 ලකුණු 2517

ඉන්සමාම් උල් හක් (පාකිස්තානය)

ඉනිම් 58 ලකුණු 2265

තරගයක වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන්

මෙහොමඩ් හෆීස් (පාකිස්තානය) නොදැවී 140 (2013)

තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව) නොදැවී 137 (2009)

වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නෝ

මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව) කඩුලු 96

වසීම් අක්රම් (පාකිස්තානය) කඩුලු 92

තරගයක හොඳම පන්දු යැවීම්

වකාර් යුනිස් (පාකිස්තානය) 26 - 6 (1990)

තිසර පෙරේරා (ශ්‍රී ලංකාව) 44 - 6 (2012)

වැඩිම දවාලීම් කළ කඩුලු රකින්නෝ

කුමාර සංගක්කාර (ශ්‍රී ලංකාව) දවාලීම් 62

මොයින් ඛාන් (පාකිස්තානය) දවාලීම් 47

තරගයක වැඩිම දවාලීම්

හෂාන් තිලකරත්න (ශ්‍රී ලංකාව) දවාලීම් 05 (1990)

රෂීඩ් ලතීෆ් (පාකිස්තානය) දවාලීම් 05 (2003)

වැඩිම උඩපන්දු රැක ගත් පන්දු රකින්නෝ

රොෂාන් මහානාම (ශ්‍රී ලංකාව) උඩ පන්දු 32

ෂහිඩ් අෆ්රිඩි (පාකිස්තානය) උඩපන්දු 21

Comments