
හතළිස් තුන් වැනි වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ බාලක ශූරතාව මෙවරත් හිමිකර ගැනීමට ශාන්ත ජෝශප් විද්‍යාලය සමත් වෙද්දී, බාලිකා ශූරතාව දිනා ගැනීමට විශාඛා විද්‍යාලය සමත් විය.
වසර කිහිපයක්ම බාලිකා ශූරතාවට හිමිකම් කියූ මහනුවර මහාමායා බාලිකාවන් මෙවර තෙවැනි ස්ථානය දක්වා පසුබැසීම කැපී පෙනුණ සිද්ධියක් විය. බාලිකා දෙවැනි ස්ථානය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමි විය. සිවුවැනි ස්ථානය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට සහ පස්වැනි ස්ථානය මියුසියස් විද්‍යාලයට හිමි විය.
බාලක ශූරතාව ශාන්ත ජෝශප් හිමිකර ගනිද්දී පිළිවෙළින් ආනන්ද විද්‍යාලය, දෙවැනි ලයිසියම් වත්තල - නුගේගොඩ, තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකර ගත් අතර පස්වැනි ස්ථානය නාලන්ද විද්‍යාලයට හිමිවිය.











