මේ මොහොත... | සිළුමිණ

මේ මොහොත...

 

ගෙවී යයි මේ මොහොත
නොදැ­නීම
ඊළ­ඟට එන මොහොත
සහ­න­යක් ගෙන දේද?

සිටිය වග සොම්න­සින්
නොද­නීද මගිය තම!
සිටිය වග දොම්න­සින්
පම­ණක්ද හැඟ­වුණේ
ගඟ ගලා ගියා සේ
ගලා­ගිය දිය පහර මුදු ලෙසින්
කෙලෙ­සින්ද සැඩ වුණේ
හමා ගිය මාරු­තය
සිහිල් පව­නක් වීය!

එහෙත් එය කෙලෙ­සින්ද
සැඩ සුළං වූයේ
මේ මොහොත සුන්ද­රය
සුන්දර විය හැකිය
ඊළ­ඟට එන මොහොත

Comments