කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

අනු­බුදු හිමි­යනේ

මිහිඳු මාහිමි මිහි­න්ත­ල­යට අපේ පින­කින් වැඩම කෙරු­වා‍
­දෙ­වනපෑතිස් රජිඳු දඩ­යම පිණිස වන­යට ගමන් කෙරුවා
මිහිඳු හිමියෝ තිස්ස තිස්ස කියා පින්බර හඬක් නැඟුවා
පුදුම වීලා දෙවනපෑතිස් රජිදු විග­සින් එදෙස බැලුවා

එදා සිට මේ උතුම් බොදු­දම අපේ රට තුළ බැබ­ලුණා
එතෙක් කල් කළ සියලු පව්කම් එදා­යින් පසු නැති වුණා
පෙන්වලා හෙළ පුතුන් දස්කම් උතුම් දාගැබ් සුසැ­දුණා
උතුම් අනු­බුදු මිහිඳු හිමි­ගෙන් අපේ සිරි­ලක බැබ­ළුණා

සුමනා දයා­නන්ද


මම නම­දමි

අද වැනි පොසොන් ‍පසළො­ස්වක දිනක තෙද
සඳුන් කපුරු මල් සම්බුදු රජුට පුද
අනු­බුදු මිහිඳු සිහි­කර බැති බරව හද
මම සිල් ගනිමි මිස්සක ගල මුදුනෙ ඉඳ

යන එන මං නොදැන ගස් ගල් පුදන ලද
අදමිටු දනන් සුම­ගට යොමු කරන ලද
අනු­බුදු මිහිඳු ගරු හිමි­යනි ඔබ‍ෙග නද
සිඹ සිඹ වදිමි වෙන මොනවා කරන වද

මෙත් කරුණා ජලෙන් හද­වත් මල දෙව්ව
සද­හම් අමා කල්කය සත­හට පෙව්ව
අනු­බුදු මිහිඳු හිමි­යනි කෙලෙ­සුන් නිව්ව
කර­නෙමි මහිස මහි­මිට මිස්සක පව්ව

සරත් ධර්ම­සේන


ඉති­හා­සයේ පිටු­වකි අද වැනි දිනෙක

මගෙ හෙළ දැයට නව යුග­යක් උදා කළ
ජන හද මනස යහ ගුණ දම් වගා කළ
ගිරි හිස මතින් සද­හම් ගඟ මුදා හළ
ඉති­හා­සයේ පිටු­වකි අඹ තලා ගල

සීගිරි දඹුලු ලෙන්වල සිත්තම් ඇන්දේ
තල්පත විදුරු බිත මැද ගී රස වින්දේ
රට මැද තැනි­ත­ලා­වල සාගර බැන්දේ
හිමි­යනි! මගෙ රටට ඔබ ගෙන­වුත් දුන්දේ

පුන් පෝදා දිනක අද වැනි පරම රම
පින් වත් මිහිඳු හිමි වැඩිදා රටට මෙම
සුන් වී අඳුරු මිස­දිටු බැමි රුදුරු තම
තුන් සරණේ ලැබුණි සම­ඟින් බුදු දහම

සිව් හෙළ­ය­නට සද­හම් සුව ලැබුණේ ය
පව් වර කෙලෙස් මුල් සිදු විඳ දැමුණේ ය
දෙව් ලෝ පුරා සව­ණක් රැස් වැටුණේ ය
සිව් මහ අමා දුක් ගින්දර නිවුණේ ය


විමල් විජේ­සේ­කර


මහ මෙහෙය

පව පින හොඳ නරක වටහා ගනු බැරිව
ලක් දන දිවි ගෙවනු දැක පාපෙට ලැදිව
මෙර­ටට වැඩම කොට යහ­පත, සෙත සැදුව
අනු­බුදු සමිඳු ගුණ සම­රමි! බැති බරව

අවිදු මොහ’ඳුරින් මුළු තුන් හෙළය මුදා
හැම දන වෙත අමා සද­හම් මිහිර බෙදා
අනු­බුදු මිහිඳු හිමි ඉටු කළ මෙහෙය එදා
ජන හද­ව­තෙහි ලියැවී පව­තීවි සදා

ඇම්.ඒ. ජය­සිරි


පොසොන් සඳ කියයි

මිහි­න්ත­ලා­වෙන් ගලා ආ
සද­හම් සුව­ඳින් නැහැවී
ලක ­පුරා බොදු දනන්
සැනැ­හෙන අසිරි දැක

පොසොන් සඳ සිනා­සෙන්නී
එදා සිට සියලු දේ දැක
සඳ කියන්නී
අම්බ­ස්තල පබ්බ­තයේ සිට

දැනුණු දකිමි මම
මිහිඳු මාහිමි
දෙවනපෑතිස් නිරි­ඳුන්ට
දම් දෙසූ අපූ­රුව

ඒ සියලු දෑ දකි­න්නට
පින් පුරා ඇති මම
ඔබ සැමට වඩා පින්ව­න්ති­යක්මි

දුදන ගති ඇති සම­හ­රුන් දැක
මගේ හද සැලී
කම්පා වේ අදත්
සද­හම් සිසිල තරම් සුව­යක්
නැති මුත් මේ ලෝකය තුළ

කමලා ධර්ම­ලතා ජය­සූ­රිය


මිස්සක පින්බිම

හිස කඳු මුදු­නක තොරණ බැදේවී
සුපු­රුදු දන් පින් ඉහළ ඇදේවී
අනු­බුදු ගුණ නැණ සිතෙහි ‍රැදේවී
පිරි­සුදු දහ­මෙන් රට ම හැදේවී

නිද­හස් විමනේ මවු­රට ජාතිය
සඳ­රැස් වතුරේ අනු­බුදු ජෝතිය
බුදු­රැස් විහිදා අඹ­තල චේතිය
අද­හස් උපදී සම්බුදු නීතිය

ඇත් පද උවමේ සද­හම් රාවය
අත් විඳ සැන­සුණු ලොවු­තුරු ජීවය
සිත් මල සුපි­පෙන සුමි­හිරි තාවය
මෙත් සවි සුව­යකි සැල­සුණු සේවය

මන්දිර සද­හම් සම්බුදු පිළි­මය
සුන්දර නිමැ­වුම් නිමැ­වුව උරු­මය
පින්බර සිතු­විලි සුජ­නිත දැනු­මය
මන්දිර නොනගී දෙලොව ම දිනු­මය

පත පොත ලියැ­වුණු අකුරු රටා­වයි
සත­රක දිනුමේ දැනුම වැඩී­මයි
පරි­ණත පිරු­වන ඉගෙන ගැනී­මයි
ගත සිත නිවුමේ දැහැමි ලතා­වයි

අනුලා දේවිය දැය දිනු පො‍රණේ
සලසා ‍සදහම් නිසි රැක වරණේ
වනිතා නිද­හස සිරි­ලක් දෙරණේ
ජනතා දිනු­මකි අනු­බුදු සරණේ

දන් පින් අග­යන දහ­මට පෝසත්
කන් දෙන ජනතා යහ­මග යෑමක්
රන් දද සව­නක් රැස් මැද සේස­ත්්
­පන් සිල් එසැවේ ගුණ නැණ බෝසත්

නුව­ණැති අඹ පැන විසඳුව අන්දම
නර­පති දිනු­මකි තෙරු­වන් වැන්ද­ම‍
­ග­ඟ­බැති ගලනා ජන­රැලි හින්දම
සදැ­හැති අර­ණකි මිස්සක පින්බිම

නන්ද­සේන පලි­හ­ක්කාර


පින්බිම

රළු කළු­ගල් මෙත් දිය­රින් පොඟවා
සිත් සන­හා­ලන බුදු රූ නිමවා
කිරි පෙණ­පිඬු වැනි දාගැබ් කරවා
සැන­සුණි ලක පින් බිම­කට හරවා


ප්‍රේම­සිරි කාරි­ය­ව­සම්


මාහිමි ගුණ සමරා

සම්බුදු පහ­සින් සැනසී නිමැ­වුණ කැලණි විහා­රය මළු­වෙහි දී
සුදු ­මුදු ‍බෝපත් සුළ‍ඟේ සැලෙ­මින් සිතු­විලි පුබු­දයි එකට බැඳී
බව­රුදු කතරේ එත­රට යන්නට අපට කියා­දුන් දහමෙ රැඳී
අනු­බුදු නාහිමි දෙසු­මඟ යන්නෙමි අන් මඟ­කට සිත යන්න නොදී

මිස්සක පව්වෙන් නැඟි ආලෝ­කය විහිදී පැති­රෙයි දෙරණ පුරා
ගිනි­ගෙන දැවි දැවි වැන­සෙන හද­වත සැනසී එළ­ඹෙයි සුවය කරා
අද මිටු සිතු­විලි නිවී පහන් වී සසරේ කෙළ­වර දකින තුරා
අනු­බුදු නාහිමි දෙසු­මඟ යන්නෙමි නිවන් පුරේ දොර ඇරෙන තුරා

සුදු මුදු සිතු­විලි පාවෙන විල­සින් ලොවට බෙදා දුන් දහමෙ රැඳී
පිරි­සුදු දිවි­යට සද­හම් හැඟු­මන් තිබු­ණොත් පෑහෙයි එකට බැඳී
බව­රුදු කතරේ එතෙ­රට යන්නට මා කළ පින්කම් දැනට මදී
අනු­බුදු මාහිමි ගුණ සම­ර­න්නට මේ කවි­යත් මගෙ හිතට මදී

ලලිතා ඥාන­වතී ‍ෙරාඩ්රිගෝ


මගේ රටේ අසි­රිය

බුදුන් දහම් සඟ තෙරු­වන සරණං ගච්ඡාමී
මිහින්තලය දෙසට නැමී සැදැ­හෙන් වන්දාමී
පොසොන් පොහෝ දින තුන් සිත සීලෙහි රන්දාමී
කියන්නෙ ඔබ නිසයි සමිඳ මහි­න්ද­ රහ තන්සාමී

සම්මා සම්බුදු දහ­මට සිවු­හෙ­ළයේ පිරිස එදා
නම්මා දුනු ඊ බිම දා දිවි මඟ පස් පවිනි මුදා
ගන්වා අත්වල තෙල් මල් බුදු පුද­යට සිත් පහදා
නම්මා­රම් දුන්නහ ඔබ දහම් දීප නම පබඳා

වැවෙන් කෙතෙන් විහා­ර­යෙන් ලංකා බිම බැබ­ළු­ණේය
පොතෙන් පතෙන් සෙල් පිළි­මෙන් හෙළ දස්කම් බිහි වුණේ ය
නිවන් සැපට මඟ පෙන්වූ හැදි­යා­වක් හිමි වුණේය
මහින්ද මහ රහත් සමිඳු නිසාම එය සිදු වුණේය

පයස් ප්‍රනාන්දු


සිති­විලි

තම පසු පස කෙනෙක් ආවොත් මර­න්නට
බිම ඉඩ මදිව සැර­සෙන හැටි දුව­න්නට
මම බිය වෙන තරම කෙලෙ­සද සිත­න්නට
අම­තක නොවේ හිමි දෙසු දම් බොදු­න්හට

එදවස අඹ­ත­ලය මිනි­සු­න්ගෙන් දුරුය
නොදමන කුණු කසළ සැම තැන පිවි­තු­රුය
සදහම් පැළය සිටුවා තැබු බිම සරුය
අද­ටත් අපට පිහි­ටයි එහි වප­ස­රිය

ඉවතට දමන කිසි­වක් මේ ලොවෙහි නැත
සුවයක් ලූනු පොතු, පොල් කුඩුවලත් ඇත
පව පිරි ඉරි­සියා වෛරය පිරුණු සිත
ලොව කුණු කඳු ගසා දහ­මට එරෙහි වෙත

කරදර කරන අටි­යෙන් අන් සතු­න්හට
බොර දිය තුළ එපා මාළුන් සොය­න්නට
වරදට දඬු­ව­මක් ඇති බව කිය­න්නට
පුර සඳ නැගේ හිමි ගුණ සිහි කර­න්නට

සුදු රෙදිවලින් වැසි හද­වත් සුදු­වේවා!
සැදු මල් වට්ටි ­මෙන් මෙත් මල් පිබි­දේවා!
මදු රස දහම දුන් හිමි සිරි­පද ගාවා!
නිදුකින් සියලු රට වැසි­යන් සැන­සේවා!

සුග­ත­දාස කුරු­විට


මෙත්සුව

පින්බර සතට පෙම්බර පණි­විඩ යැව්ව
දම් සුව දනගෙ හද­වත පතු­ලට කැව්ව
නිරි­දෙ­කු ­ප­වෙන් යහ­මග යොමු­කර යැව්ව
මෙත්සුව සැලෙයි මිහි­කත මිහි­තල පව්ව

ආනන්ද කල්දේරා


පොසොන් සඳ

නිමක් නැති සසර දුක් නිවා­ලන ඇති දඟේ
­දම් අමා මී රැගෙන මිහිඳු හිමි වැඩි මගේ
මිග මෙන් ම තිස්ස රජු නැති ද එ දවස වගේ
අඹ­ත­ලා­වට අදත් පොසොන් පුන් සඳ නැගේ

ඒ. දන්ත­නා­රා­යන


අසි­රි­මත් දිනය

විසල් ගුව­නැබ පුරා පොසොන් සඳ හිනැ­හිලා
ගලන සුදු මුදු කිරණ තුරු මුදුනෙ වැති­රිලා
සැලෙන බෝපත් සිත් පහන් හැඟු­මෙන් පුර­වලා
අසි­රි­මත් ව‍ූ පින්බර පොසොන් දින­යක් උදා වීලා

හේමන්තී ගාර්දී­ය­ව­සම්


නිද­හස ලැබූ පොසොන්දා

හිරු සඳු පවුරු වැනි විස්මිත දෑ නේක
‍අවිදු අඳුරෙහි වෙළී පිදු මළ යුග යේක
සම්බුදු සුවඳ පතු­රනු වස් හැම ගේක
අනු­බුදු මිහිඳු හිමි පිරි­වර වැඩි සේක

විල හෙළ වදුල තුරු හිස පණ ලැබු­වේය
මිල කළ නොහැකි දහ­මක සුව ගැලු­වේය
කල එළ­ඹි­යෙන් හිමි මහ­රජ හමු­වේය
හෙළ සැහැ­ටි­යා­වෙහි ඇර­ඹුම දුටු­වේය

මිස්සක සිකර වප­ස­රියේ අඹ වදුල
තිස්සය යන හඬින සෙල­වුණ පෙර එකල
ඇස් ඇද­හිය නොහැකි දසු­නින් ලද සිසිල
විස්තර කෙසේ කර­මුද කළ දෑ නිමල

කෙළි සෙල්ල­මට දඩ­යම් කළ යුග­යක්ය
බලි බිලි යකුන් ඇදහූ ජන පිරි­සක්ය
යළි පුබු­ද­මින් ජාතිය නැගු දව­සක්ය
හෙළි කළ දහම අද­ටත් දිව මතු­රක්ය

ලෝහිත කඳුළු වැගුරූ වන සතුන් නේ
ජීවිත දෙස බලා නිහැ­හුණු දනන් නේ
නෑ හිත මිතු­රු­කම් යළි සිත් බැදෙන් නේ
සාහිත කලාව ද ඉන් ගොඩ නැගෙන් නේ

නුඹ කුස සිඹින මහ සෑ දුර පෙනෙන්නේ
අස දිස සබ­ඳ­කම් නො වැ ඉන් දැනෙන්
කිතු ගොස දසත විහිදී හඬ නගන් නේ
නිද­හස පොසොන් දව­සෙහි අප ලබ­න් නේ

ඩබ්ලිව්. කේ. සරත් විම­ල­සිරි


යළි වඩිනු මැන

මහ කළු ගලක් මල් පෙත්තක් තර­මට ම
සුසි­නිඳු වුණේ කොයි ලෙස­කින් දෝ කොහොම
දර­ද­ඬු­කම් නසා ඔප කළ මිනිස් කම
හිමි­යනි ඔබ නිසා ලැබුවේ අසම සම

මිහි­න්ත­ලා­වෙන් ගැලු සද­හම් ගංගා
මේ හෙළ දෙරණ තෙමුවා සිසි­ලස නංගා
නොමි­නිස් ගතිය මුදු සුව­යෙන් කළ හංගා
අද පව­තින්ෙන සමි­ඳුනි සිත දුක හංගා

සිත් තුළ ගුණ දහම් බිඳ වැටි නියා­වෙන්
එක­කුත් පර­දවා දිනනා ක්‍රියා­වෙන්
දුද­නන් වෙලා නැත සිතු තුළ දයා­වන්
දෙනු මැන හිමි­යනේ දම් රස අමා­වන්

දහ­මට පොත පතට තද කල්පනා වක්
හිස මත පුරයි අදමිටු චේතනා වක්
ඔවු­නට දෙස­න්නට බුදු බණ කතා­වක්
හිමි­යනි වඩිනු මැන යළි එක වතා­වක්

උපාලි කස්තුරි ආරච්චි


අඳු­රෙන් මිදී

වෛරය, ක්‍රෝධය, මෝහය අඳු­රෙන් පලවා
කරුණා මෙත් මුදි­තා­වෙහි පාරමි පුරවා
අලුත් හැඟුම් තුටින් තුටට දැහැ­මින් පනවා
පොසොන් සඳක් පායා ඈත රෑ තරු සඟවා


සඳු­නිකා කුෂානි උප­වංශ


අනු­බුදු හිමි සිහි කරමි

පන්සා­ළිස් වසක් බුදු හිමි දෙසුව බණ
දන් දුනි රැගෙන විත් අනු­බුදු පොසොන් දින
පැන් පොද ලදක් මෙන් දිය පස දුරු වූ තැන
තුන් හෙළ­ය­ටම පැති‍රුණි බුදු සසුන පින

පන් දහ­සක් වරුස පව­තින බුදු බලය
සන්සුන් රටක් කර ඇති කොට සඟ කුලය
මින් පෙර කළ මෙහෙය අනු­බුදු හිමි පලය
දැන් මහ රුකක් විය සිටුවූ ඒ පැළය

මුණ­සිංහ නිශ්ශංක

Comments