මුදල් ආධාර එපා! | Page 2 | සිළුමිණ

මුදල් ආධාර එපා!

ආපදා තත්ත්වයට මුළාවී ඇතැම් පිරිස්, කණ්ඩායම් මේ වනවිට මුදල් එකතු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවත්, කිසිම කණ්ඩායමකට හෝ පුද්ගලයකුට මුදල් එකතු කිරීමට රජය අවසර දී නොමැති බවත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

ගංවතුර සහනාධාර යැයි කියමින් බොහෝ දෙනා ආධාර ඉල්ලුවත් මුදල් ලබා නොදෙන මෙන් ඉල්ලා සිටින අමාත්‍යාංශය ඒ සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට රජය විසින් අදාළ පළාත් කාර්යාලවලට යොමුකර ඇති අතර, යම් අයකුට පීඩාවට පත්වූවන්ට ආධාර කිරීමට අවශ්‍ය නම් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අමතන මෙන් දන්වා සිටී.

 

Comments