වෙඩි නිහඬ වෙයි... | සිළුමිණ

වෙඩි නිහඬ වෙයි...

 

 

 

 

සකට අධික කාලයක් දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු වූ සුපිරි යතුරු පැදි ශූර ආනන්ද වෙඩිසිංහ සිහි නොලබාම සිය අවසන් හුස්ම පොද වාතලයට එක් කළේය.

වසන්ත සමයේ නුවරඑළියේ පැවැති යතුරු පැදි ධාවන තරගයකට එක්වූ වෙඩිසිංහ සුපර් මෝටාඩ් ඉසව්වේ සුරාජ් පෙරේරාගේ යතුරු පැදිය හා ගැටීමෙන් අනතුරට ලක්විය. මුලින් නුවරඑළිය රෝහලට ඇතුළත් කළත් ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම නිසා මහනුවර රෝහලට ඇතුළත් කෙළේය.

වෙඩිසිංහට වැඩිදුර ප්‍රතිකාර සඳහා විදේශ රටකට ගෙන යාමට බිරිය සහ දරුවන් උත්සාහ කළද අවශ්‍ය මුදල වූ රුපියල් ලක්ෂ හාරසීයකට ආසන්න ප්‍රමාණය සොයා ගැනීමට නොහැකිවීම නිසා එකී උත්සාහය අතහැර දැමීමට සිදුවිය.

Comments