මෙවර නායකයෝ | සිළුමිණ

මෙවර නායකයෝ

ප්‍රශාන්ත ඇල්පිටිය

චැම්පියන්ස් (ශූරයන්ගේ) කුසලාන ක්‍රිකට් තරගාවලියට රටවල් රටම සහභාගි වනුයේ එය ජයග්‍රහණය කිරීමේ අරමුණින්ය. ඒ සඳහා වගකීම පැවරී තිබෙන්නේ නායකයන්ටය. මෙවර තරගාවලියට සහභාගි වන වයස්ගතම නායකයා වනුයේ බංග්ලාදේශයේ මෂ්රෆි මෝර්ටසාය. ළාබාලම නායකයා නවසීලන්තයේ කේන් විලියම්සන්ය.

ඇන්ජලෝ මැතිව්ස්
ශ්‍රී ලංකාව

උපත 1987 ජුනි 02, පිතිහරඹය දකුණතින්, පන්දු යැවීම දකුණත් මද වේග, එක්දින ජාත්‍යන්තර තරග වරම 2008, මංගල නායකත්ව වරම 2013, තරග 180, ලකුණු 4492, වැඩිම නොදැවී 139, උඩ පන්දු 43, කඩුලු 111, හොඳම 20 - 6.

විරාත් කෝලි
ඉන්දියාව

උපත 1988 නොවැම්බර් 05, පිතිහරඹය දකුණතින්, පන්දු යැවිම දකුණත් මද වේග, එක්දින ජාත්‍යන්තර තරග වරම 2008, මංගල නායකත්ව වරම 2013, තරග 179, ලකුණු 7755, වැඩිම 183, උඩ පන්දු 86, කඩුලු 04, හොඳම 15 - 1.

 

ඔයින් මෝර්ගන්
එංගලන්තය

උපත 1986 සැප්තැම්බර් 10, පිතිහරඹය වමතින්, පන්දු යැවීම දකුණත් මද වේග, එක්දින ජාත්‍යන්තර තරග වරම 2006, මංගල නායකත්ව වරම 2011, තරග 178, ලකුණු 5404, වැඩිම නොදැවී 124, උඩපන්දු 68.

 

 

 

ඒ. බී. ඩි. විලියර්ස්
දකුණු අප්‍රිකාව

උපත 1984 පෙබරවාරි 17. පිතිහරඹය දකුණතින්, පන්දු යැවීම දකුණත් මද වේග. වෙනත් කඩුලු රැකීම. එක්දින ජාත්‍යන්තර තරග වරම 2005. මංගල නායකත්ව වරම 2012. තරග 216, ලකුණු 9175, වැඩිම නොදැවී 162, උඩපන්දු 171, ස්ටම්ප් 05, කඩුලු 07, හොඳම 15 - 2.

 

ස්ටීවන් ස්මිත්
ඔස්ට්‍රේලියාව

උපත 1989 ජුනි 02, පිතිහරඹය දකුණතින්, පන්දු යැවීම දකුණත් පා දඟ, එක්දින ජාත්‍යන්තර තරග වරම 2010, මංගල නායකත්ව වරම 2014/15, තරග 95, ලකුණු 3101, වැඩිම 164, උඩපන්දු 57, කඩුලු 27, හොඳම 16 - 3.

 

 

 

මෂ්රෆි මෝර්ටසා
බංග්ලාදේශය

උපත 1983 ඔක්තෝබර් 05, පිතිහරඹය දකුණතින්, පන්දු යැවීම දකුණත් මද වේග, එක්දින ජාත්‍යන්තර තරග වරම 2001, මංගල නායකත්ව වරම 2014, තරග 172, ලකුණු 1556, වැඩිම නොදැවී 51, උඩපන්දු 54, කඩුලු 225, හොඳම 26 - 6.

 

 

සෆ්රාස් අහ්මඩ්
පාකිස්තානය

උපත 1987 මැයි 22, පිතිහරඹය දකුණතින්, වෙනත් කඩුලු රැකීම, එක්දින ජාත්‍යන්තර තරග වරම 2007, මංගල නායකත්ව වරම 2016, තරග 70, ලකුණු 1568, වැඩිම 105, උඩපන්දු 22, ස්ටම්ප් 22.

කේන් විලියම්සන් නවසීලන්තය
උපත 1990 අගෝස්තු 08. පිතිහරඹය දකුණතින්, පන්දු යැවීම දකුණත් පිට දඟ. එක්දින ජාත්‍යන්තර තරග වරම 2010. මංගල නායකත්ව වරම 2012, තරග 111, ලකුණු 4361, වැඩිම නොදැවී 145, උඩපන්දු 45, කඩුලු 33, හොඳම 22 - 4.
 

 

 

 

Comments