
ග්‍රැහැම් ෆෝඩ්
වෙනදා බලාපොරොත්තු පොදි බැඳ ගෙන තරගාවලියකට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම, අටවැනි චැම්පියන්ස් ශූරතාවලියට එක් වූයේ පිටියේ ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමේ අටියෙන්ය.
වාසනාවට වගේ අපි මුල් තරග දෙකම ක්‍රීඩා කරන්නේ දකුණු අප්‍රිකාවට සහ ඉන්දියාවට එරෙහිව ඕවල් පිටියේ. ඕවල් පිටිය ගැන මම හොඳට දන්නවා. මේ ගිම්හාන කාලය ටිකක් වියළි සහගත ගිම්හානයක්. ඒ නිසා එන ලකුණු ගණනත් ටිකක් වැඩි වෙන්න පුළුවන්, ලෙස ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පවසයි.
කාලගුණය ගැන හරියට ම අනාවැකි කියන්න බෑ. හදිසියේ බලාපොරොත්තු නොවූ විදියට වහින්න ඉඩ තියෙනවා. ඒත් මේ යන විදිය හොඳයි.
මෙවර තරගාවලියේදී ජාත්‍යන්තර විස්තර කුටියට ගොඩවෙන කුමාර සංගක්කාර ක්‍රීඩා කරන සරේ ප්‍රාන්ත කණ්ඩායමේ සත්කාරක ක්‍රීඩාංගණය ද වන නිසා, මේ පිටියේ පන්දුව හැසිරෙන ආකාරය පිළිබඳ මනා වැටහීමක් මෙන්ම ගුරුහරුකම් ද ලබා ගැනීමට හැකියි.
එමෙන්ම වේග පන්දු උපදේශක ලෙස කටයුතු කරන ඇලන් ඩොනල්ඩ් ද එංගලන්ත තණතීරු පිළිබඳ මනා වැටහීමක් ඇත්තෙකි.
ශ්‍රී ලංකාව 03 වැනිදා දකුණු අප්‍රිකාවට, 08 වැනිදා ඉන්දියාවට සහ 12 වැනිදා පාකිස්තානයට එරෙහිව තරග කරයි.
අපේ කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් තුන දිහා බලනකොට අද ඒ අයට අපට වඩා හොඳ වාර්තාවක් තියෙනවා. අපට හුඟක් ඉන්නේ තරුණ ක්‍රීඩකයන්. ඒ අය පහුගිය අවුරුදු දෙකක පමණ කාලයක් තුළ ශීග්‍රයෙන් උඩට ආපු ක්‍රීඩකයෝ. අනිත් පැත්තෙන් ඒ කාලය තුළ අපේ නැගිටීම් වගේම වැටීම් තිබුණා. අපි ඒවා වඩාත් හොඳින් හඳුනා ගත්තා. මම විශ්වාස කරන විදියට අපේ ක්‍රීඩකයන් ඕනෑම අංශයකින් තම තමන්ගේ දියුණුව මේ තරගාවලියේදී පෙන්වන්න උත්සහ කරාවි.
මොන දේ වුණත්, අපි යථාර්තවාදී වෙන්න ඕනෑ. අපි යන්නේ මේ ශුරතාව දිනා ගන්නවාම කියන කණ්ඩායම විදියට නොවෙයි කියන එක.
මෙහෙම යන එකත් එක අතකට හොඳයි කියලා හිතෙනවා. ලොව සුපිරිම ක්‍රීඩකයන් අතර තරග කරන එක අභියෝගයක් වුණත්, ඔවුන් නොසිතන වෙලාවලදී ඊට වඩා යමක් කරන්න අපේ අය දක්ෂයි කියන විශ්වාසය මට තියෙනවා. එහෙම බලනකොට අපි හොඳ තැනක ඉඳගෙනයි මේ තරගාවලියට එකතු වෙන්නේ.

බරටම තෑගි
මෙවර තරගාවලියේ දී හිමිවන සම්පූර්ණ තෑගි මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4.5 කි. එකී මුදල අවසන් වරට 2013 පැවැති තරගාවලියේ තෑගි මුදලට වඩා ඩොලර් ලක්ෂ පහක වැඩිවීමකි.
බ
ශූරයන්ට
අ. ඩො. මිලියන 2.2
අනුශූරයන්ට
අ. ඩො. මිලියන 1.1
අවසන් පූර්ව වටයේ කණ්ඩායම්
හතරට ඇ. ඩො. 450,000
තෙවැනි ස්ථානය දිනා ගන්නා
කණ්ඩායම් දෙකට ඩොලර් 90,000
සිවුවැනි ස්ථානයට පත්වන කණ්ඩායම්
දෙකට ඩොලර් 60,000










