
බන්දුල ජයමාන්න
ජනාධිපති කුසලාන පාසල් පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය 9 දා ලීග් රග්බි ශූරයන් වන රාජකීය සහ පළඟ ශූරතාව සඳහා පැවැති තරගාවලියේ අනු ශූරයන් වූ ධර්මරාජ විද්‍යාල අතර තරගයෙන් ආරම්භ වෙයි.
මෙම තරගාවලිය සඳහා පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතා කුසලානය සඳහා තරග කළ කණ්ඩායම් අතරින් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගත් කණ්ඩායම් හය සහ පළඟ ශූරතා තරගාවලියේ ශූරයන් හා අනුශූරයන් ජනාධිපති කුසලානය සඳහා මෙවර තරග වදියි.
අර්ධ අවසන් පූර්ව තරගවලින් මෙකී තරගාවලිය ආරම්භවන අතර, අවසන් පූර්ව සහ අවසන් මහා තරගයෙන් තරගාවලිය නිමා වෙයි. මීට පෙර වර්ෂවල පාසල් සත්කාරක ක්‍රීඩාංගණවල තරග පැවැති නමුත් මෙවර එකී ක්‍රීඩාංගණවලින් බැහැරව සුගතදාස සහ තුරග තරග පිටියේ පමණක් තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ලීග් ශූරතාවලියට තරග කළ පාසල් අතරින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටි රාජකීය, ඉසිපතන, ත්‍රිත්ව, වෙස්ලි, ශාන්ත ජෝශප්, ශාන්ත පීතර, සමඟ පලඟ ශූරතාවලියේ ශූරයන් වූ ශාන්ත අන්තෝනි සහ අනුශූරයන් වූ ධර්මරාජ කණ්ඩායම් මෙවර තරගාවලියට එක්වෙයි.
ගෙවී ගිය වසරේ ජනාධිපති කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට එක්වූ ශාන්ත තෝමස් සහ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ සහිරා මෙවර ජනාධිපති කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා නොගැනීමද කැපී පෙනේ.
ගෙවී ගිය වසරේ ලීග් සහ ජනාධිපති කුසලාන ශූරයන් වූ ඉසිපතන විද්‍යාලයට ලීග් ශූරතාව මෙවර මුලින් අහිමි වු අතර, ඒ නිසාම ඔවුන්ට ජනාධිපති කුසලාන තරගාවලියේදී ප්‍රබල අභියෝගයකට මුහුණදීමට සිදුව තිබේ. මේ අතර, ලීග් ශූරතාව දිනාගත් රාජකීය කණ්ඩායම ප්‍රබල ජවයකින් මෙවර ජනාධිපති කුසලාන තරගාවලියට එක්වීම සෙසු කණ්ඩායම්වලට අමතර අභියෝගයක් වී තිබේ. මෙවර ලීග් තරගාවලියේ මුල් අදියරේ ඉදිරියෙන් සිටි ත්‍රිත්ව කණ්ඩායම අවසානයේ තෙවැනි ස්ථානයට පත්වුවද, ඔවුන් ද වඩාත් විශ්වාසයකින් ජනාධිපති කුසලාන තරගාවලියට ඉදිරිපත්වීම, සෙසු කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයකි.
මෙකී කණ්ඩායම් ත්‍රිත්වයට අමතරව ලීග් තරගාවලියේ ඉදිරියෙන් සිටි වෙස්ලි, ශාන්ත පීතර, ශාන්ත ජෝශප්, පළඟ ශූරයන් හා අනුශූරයන් වූ ශාන්ත අන්තෝනි, ධර්මරාජ කණ්ඩායම් ද වැඩි විශ්වාසයකින් මෙවර තරගාවලියට ඉදිරිපත් වෙයි.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග
09 - රාජකීය - ධර්මරාජ
10 - ඉසිපතන - ශාන්ත අන්තෝනි
11 - ත්‍රිත්ව - ශාන්ත පීතර
12 - වෙස්ලි - ශාන්ත ජෝශප්
අවසන් පූර්ව තරග
17 - පළමු තරගය
අර්ධ අවසන් පූර්ව 01
අර්ධ අවසන් පූර්ව 04
18 - දෙවැනි තරගය
අර්ධ අවසන් පූර්ව 02
අර්ධ අවසන් පූර්ව 03
24 - අවසන් මහා තරගය
අවසන් පූර්ව තරගවල
ජයග්‍රාහකයන් අතර











