
ගුරු පාරේ දූවිලි අවුස්සමින් දඩබඩ ගා ගෙන කරත්තය ඇදගෙන ආ ගොනා, ඇර තිබූ කඩුල්ලෙන් හැරී මැද ගෙදර මිදුලේ, නතර වූයේය. එහි වැතිරී සිටින හාම්පුතාගේ සියලු දුක්ඛ දෝමනස්සයන් ගොනුගේ දෑස් තුළින් හඳුනාගත් ජයලතා ඉණට දෑත් ගසාගෙන දොරකඩට වී බලා සිටියා ය. පුන්නක්කු බාල්දිය ගොනා ළඟට කළ ජයලතා තම ස්වාමියා දැක ගස්සා ඉවත හැරුණා ය. සත්ත්වයා ගැන උපන් කරුණාව ස්වාමියා දැකීමෙන් වෙනස් විය.
ජයලතා ආපසු මුළුතැන්ගේ දෙසට පිවිසියා ය. බත් මුට්ටිය සුදු පෙණ දමමින් උතුරයි. ළිප තුළට වැටුණ පෙණ නිසා ගින්දර තිබෙයි. හනසු ආනෙන් හනස්සක් ඇදගත් ඕ ළිපට දමා ඇවිෙළන ගින්නට පණ පෙව්වා ය. සැමියා වත්තන් කරගෙන ගින්නට පණ පෙව්වා ය. සැමියා වත්තන් කරගෙන ගෙට ගෙන යාම ජයලතාගේ කාර්යභාරය වේ.
“ආවද ඕකා...? අදත් දපල ඉන්නෙ... සුරනිමලගේ මව එසේ කියමින් ලේලිය වෙතට හැරුණා ය.
“උඹටත් ලැජ්ජ තියෙන ගෑනියෙක් ද බං. සැමදාම මද්දහනේ පොල් පටවාගෙන කරත්තයෙන් යන සුරනිමල ගෙදර එන‍්නේ හොඳටම බීමත්ව හතර ගාතයෙනි. පුත්‍රයා රාජකුමාරයකු වී තමාගේ පැල්පත මාලිගාවක් කරන තුරු සාංඛෝ නෝනා බලා සිටියා ය. රාජකුමාරයා තට්ටු කරත්තය තුළ දපා ඉන්නා හැටි ඇයට පෙනේ.
“අනේ! අම්මේ, ඔය පැත්තෙන් අල්ලල ගෙට ගත්ත නං” ජයලතා තම නැන්දණියට පින් සෙණ්ඩු වූවා ය.
“උඹට නං ලැජ්ජ නෑ බං. දවසක් ද දෙකක් ද? මේ සුමේ, අන්න අර සුවාරිස්ටවත් කතා කරපන්. මට ඕවට ඔට්ටු වෙන්න දැන් හයිය නෑ.”
නැන්දණිය මුහුණ කොරහක් කරගෙන ආපසු හැරුණා ය.
“ජයලතා අක්කේ, හිටපං. මං එන්නම්.
සුවාරිස් ගිනි මද්දහනේ ම සරම කැහැපට කවාගෙන කම්බි වැටෙන් පැන ආවේ කඩිනමින් ය. ඔහු කරේ දමා තිබූ මේස් බැනියම ඔළුවෙන් රිංගවමින් කරත්තය ළඟට කිට්ටු කළේ ය.
“අම්මප මේ තිරිසන් සතා හිටිදාරනේ හිටගෙන ඉන්නව. මූට හිතක් පපුවක් නැද්ද මන්ද”
“නිලමෙ අයිය හොඳ මිනිහෙක් නැන්දෙ, මේව පොවන අයටයි සහගහන්ඩ ඕනෑ”
සුවාරිස් දෙදෙනාගේ ම මුහුණ දෙස බලමින් කීවේ ය.
සුරුස් ගාන පමාවෙන් සුවාරිස් ගොනා ලිහා හැරියේ ය. දරාගත් බරින් නිදහස් වූ ගොනා දෙහි ගහ යට වූ පුන්නක්කු බාල්දිය වෙතට කිට්ටු කළේ ය.
“ජයලතෝ, මෙහෙවරෙන් බං ගෑනියෙ, තමා කැඳවන හැම වාරයකදීම ජයලතා දිව එන්නේ කීකරු දාසියකු මෙන් ය. ඇයගේ තත්පරයක ප්‍රමාදයෙන් ගේ තුළ ඇති බිඳෙන බඩු, පියාඹන පීරිසි බවට පත්වෙයි.
“මුන්දැට පොල්කටුවලට තමයි දෙන්ඩ ඕනෑ. දැන් සේසත ම බිඳල ඉවරයි.”
අල්ලක් තරම් නැති පුංචි බිම් කොටසකට අසල් වැසි පුංචි බණ්ඩා සමඟ. නිරතුරුවම දබරයට පැටලෙන සුරනිමල වෙරි මත උත්සන්න වූ විට මහා කල කෝලාහලයක් පාරේ යන එන අය මඳක් නැවතී මේ දර්ශනය නරඹති.
දිරාගිය වැටක සිටුවූ ඉනි පෙළක් මෙන් අසල් වැසි ගැහැනු පිරිමි ඒ දෙස බලා සිටිති. පාසලේ සිට ගෙදර පැමිණෙන සුනිමල් පියාගේ විලාසයෙන් බියපත්ව පොත් ටික මේසය මතට වීසිකර කෑමත් නොකා ගම්මානේ ළමයින් සමඟ සෙල්ලමට යයි.
ගෙවත්තේ එළවළුවත් පලාවත් වගා කර කීයක් හෝ අතට ගන්නා ජයලතා උදේට ඒ සියල්ලම සැමියාට පුදන්නීය.
“තව නැද්ද කීයක්වත්?”
සුරනිමල දොරකඩ අවුරාගෙන සිටින්නේ කීයක් හෝ තවත් අත මිට මොළවන තුරු ය. පොඩි එකාට බනිස් ගෙඩියක් අරන් දෙන්නට, එය ඇය ඉනේ ගැට ගසාගත් සොච්චම් කාසියකි. අල්මාරියේ මුල්ලක චීත්ත පටවල් අතර ද ඇගේ කාසි එක් රැස් වී ඇත.
“හැම තිස්සෙම ඤං පචං ගාන එකමයි වැඩේ. ඊයෙ ලූල් මාළු වැලටත් වියදං උණා”
“ලූල් මාළු...? ඒව සන්කිරිස්තියන් බාස් නිකං දුන්න කියල නේද කිව්වෙ ජයලතා මොර දුන්නා ය. ඇය ද අරින්නේ නැත.
අල්මාරියේ මුල්ලක පරණ දිරාගිය රෙදි අතරේ සැඟවුණ කැටය අතට ගත් ඔහු එය සිමෙන්ති පොළොවේ අත ඇරියේ දේවාලේ ගලක් මත පොල් ගෙඩිය ගසන්නා මෙනි. කැටයේ සිර වී තිබූ හතර අතට නිදහස ලබා පෙරළී ගියේ නිලමේගේ මුව පුරා වූ කෝපය දෙගුණ තෙගුණ කරවමිනි.
“අහවල් එකකට රෙද්ද අස්සෙ ගහගෙන ඉන්නවද මන්ද. මං දරු පැටවුන්ට කන්ඩ හම්බ කරල දෙන්නෙ නෑ කියල හිතුවද?”
මේ සියල්ල අසා නිහඬව බලා සිටිනුයේ ජයලතාගේ නැන්දණිය යි.
“මේවට අම්මලත් වග කියන්න ඕනෑ. අම්මල හරියට දරුවො හැදුව නං මෙහෙම වෙන්නෙ නෑ”
ඇඟට පතට නොදැනී ජයලතා පවසද්දී සාංචෝ එය කාගෙන ඉවසා සිටියා ය.
සතියේ සෑම දිනකම උදය වරුවේ නිලමේ නිවසට එන්නේ ගොනාට කෑ ගසමින් පදමට වෙරි වී ගෙන ය. ළිපේ වෑංජන තවම ඉදෙයි. කරවල හොද්ද නම් ළිපෙන් බෑවා විතරයි. සුරනිමල බැන බැන අවුත් මුළුතැන් ගෙය දොරකඩ අවුරා සිට ගත්තේ ය.
“තව ඩිංගයි”
ජයලතා හෙමින් පැවසුවා ය.
“ඔය තියෙන්නෙ”
සුරනිමල කරවල ඇතිළිය ඔසවා ඇගේ හිසට වත් කරද්දී ජයලතා අහකට පැන්නා ය. ඒ සැෙණන් කතා නායකයා දරගොඩට යට වී තිබූ මන්නය ද රැගෙන මිදුලට බැස්සේ ය. නිවෙස්වලින් ඉදෙන වෑංජන සුළඟට එක්වෙයි. පියසි අගින් දුම් ඉහළ නගියි. උයන පිහන වේලාව ළං වී තිබුණ ද ඒවා අමතක කර දමා ගැහැනු වැට ළඟට වී බලා සිටිති.
ඒ සමඟම ගුරු පාරේ දූවිලි නංවමින් ආ ජිප් රථය එක්වරම බ්‍රේක් පාරක් ගසා නතර කළේ ය. ජයලතාගේ සිත සන්ත්‍රාසයෙන් ඇලළී ගියේ ය. බීගත් සැමියා පිහිය වනමින් දබරයට ගොස් ඇත. ඔහුව අල්වාගෙන ජීප් එකේ දමාගෙන ගියොත් පොලිස් කූඩුවට දමනු ඇත.
පොලීසියේ රාළහාමි ජීප් රථයෙන් ඉදිරියට එයි. තරබාරු දේහයෙන් යුත් ඔහුගේ දරදඬු පෙනුම ඇගේ බිය සැක දෙගුණ තෙගුණ කරවීය. මහලු මාතාව ගැහෙන හදවතින් යුතුව පපුවට අත තබා ගත්තා ය. සුරනිමලගේ අතේ වූ පිහිය ලෙස්සා ගොස් බිමට වැටුණේ ඉබේම ය. ලිහිල් වී බිම වැටෙන්නට ගිය සරම එක් අතකින් ද වැටේ වූ එඬරු අත්ත අනිත් අතින් ද අල්ලා ගත් නිමල උමතු සිනාවකින් තමා ඉදිරියට එන පොලිස් භටයාට සංග්‍රහ කළේ ය.
“රාළහාමි... රාළහාමි”
හෙතෙම මෝඩ සිනාරැල්ලක් දෙතොලට නැංවූයේ ය.
“අනේ! රාළහාමි, ජයලතා දෝත එක්කර ඔහුට වැන්දා ය.
“සුරනිමල, අපි ආවේ බේත් බඩුවක් හොයාගන්න”
“මේ... නීරමුල්ලිය ටිකක්...”
රාළහාමි සුරනිමල හා බෙහෙවින් කුළුපගව සිටියේ බොහෝ ඈතක සිට ය. පොලීසියේ නිලධාරි මහතුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර දීමට හෙතෙම නිතරම සැදී පැහැදී සිටියේ ය. අදත් පොලීසියේ රාළහාමිලා දැක දැක ද සුරනිමලට ඒ තරම් තැති ගැන්මක් ඇති නොවූයේ සබැඳියාව නිසා ම බව අහල පහළ අය ද දැන සිටියෝ ය.
“ආ! යමු යමු”
නිලමේ ජීප් රථයට ගොඩ වැදුණේ බිය සැකයකින් තොරවය, හැමෝ ම මේ දර්ශනයෙන් බියට පත්වූයේ සුරනිමලව ජීප් රථයෙන් කැඳවාගෙන ගියේ කූඩුවට දැමීමට යයි සිතූ නිසා ය.
“ඒත් ඔය මිනිහට දෙකක් ඇනල කූඩුවෙ දැම්ම නං තමයි හොඳ...”
ජයලතාගේ යටි සිතට නැඟුණ ද ඒ සැනෙන් තම සැමියා පිළිබඳ අනුකම්පාව ද ලියලා වැඩෙයි.
දිනෙන් දිනම ජරාවාස වී යන මේ මහ ගෙදරට සුරනිමලගේ සහෝදරියන් ද වැඩිපුර නොඑන්නේ ඔහුගේ බේබදුකම නිසා බව ජයලතා දැන සිටියා ය.
මධ්‍යම රාත්‍රිය පසු වුව ද නිලමේ ආපසු නො ආවේ ය. බල්ලන්ගේ උඩු බිරුම් හඬ ගංගොඩ දෙසින් ඇසේ. ඔත්පලව සිටින මහලු පියාගේ කෙඳිරිලි හඬ ද, රාත්‍රි කාලයේ නිහැඬියාව මැද සවන් වැකෙයි.
එක්වරම ඇසුණ රිය හඬින් නිවැසියෝ ඒ දෙසට සවන් යොමු කළහ. අඳුර අතරින් ගෙය දෙසට පියමන් කළේ තම සැමියා බව ජයලතා වහා අඳුනා ගත්තා ය. පොඩි එව්වෝ නොකා නොබී නින්දට වැටී සිටියහ. රාත්‍රි කාලයේ වැස්ස නො අඩුව ම ලැබිණි. දිරා ගිය පොල් අතු ගෙබිමට වැටෙන දිය පාර දෝරේ ගලා යමින් තිබිණ.
සුරනිමලගේ එක් අතක විස්කිරිඤ්ඤා පොදියකි.
“පුතේ, පුතේ, නැගිටල කාහල්ල” හේ නිදා සිටි දරුවන් අවදි කරවයි.
“උන් හාමතේ නිදි”
ජයලතා මුවින් නොබැන කෝපයෙන් පසුවන විට සාංචෝ පුත්‍රයා දෙස නොමනාපයෙන් බලමින් පිළිතුරු දුන්නා ය.
“අනේ සාදු, එවන්නෙ නැතුව ටික දොහකට කූඩුවෙ තියාගත්ත නං තමයි හොඳ”
ජයලතාට සැමියා සමඟ එකටෙ’ක කීමට මෙසේ දිරියක් ලැබුණේ දරුවන් කෑම නොකා නිදාගත් නිසා ය.
“මං හිටියෙ කූඩුවෙ කියල හිතුවද?” පොලිසියෙ ලොකු මහත්තයගෙ ගමනක එක්කං ගියා...”
සුරනිමල වචන පෙළ ගස්වන්නේ කුඩා දරුවකු මෙන් ය.
“පොඩි උන්ටත් මොනවහරි අරන් යන්න කියල දුන්න”
“අනේ වැඩ රාජකාරිවලට අරන් යන්ඩම මිනිහ. පොලීසියෙ මහත්තුරුන්ගෙ මොළේ හොඳ නැතුව ද කොහෙද?”
අනේ! මේ ගෑනියෙ කට වහගෙන හිටහං. මං ගැන නොදන්න කිසි කෙනෙක් මේ ගම් තුලානෙ නෑ. මේකෙ සමහර එවුන් මං ගැන දන්නෙ නෑ.
රෝගී වූ පියාගේ කැස්ස බලවත්ව නැගී එයි. දොට්ට පිලට පවා යා ගත නොහැකිව එක තැන පසුවන පියාගේ බර ඉසිලිය යුත්තේ සුරනිමල විසින් ය. එහෙත් සාත්තු සප්පායම් අඩුවක් නොකර ඔහුව රැක බලා ගැනීමට නැන්දණිය ද ජයලතා ද පොහොසත් වූහ. සුරනිමල දොරකඩ හිටගෙන දොර රෙද්ද මෑත් කර පියාගේ ඇඳ දෙසට දෙනෙත් හෙළුවේ ය.
“මොකද දොරකඩ හිටගෙන දොර රෙද්ද මෑත් කර පියාගේ ඇඳ දෙසට දෙනෙත් හෙළුවේ ය.
“මොකද දොරකඩ හිටගෙන දොර රෙද්ද අස්සෙන් බලන්නෙ නිලි අහුවෙනවද තාත්තගෙ කාමරේට ගිහින් සාත්තු සප්පායමක් කළොත්...?
පියාගේ දිරාපත් සිරුර හැමදාම දුටුවත් වෙනස් නොවෙයි. අඩියක් පෙරට තබා හෙමින් හෙමින් පියා වෙතට පියවර තැබූ සුරනිමල පියාගේ කට දෙකෙළවරින් බේරෙන කෙළ තලිය පිස දැමුවේ ය. ඔහුට පියාගේ පාලන සමය සිහියට නගෙයි. උදේට කෝටුවක් ද අතැ’තිව තමා පසු පසින් පැමිණෙන පියා ආපසු හැරී යත්ම පොත් ටික පින් ළිඳ ළඟ තබා දංගොල්ලේ සෙල්ලමට වැටුණ හැටි ඔහුට මතක් වෙයි. ජිනේ, සෝමෙ ආදීහු එතැනට රැස්වෙති. යළිත් ඔවුන් ආපසු යන්නේ පාසල ඇරෙන වේලාවට ය. රුක්අත්තන ගහ පියමන් කර යනවිට වැවට උඩින් ඇති දේවාලය පෙනේ. උදේ පාන්දර වැවේ නිසල දියට ගල් කැටයක් දමා විසිරී යන දිය රැල්ල දකින විට කොලු රංචුවේ සිත් සසල වෙයි. ඔවුහු දේවාලය ළඟින් යන පාර දිගේ ගොස් සොරොව්ව අසලදී නතර වෙති. නුග ගස්වල වැල් ගස් වටා එතී ඇත්තේ දරන ගසා ගත් නාගයන් පරිද්දෙනි. පොත් ටික රබර් පටියෙන් සිරකර තබන ඔවුහු ඒ වැල්වල එල්ලී දියට පනිති. මද්දහනේ දේවාලය වටා වූ ගල්පොත්ත අවට ඇති පොල් කෑලි උලා කමින් දිවා කාලය ගෙවා දමති. ගල්ලෑලිවල ලියන ලද දෙයක් සොයා බලන්නට කිසිෙවක් නැත.
අතීත සිදුවීම් සිතුවම් පටක් සේ ඔහු ඉදිරියේ දිග ඇරී යන්නට විය. දර ඉපලක් සේ කර්කශ වූ දුබල සිරුරෙන් යුත් පියා වැල් කැඩුණ ඇඳේ සැතපී සිටියි. පළාතම දෙදරා යන වෙරි මතේ හයියට පියාගේ දෙනෙත් විවර වී හෘදය ස්පන්දනය වැඩි වෙයි. කඳුළු දහරාවත් කුහර පෑදුණ ඇස් වටය දිගේ බේරී අවුත් හිස තබා ඇති කොට්ටය තෙමී යයි.
පසුගිය දින කිහිපය පුරාම නොකඩවා ඇද හැලුණ ධාරානිපාත වර්ෂාව නිසා කරත්තය මඩුවේ අලසව ඇත. සුරනිමල ඉස්තෝප්පු කුලුනට පිට දී බර කල්පනාවක නිමග්න වී සිටියි.
“මොකද උදේ පාන්දරම බුදු වෙන්ඩ ද පෙරුම් පුරන්නෙ? දැන් ඉතින් අකුලගෙන ඉන්න ඕනෑ. හම්බ කරපු තුට්ටු දෙක ගුබ්බෑයමට පූජා කළා...”
සුරනිමල සැනෙකින් අතුරුදන් වූවා සේ ය.
”අම්මේ, මේ මනුස්සය කොහාටද ගියේ?”
අන්න පැදුරු ආනෙ සල්ලි වගයක් එවල තිබුණා.”
පියාගේ ඇප උපස්ථානවලටය කියා වරින් වර දියණියෝ මුදල් එවති. එහෙත් ඔවුහු නිවසට ගොඩ නොවදිති. ඔවුන් පිට පාරෙන් ම මුදල් දී ආපසු යන්නේ සුරනිමලගේ චරියාව දකිනු නොරිසි වූ නිසා බව මව දන්නී ය.
“අනේ එයාලගෙ සල්ලි....? අල්ලල වීසි කරන්නෙ නැතුව මොනවට ද පැදුරු ආනෙ ගැහුවෙ...” අපි නැති බැරි කමට හිටියට උන්දෑව හාමතේ තියල නෑ.”
ජයලතා නැන්දණියට ඇසෙන්නට පැවසුවා ය. සුරනිමල වත්තේ තිබූ පුවක් ගෙඩි කිහිපය අහුලා ගෙන කඩ මණ්ඩිය දෙසට ඇදෙන අයුරු සංචෝ දුටුවා ය. යළි ආපසු පැමිණි සුරනිමල පියා දෙස බලා සිටියේ ය. මේ හුස්ම පොද ඉදිරි දිනයක හිටි හැටියේ නතර වනු ඇත. තාත්තාට මේ හුස්ම පොද නිදහසේ හෙළන්නට ඉඩ නොදුන් වසවර්තියා තමා යැයි මිනිසුන් පවසනු ඇත. මව ද පුතා ද පියා දෙස බලා සිටියහ. හුස්ම ඉහළ පහළ හෙළනවා දැයි ඔවුනට නොදැනිණ.
එය නම් අපූරු නිදහස් වීමකි. සාංචෝ එය දුටුවා ය. දෙදෙනා අතරින් එකකුවත් උඹ නො දකින් කියාගෙන නැත. රෑ දෙගොඩහරි ජාමේ අවදි වී බුලත් විට කොටා බෙදා දෙදෙනාම බුලත් හපය ඒ හක්කෙන් මේ හක්කට රෝල් කරමින් කතා බහේ යෙදෙති. කලින් අවදි වූ තැනැත්තා උදෑසන කහට තේ හකුරු සමඟ ගෙන’වුත් අනිකා අවදි කරවයි.
සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට සාංචෝ උත්සාහ කළා ය. සුරනිමල තුෂ්ණිම්භූතව මරණ මංචකය වෙතට දෙනෙත් යොමු කළේ ය.
කාලය ගතවන්නට බොහෝ ඉඩකඩ ලබා දී තිබුණි. වැහිවලාවක් කඩා පාත් වූවා සේ වැඩුමලී බණ්ඩාර මැණිකේ හඬා ගෙන එහි පැමිණියාය. ඈ කෙළින් ම දිව්වේ පියා ළඟට ය.
“තාත්තේ, අපිව දාල ගියා ද තාත්තේ, දැන්වත් සැනසීමෙන් ඉන්නවද තාත්තේ”
මුළු ගමම දෙවනත් කරමින් ඇගේ විලාප හඬ නැඟී එයි. කිසියම් ආවේගයකින් මෙන් ඇය මොර දෙයි. හැමෝම ගල් ගැසී බලා සිටිති.
දඬු කඳන් වන් හස්තයකින් ඇගේ බාහුව අල්ලා ගත් වග බණ්ඩාර මැණිකේට දැනිණි.
“නවත්ත ගනින් උඹගෙ ඔය ගෝරනාඩුව. උඹල පැත්ත පළාතක ආවද. දැන් මෙතන බොරුවට බෙරිහන් දෙන්නේ බේබද්ද උණත් උඹලගෙ මලයණ්ඩි තමයි කැත කුණු අත ගාල සාත්තු සප්පායම් කෙරුවෙ”
“ඌට බුදු බවම අත්වෙන්ඩ ඕනෑ”
ප්‍රාතිහාර්යයක් සිදුවූ කලෙක මෙන් දියණිය මව දෙස බලා සිටියා ය. හඬමින් විලාප කියමින් තැවෙන්නේ තමා පමණක් බව ඇයට වැටහී ගොස් තිබිණ.
හැමෝම වැඩවල නිරතව සිටිති. පාර දෙපස ශුද්ධ පවිත්‍ර කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ද සුරනිමල ය.
“සුරනිමල උන්නැහෙ තව මොනවද කෙරෙන්න ඕනෑ”
හැමෝම ඔහුගෙන් උපදෙස් අසති. සුරනිමල ඩාබිඳු අතින් පිස දමන අයුරු බණ්ඩාර මැණිකේ දුටුවා ය. ඈ මඳ වේලාවක් ඒ දෙස බලා සිට සිය පියාගේ ඉහ ඉද්දරින් දැල්වෙන පොල් තෙල් පහනට තෙල් වත්කර පහන් සිළුව දැල්වූවා ය.