සුපිරි තරු | සිළුමිණ

සුපිරි තරු

ප්‍රශාන්ත ඇල්පිටිය

මෙවර අයි. සී. සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන සෑම කණ්ඩායමකම සුපිරිතම තරු රැසක්ම සිටිති. ඒ අතරින් ද සුපිරිම තරු අට මෙසේය.

 

හෂිම් අම්ලා (දකුණු අප්‍රිකාව)
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සන්සුන්ම ක්‍රීඩකයා ලෙසට සැලකෙයි. හිටපු නායකයෙකි. මෙවර අයි. පී. එල්. තරගාවලියේදී කිංග්ස් යඪ පන්ජාබ් වෙනුවෙන් විශිෂ්ට ශතක දෙකක්ම රැස් කළේය.

උපත 1983 මාර්තු 31, පිතිහරඹය දකුණතින්, පන්දු යැවීම දකුණත් මද වේග, එක්දින ජාත්‍යන්තර තරග වරම 2008, තරග 150, ලකුණු 6880, වැඩිම 159, සාමාන්‍යය 50.21, ශතක 24, අර්ධ ශතක 31, උඩ පන්දු 75.

 

බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)
තුන් ඉරියව් හපනෙකි. මෙවර අයි. පී. එල්. තරගාවලියේදී රයිසින් පූනේ සුපර් ජයන්ට් වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීය. තරගාවලියේ වීරයාත් විය. ඔහුගේ උපන් රට නවසීලන්තයයි. ඔහුගේ පියා නවසීලන්ත රග්බි ලීග් හිටපු ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙකි.

උපත 1991 ජුනි 04. පිතිහරඹය වමතින්. පන්දු යැවීම දකුණත් මද වේග. එක්දින ජාත්‍යන්තර තරග වරම 2011. තරග 53, ලකුණු 1244, වැඩිම 101, සාමාන්‍යය 29.61, ශතක 01, අර්ධ ශතක 09, උඩ පන්දු 25, කඩුලු 46, හොඳම 61 - 5, සාමාන්‍යය 37.91.

 

ඩේවිඩ් වෝනර් (ඔස්ට්‍රේලියාව)
වත්මන් ජාතික කණ්ඩායමේ උපනායකයාය. ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකි. මෙවර අයි. පී. එල්. තරගාවලියේදී සන්රයිසර්ස් හයිදරාභාද් වෙනුවෙන් නායකත්වය දරමින් විශිෂ්ට දස්කම් දැක්වූයේය. 2016 දී ඔස්ට්‍රේලියානු එක්දින ජාත්‍යන්තර නායකත්වයත් දැරීය.

උපත 1986 ඔක්තෝබර් 27. පිතිහරඹය වමතින්, පන්දු යැවීම දකුණත් පා දඟ. එක්දින ජාත්‍යන්තර තරග වරම 2009. තරග 93, ලකුණු 3946, වැඩිම 179, සාමාන්‍යය 44.84, ශතක 13, අර්ධ ශතක 16, උඩ පන්දු 42.

 

මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව)
හිටපු නායකයෙකි. ජාත්‍යන්තරව මේ වන විට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් එක්දින ජාත්‍යන්තර වැඩිම ලකුණු ගණනක් රැස් කර ගෙන සිටින පිතිකරුවාය. මෙවර අයි. පී. එල්. තරගාවලියේ අනුශූරතාව හිමිකරගත් රයිසින් පූනේ සුපර් ජයන්ට් වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වීය.

උපත 1981 ජූලි 07, පිතිහරඹය දකුණතින්, පන්දු යැවීම දකුණත් මදවේග, වෙනත් කඩුලු රැකීම, එක්දින ජාත්‍යන්තර තරග වරම 2004. තරග 286. ලකුණු 9275, වැඩිම නොදැවී 183, සාමාන්‍යය 50.96, ශතක 10, අර්ධ ශතක 61, උඩ පන්දු 269, ස්ටම්ප් 94, කඩුලු 01, හොඳම 14 - 1, සාමාන්‍යය 31.00

 

ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)
මේ වන විට ජාත්‍යන්තරව ක්‍රීඩා කරන පන්දු යවන්නන් අතරින් වැඩිම එක්දින කඩුලු ගණනක් දවා ගත් ක්‍රීඩකයාය. පසුගිය වසරේ වැඩි කාලයක් ආබාධ නිසා ක්‍රීඩා කළේ නැත. නමුත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ ශූරයන් වූ මුම්බායි ඉන්ඩියන්ස් වෙනුවෙන් ක්‍රීඩා කළේය.

උපත 1983 අගෝස්තු 28, පිතිහරඹය දකුණතින්, පන්දු යැවීම දකුණත් වේග. එක්දින ජාත්‍යන්තර තරග වරම 2004. තරග 191, ලකුණු 475, වැඩිම 56, සාමාන්‍යය 7.08, අර්ධ ශතක 01, උඩ පන්දු 28, කඩුලු 291, හොඳම 38 - 6, සාමාන්‍යය 27.77 කඩුලු (05) - 07.

 

 

රොස් ටේලර් (නවසීලන්තය)
වත්මන් නවසීලන්ත ජාතික කණ්ඩායමේ අත්දැකීම් බහුලතම සහ සුපිරිතම පිතිකරුවාය. හිටපු නායකයෙකි. මුලින්ම නිරත වූ ක්‍රීඩාව වූයේ හොකීය. අර්ධ සැමෝවා සම්භවයක් සහිතය.

උපත 1984 මාර්තු 08. පිතිහරඹය දකුණතින්. පන්දු යැවීම දකුණත් පිට දඟ. එක්දින ජාත්‍යන්තර තරග වරම 2006. තරග 184, ලකුණු 6196, වැඩිම නොදැවී 131, සාමාන්‍යය 43.63, ශතක 17, අර්ධ ශතක 34, උඩ පන්දු 116.

 

ෂකිබ් අල් හසන් (බංග්ලාදේශය)
වත්මන් ක්‍රිකට් ලොව සුපිරිතම තුන් ඉරියව් හපනාය. 2009 - 11 බංග්ලාදේශ එක්දින ජාත්‍යන්තර නායකයාය. ඔහුගේ තුන් ඉරියව් දස්කම් මත බංග්ලාදේශ පිලේ මෙම තරගාවලියේ සාර්ථකත්වය රඳා පවතිනු ඇත. උපත 1987 මාර්තු 24. පිතිහරඹය වමතින්. පන්දු යැවීම වමත් දඟ පන්දු. එක්දින ජාත්‍යන්තර තරග වරම 2006. තරග 170, ලකුණු 4790, වැඩිම නොදැවී 134, සාමාන්‍යය 34.96, ශතක 06, අර්ධ ශතක 34, උඩ පන්දු 41, කඩුලු 221, හොඳම 47 - 5, සාමාන්‍යය 28.54.

 

ෂොයිබ් මලික් (පාකිස්තානය)
යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් වැනි සුපිරිතම තරු යුගලයේ සමු ගැනීම නිසා මලික්ගේ වගකීම තවත් වැඩි වී තිබේ. මේ වන විට එක්දින ජාත්‍යන්තර තරගවලට සහභාගි වන පැරැණිතම ක්‍රීඩකයාය. හිටපු නායකයෙකි.

උපත 1982 පෙබරවාරි 01, පිතිහරඹය දකුණතින්, පන්දු යැවීම දකුණත් පිට දඟ, එක්දින ජාත්‍යන්තර තරග වරම 1999, තරග 247, ලකුණු 6711, වැඩිම 143, සාමාන්‍යය 35.50, ශතක 09, අර්ධ ශතක 39, උඩ පන්දු 89, කඩුලු 153, හොඳම 19 - 4, සාමාන්‍යය 38.40.

 

 

Comments