
ප්‍රශාන්ත ඇල්පිටිය
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි. සී. සී.) විසින් ක්‍රිකට් කණ්ඩායම් සහ ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වලට ලක් කරයි. ඒ ඔවුන් ජාත්‍යන්තර තරගවලදී දක්වනු ලබන දක්ෂතා අනුවය. ඒ අනුව එක්දින ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අදාළව මේ වන විට දක්ෂතම පිතිකරුවා වන්නේ දකුණු අප්‍රිකානු නායක ඒ. බී. ඩි. විලියර්ස්ය. දක්ෂතම පන්දු යවන්නා වනුයේ එරටේම ඉම්රාන් තාහිර්ය. ලොව සුපිරිතම තුන් ඉරියව් හපනා ලෙසට බංග්ලාදේශයේ ෂකිබ් අල් හසන් තවදුරටත් මුල් තැන සිටියි.
එහිදී ඒ. බී. හට ප්‍රසාද ලකුණු 875 කි. අයි. සී. සී. ශ්‍රේණිගත කිරිම්වලදී ඒ. බී. ගේ උපරිම ප්‍රසාද ලකුණු ගණන වූ 902 වාර්තා වූයේ 2015 වසරේදීය. ඒ. බී. දකුණත් පිතිකරුවෙකි. ඉම්රාන් තාහිර් දකුණත් පා දඟ පන්දු යවන්නෙකි. ඔහුට ප්‍රසාද ලකුණු 750 කි. ඔහුට මේ වසර මුලදී ලකුණු 786 ක් තිබුණි. වමතින් දඟ පන්දු යවමින් වමත් පිතිහරඹයේ නිරත වන ෂකිබ්ට ප්‍රසාද ලකුණු 377 කි. ඔහුගේ උපරිම ප්‍රසාද ලකුණු වූ 453 වාර්තා වූයේ 2009 වසරේදීය.
මෙම නවතම ශ්‍රේණිගත කිරිම්වලට අනුව හොඳම පිතිකරුවන් 20 අතරට එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හෝ අයත් නොවීම විශේෂත්වයකි. එහිදී ශ්‍රී ලංකාව හිමිකර ගත් ඉහළතම ස්ථානය වන අංක 26 නායක ඇන්ජලෝ මැතිව්ස්ටය. ඔහුට ලකුණු 607 කි. ඔහුගේ උපරිම ලකුණු ප්‍රමාණය වූ 707 හිමිකර ගත්තේ 2014 වසරේදීය. මෙම නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ දෙවැනි තැන කුසල් මෙන්ඩිස්ටය. ඔහු අංක 33 රැඳී සිටින්නේ ලකුණු 580 ක් හිමිකර ගනිමින්ය.
පන්දු යවන්නන් අතරින් ශ්‍රී ලංකාවේ උපරිම දක්ෂතාව සුරංග ලක්මාල් සහ නැවතත් මැතිව්ස්ටය. දකුණතින් මද වේග පන්දු යවන ලක්මාල්ට අංක 23 හිමිය. ඔහුගේ උපරිම දක්ෂතාවයත් වන එහිදී ඔහුට ලකුණු 563 කි. මැතිව්ස් ලකුණු 509 ක් හිමිකර ගනිමින් අංක 42 සිටියි. ඔහුගේ උපරිම දක්ෂතාව 2013 වසරේදී ලකුණු 649 ක් හිමිකර ගැනීමයි.
තුන් ඉරියව් හපනුන් අතරත් හොඳම 10 සිටින එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වනුයේ මැතිව්ස් පමණකි. අංක 04 හිමි ඔහුට ලකුණු 309 කි. ඔහුගේ උපරිම ලකුණු ප්‍රමාණය වූ 427 හිමිකර ගනු ලැබුවේ 2014 වසරේදීය.
Top 10 පන්දු යවන්නෝ
ලකුණු
1. ඉම්රාන් තාහිර් (දකුණු අප්‍රිකාව) 750
2. මිචෙල් ස්ටාර්ක් (ඔස්ට්‍රේලියාව) 701
3. ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය) 697
4. සුනිල් නාරායින් (බ.ඉ කොදෙව්) 690
5. කාගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව) 686
6. ජොෂ් හේෂල්වුඩ් (ඔස්ට්‍රේලියාව) 684
7. ක්‍රිස් වෝක්ස් (එංගලන්තය) 630
8. ෂකිබ් අල් හසන් (බංග්ලාදේශය) 627
9. මොහොමඩ් නබි (ඇෆ්ගනිස්තානය) 622
10. මැට් හෙන්රි (නවසීලන්තය) 619
Top 10 තුන් ඉරියව් හපනුන්
ලකුණු
1. ෂකිබ් අල් හසන් (බංග්ලාදේශය) 377
2. මොහොමඩ් හෆීස් (පාකිස්තානය) 353
3. මොහොමඩ් නබි (ඇෆ්ගනිස්තානය) 330
4. ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව) 309
5. ජේම්ස් ෆෝල්ක්නර් (ඔස්ට්‍රේලියාව) 308
6. මිචෙල් මාර්ෂ් (ඔස්ට්‍රේලියාව) 282
7. ජේසන් හෝල්ඩර් (බ.ඉ කොදෙව්) 286
8. බෙන් ස්ටෝක්ස් (එංගලන්තය) 260
9. ක්‍රිස් වෝක්ස් (එංගලන්තය) 258
10. රවීන්ද්‍ර ජඩේජා (ඉන්දියාව) 255
Top 10 පිතිකරුවන්
ලකුණු
1. ඒ. බී. ඩි. විලියර්ස් (දකුණු අප්‍රිකාව) 875
2. ඩේවිඩ් වෝනර් (ඔස්ට්‍රේලියාව) 871
3. විරාත් කෝලි (ඉන්දියාව) 852
4. ජෝ රූට් (එංගලන්තය) 792
5. ෆැෆ් ඩු ප්ලෙසි (දකුණු අප්‍රිකාව) 781
6. කුයින්ටන් ඩි කොක් (දකුණු අප්‍රිකාව) 780
7. මාටින් ගප්ටිල් (නවසීලන්තය) 777
8. බාබර් අසාම් (පාකිස්තානය) 762
9. කේන් විලියම්සන් (නවසීලන්තය) 757
10. ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව) 733










