සඳ මත පිටසක්වළ ජීවීන් ...? | සිළුමිණ

සඳ මත පිටසක්වළ ජීවීන් ...?

 පෘථිවියට අයත් චන්ද්‍රයා මත අසාමාන්‍ය ව්‍යුහයක් ඇති බවට තොරතුරු හෙලිවී තිබේ. එම අසාමාන්‍ය ව්‍යුහය පිටසක්වළ ජීවියකුට අයත් කිසියම් වස්තුවක්ද යන සැකය විද්‍යාඥයන් අතර මතුව ඇත. සැකයට තුඩු දෙන ව්‍යුහය සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගත හැකි වී ඇත්තේ අමෙරිකාවේ නාසා ආයතනය සඳෙහි කක්ෂය වෙත යොමු කරන ලද රොබෝ ක්‍රියාකාරිත්වයක් ඇති යානාවකිනි. ඉන් ලබාදුන් ඡායාරූපවල යටකී ව්‍යුහය සටහන්ව ඇත. යානය පසුගිය හත් වසර පුරාම සඳ කක්ෂයෙහි රැඳෙමින් නාසා ආයතනයට තොරතුරු ලබා දුන් බවත් වාර්තා වේ.

අසාමාන්‍යය ව්‍යුහය, තැටියක ස්වරූපය ගත් එකකි. එය සඳ මතුපිට විවිධ ස්ථානවල තිබී ඡායාරූපවලට හසුව ඇත. එහි අරුත අසාමාන්‍යය ව්‍යුහය ගමන් කරන එකක් බවය. විටෙක එය සඳෙහි පෘෂ්ඨයෙන් ඉහළට එසවී තිබෙන ආකාරයක් දැක්වෙන ඡායාරූපත් විද්‍යාඥයන් අතට පත්ව තිබේ. මේ තොරතුරු සියල්ල පදනම් කරගෙන විද්‍යාඥයන් පවසන්නේ එය පිටසක්වළ ජීවියකුට අයත් චලනය වන කිසිවක් විය හැකියැයි කියාය.

මංජුලා විජයරත්න

Comments