නව නිපැයුම් ප්‍රදර්ශනයක් | Page 2 | සිළුමිණ

නව නිපැයුම් ප්‍රදර්ශනයක්

 කාර්මික තාක්ෂණ ආයතනයේ තාක්ෂණ සහයෝගිතාව මත පෞද්ගලික ව්‍යවසායකයන් විසින් සිදු කරන ලද නිර්මාණ ප්‍රදර්ශනයක් 25 වැනිදා උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.

දේශීයව නිපදවන ලද යන්ත්‍රෝපකරණ, නිමි නිෂ්පාදනය සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය මේ ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහි විශේෂත්වය වන්නේ මේ සියල්ල කාර්මික තාක්ෂණ ආයතනයේ උපදේශනය මත දේශීය තාක්ෂණය යොදාගනිමින් කරන ලද නිමැවුම් වීමය.

බොහෝ රූපලාවණ්‍ය ආලේපන, ෂැම්පු හා ඕඩිකොලෝන් වැනි දේ නිෂ්පාදනය අප රටේ සිදු කරන නමුත්, ඒ සඳහා අවශ්‍ය උපකරණ අප රටේ නිපදවෙන්නේ නැති අතර, කාර්මික තාක්ෂණ ආයතනය මඟින් ලබා දෙන කාර්මික සහයෝගිතාව මත එවැනි උපකරණ අප රටේ නිපදවීමට පෞද්ගලික ව්‍යවසායකයන් කටයුතු කර ඇති අතර, එම උපකරණ සහ තවත් එවැන නව නිපැයුම් රැසක්ම මේ ප්‍රදර්ශනයේදී දැකගැනීමට මහජනතාවට අවස්ථාව සලසා තිබේ.

Comments